Posts

If it's gone !.......

Image
සරා ගිය සිත් අහසක පුරා ඇඳි සිතුවම නුඹ  දරා ගෙන මං මාව ම  සොයමි තවමත් නුඹවම.......... එදා දවසක හමුවුණ  පමා වී ආ සෙනෙහස සදා සුසුමක ලියවුණ මෙමා කවියකි මියැදුණ............ අමා සුවයක රසඳුන  අමාවක සඳවත නුඹ  පතා සසරේ ඔබවම  ඉතින් යන්නට අවසර....................... ✒️ Semini Danthanarayana  25/11/4    00:54  # If it's gone,  It's also love ! ❣️  Treasure it forever......

ඈ මෙන් මා ....... 💗

Image
  එදා ටීච අපිට ආදර්ශයක් වුණා.... අද ටීච වගේම මම ත් කන්න බොන්න දෙනවා මගේ ආදරණීය students ලා ට.... මගේ පංතිය වෙලාවෙ මම ටීචට යැවූ පින්තූරයක් ඒ. ටීචත් ඒ වෙලේ ටීචගේ ළමයින්ට තේ දීලා...... මේවා අහම්බකාරක සිද්ධි !.....

One day !

Image
 මං මේ කතා කරන්නෙ කාටවත් නෙමෙ.  මම මේ නිකන් ඔහේ ලියන්නෙ.....ඒ නිසා මේකෙ කිසිම ආමන්ත්‍රණයක් නෑ...... මෙහෙම ලිව්ව ඒව අනන්තයි මගෙ ළඟ..... ඔන්න ඉතින් , පෙරේදා ත් පාඩම් කරල, මගෙ වැඩ කරලා නිදා ගන්න කොට 12 යි. ඊයෙත් පාන්දරම යන්න වුණා.  උදේ අපෙ meeting campus එකෙ 7.30. ඒ නිසා ගෙදරින් ගියෙ 6.30. ඊටපස්සෙ දවසෙම lectures . ඊයෙ ගෙදර ආවෙ හවස 5 / 5.10 ට මට මතක හැටියට..... ඊටපස්සෙ හැමදාම මහන්සි යනකල් මම වාඩිවෙලා ඉන්න තැනම ටිකක් වැතිරුණා...... ඊටපස්සෙ SLBC එකෙ වැඩ වගයක් තිබ්බ ඒ ටික කරා. ඊටපස්සෙ  අම්මා ආවා...... අම්මට හොදටම උණ.  උණ කියන්නෙ සහලෝල උණ.....පණ නෑ ඇබිංදක්වත්...... ඊටපස්සෙ අම්මට කිරි හදල දීලා, මගෙ කිරි එකත් නිවෙන්න තියලා  දඩි බිඩියෙ වැඩ පටාන් ගත්තා....... අපි බේත් ගන්න අපෙ rukmalgama ඩොක්ට uncle ඊයෙ නෑ. ගෙදර rapadine ඉවර වෙලා. Ammata උණ හොදටම නිසා Rapadine බොන්න ඕනෙ. පෙනඩෝල් මදි.  මම අර මගෙ වැඩෙ ඉවර වෙලා 6. 44 ට ගියා කඩේට. හංදියෙ ෆාමසි.  විනාඩි දෙකෙන් ගෙදර ආවා...... එතකොට අම්මා දොයි.... ඔෆිස් එකෙන් එනකොට අම්ම පෙනඩෝල් බීලා. ඒ නිසා ආයෙ බොන්න තිබ්බෙ රෑ 10 ...

විජ්ජා උප්පතතං සෙට්ඨා !

Image
පළමු දිනය 💗  මට හරි පුදුමයි අද වැඩසටහන සහ පිළිවෙළ ගැන.   මම අවංකවම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.........මම හිතන් හිටියට වඩා හැමදේම මාර වෙනස්. හරි standard !  මම හිතන්නෙ මේව සමාජගත විය යුතුයි නැවත.  මොකද මම ඉස්කෝලෙ ගිහින් ඉවර වෙච්චි ළමේක් විදිහට සහ සමාජය තුළ  මම විශ්වවිද්‍යාල පද්ධතිය මේ මෑත කාලීනව දැක්කේ දියාරුවක් ලෙස. ඒක ලංකාවෙ මෑත කාලීනව වුණ පරිහානිය සමග මාධ්‍ය ඔස්සේ සහ හැම අතින්ම සමාජ ගත වූ දෙයක් ....... මාත් ඒ අනුව හිතන් හිටියෙ ඇතුළෙ තත්වයත් ඒ වගෙම ඇති කියල........ එහෙම හිතාගෙනයි මම අද ඇතුළට ගියෙ.  Agenda එක දැක්කම මම මුලින්ම හිතන් හිටියේ අද කතා බතා දිගට දිගට අහන්න වෙන දිගට ඇදෙන දවසක් වෙයි කියල..... එහෙම හිතන් මම ඇතුළට ගියෙ.............. අනේ දෙයියනේ !  ගියාට පස්සෙ නෙ හැමදෙයක්ම තේරුණේ......පූර්ව නිගමන සියල්ල වැරදියි........... ලස්සන welcome එකක් තිබුණා. හැමදේම පිළිවෙලයි. ජරාවෙලා නැහැ. හොඳ ට clean තිබ්බා. ඒ තමා පෙනුම. මාර නිදහස් සුවයක් සනීපයක් දැනුණා......... ඊටපස්සෙ බලනකොට මට පෝලිම වැරදිලා මම hostel පෝලිමෙ හිටියෙ. එවෙලෙ මම hostel වෙන්න ඇති ක...

සුරතලී....💗

Image
 " හුළඟට වැලි කඳුවල හැඩේ වෙනස් වෙනවා. ඒත් කාන්තාරේ වෙනස් වෙන්නේ නෑ.එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගෙයි. “ “The Alchemist”  -Paulo coelho -  ලාලනය කියන්නේ සුරතල් කිරීම. ලාලසාව කියන්නේ මහත් වූ ආශාව. සු+ රත්> සුරත් - මහත්සේ ආශා හිතෙන/ ඇලුණු. එයට අල් යන ස්වාර්ථයේ ප්‍රත්‍යය එකතුවී, සුරතල් යන්න සැකසේ. මහත්සේ ආශා හිතෙනා යන්නයි එහි අරුත....... ජීවිතේ අපේ හිත් හැම මොහොතකම කැමති ලාලනය වෙන්න. සරලවම කිව්වොත් කවුරුත් ආසයි හුරතල් වෙන්න. ඒකට වයස් භේදයක් නැහැ. හැම කෙනෙකු තුළම සඟවා ගත් හුරතලයක් , ලාලනයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපේ මමත්වය ඒක එළියට පෙන්වන්න කැමති නැහැ. හැමෝම හුරතල් වෙන්නෙ එකම විදිහට නොවෙන්න පුළුවන්.  කෙනෙක් ඒ හුරතලය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී, තව කෙනෙක් එය රහසින් විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ විඳීම තුළත් තියෙනවා ප්‍රකාශිත හුරතලයට වඩා සොඳුරු සුරතලයක්... ආදරයක්, ප්‍රේමයක් පමණක් නොව ඕනෑම බැඳීමක් ශක්තිමත් වන්නේ මෙකී සුරතල් ස්වභාවය මතයි. අපගේ අව්‍යාජ, නිර්ව්‍යාජ, අවංක, සැබෑ ස්වරූපය විවෘතව විඳින්න, දකින්න පුළුවන් කෙනෙකු තුළ පමණයි අපට සැබෑ සැනසීම හිමිවන්නේ. සැමිය...

Teachers' Day 2024

Image
  තමා නැණ තරිඳු කිරණින් උදම් කළ පෙමා දී වඩා සතොසින් කැකුළු පෙළ යොමා නෙතු බලා පෙර මග කළ උදුල නමා දණ මෙමා නමඳිමි පා කමල... 2024/10/06  Se.Ka ✒️💗

Great mentors 💗

Image
  උත්පල මලින් නැණ ගුණ රස සුවඳ විඳ, ඉඳුනිල් මිණෙන් මනුසත් බව ඉගෙන  සොඳ.... වසන්තයක ආසිරි ලබමින් නිබඳ,  ගලයි ගඟක් නිසලව  සතොසින් සබඳ........ Ps.  " කිසිවෙකු කිසිවෙකුට සමාන නොවේ යැයි ඔබ කියයි !  නමුදු, එවන් අසමාන ලොවක,  විරලත්වය සමාන වූ, අසම සම බව සමාන වූ අය මම දුටිමි....."  They are rare ! Because they are real ! Im so fortunate to meet such great mentors in my life.........  They will never be the same to anyone ! But their qualities are same ..... I admire them a lot ! Because They made me who I am today & what I will tomorrow..........  God gifted me the best out of the rest ! Sometimes God comes to people in human form. Or they gift people like God to us, because God cannot be with us all the time. These are such godlike people, who shaped me well.....  Love you all to the moon and beyond !  I am forever grateful to all of you !... Sending a big Thanking Hug on this teachers' day , to my special mentors.... Gratitude tur...

තුරු.....

Image
  රෑනයි කිතුල් පසෙකින් එය                      විසිතුරු ය..... මාරයි අනෙක් පස නැගි තුර                        ඵල බරය.........  සාරයි නැණින් පීදුණු ගස                            ගරු සරුය........ බෝමයි වසත් හද දිනු දන                  මනහර ය............... 24.09.16 ✒️NARA

ළපටි සුහුඹුල් .........

Image
  ළපටි සුහුඹුල් සමනලුන්ට ත්  මානනා වෙඩි උණ්ඩ තියෙනා, අරුම ලෝකෙත් විරල මිනිසුන්  ඉන්න බව මට මෙයින් සිතුණා..... සිනිඳු පා පොඩි  රළු නොවන්නට  යනෙන මග මල්  සේල අතුරා, නේක විසිතුරු  පාට ලෝකේ  විසල් කොළයක  තබා ඇඳලා.....   දෑත දිගුකොට  ඈත මුහුදේ  සිතිජයේ ඉම  මෙයැයි පෙන්වා,  ඇදුරු සඳ මල්  කිණිත්තක් ගෙන, සෙත් පිරිත් පැන්  හදෙන් ඉස්සා......... සුඛී දීඝායුකෝ භව !....... 2024/sep/16 

ඔලු සිඳගත් දශක 7 ක්......

Image
  ඔලු සිඳගත් දශක 7 ක් !.. පසෙකින් ඩබ්ලිව්. යූ කුමුදුමාලී ය.  අනෙක් පසින් ඇසිලින් ධර්මරත්න ය.  මේ කතාව එම උදාර, විශිෂ්ඨ, උත්සහවන්ත දිරිය කතුන් දෙපළ ගැන නොවේ. මේ කතාව ඔවුන් පිටුපස සැඟවුණු ඔබේ ඛේදනීය හෙට දවස ගැනයි. මෙය දීර්ඝ ලිපියක් විය හැක. කියවනු රිසි දනෝ පමණක් බලන සේක්.  සිරස්තලය මෙසේය , " 97 අත්තම්මයි - 27 කුමුදුමාලී යි." දෙදෙනාගේ වයස් පරතරය වසර 70 කි. ඔවුන් දෙදෙනා අපට උගත්කමේ පාඩමක් කියා දී ඇත. නමුත් ඊට එහා ගොස් තෙවැනි ඇසෙන් බලන අයෙකුට මෙම සිරස්තලය දුටු විට  " අනේ හපොයි ! " කියා සිතෙන්නට පුළුවන.  "හැත්තෑ වසක් ඔබ එකම තැන නොවෙදැයි" කියා අසන්නට පුළුවන. කීප වතාවක් උසස් පෙළ කළ පසුව වුවද, නැත්තේ වුවද,  සාමාන්‍ය උපාධියක් හෙවත් General degree එකක් ගන්නා විට වයස 27 ක් 28 ක් වන රටක අපි වෙසෙමු. පළමු වර විශ්ව විද්‍යාල වරම් ලැබූ අයවලුන් පවා සිය අධ්‍යයනය කටයුතු නිමාවී වයස 26-27 ක් වී උපාධිය ලැබෙන තුරු උපාධි ප්‍රදානෝත්සවය තබන තුරු මග බලා සිටිනු අපි දැක ඇත්තෙමු.  කොළඹ පාසල් ගමේ පාසල් කියා වෙන් කළ රටක, කොළඹ පාසල් වලට එන්නේ ද ඈත පිටිසර ගම්බද සිට පැමිණෙන ළමුන් ය...

පුලා නිලුපුලෙව් දිගු නෙතිනි පැහැදුලා කළ ......🌷

Image
  දිසි දිය කුස සරනා සුර අසුර දස, මෙදිය ලෙවන් විස නොදනී මේ මසැස..... එබව දැනන් කරළිය වෙත ඇවිත් බැස,  නුවන් සේම නුවණැස රැක දෙව් සතොස...... විසල් අපුල් පිරි සිඳු රළ දළ සසල, සියල් විඳියි සොබනා ලෙස වෙමින් ලොල... සිහිල් සුවක් ඇති මුත්  උදදී මඬල, විපුල් පුබුදු නොම බැව් එහි ලොව පතළ....... ✒️Se.Ka  Semini Kavindya Danthanarayana  24/6/14✨

ඔසු.......💗

Image
  අල්පශ්‍රැත ව්‍යාධියට ප්‍රත්‍යක්ෂ ඖෂධීය පානයකි, පොත් සහ මිනිස් සමාජය...ඒ ද්විත්වයෙන් මා ලද අම මී බිඳු අතර, රහ උපරිම ලෙස වින්දනය කළ, රසාලිප්තව මධුර ලෙස දැනුණු, තත් භාව ප්‍රකාශනයේ අර්ථ ධ්වනි නිර්මාණශීලී ව ඇමිණූ, ඉසියුම් තැන් මේවා ය.... "මිනිසුන් වචන වැනිය, නෙක අරුත් මවයි...''  " අසත්‍යයේදී විචාරශීලි වියත් සභා මැද සමාජශීලී'' ......... "දැන උගත් ළෙංගතු මිතුරෙකු වන්න''! "නොගියොත් යළි ආ නොහැකිය, නෑවිත් යන්නට බැරිය, නොගොස් එන්නට බැරිය.....''  "පබ්බතට්ඨෝව භුම්මට්ටේ"  "ලෝකය මීට වඩා යහපත් වන අනාගතේ යම් දවසක, ඔබ එය මීට වඩා ආදරයෙන් කියවන බවද දනිමි...'' " වැඩක් වෙනුවෙන් කරුණු කටපාඩම් කරගන්න එපා. ජීවිතේ වෙනුවෙන් හැමදේම ඉගෙන ගන්න.එතකොට ඕනෙම තැනක දි උත්තරයක් තියේවි...'' "සන්තුට්ඨී පරමං ධනං" "කිසිවක් සිදුවී අවසන් වන්නේ නැත. සියල්ල සැමවිටම සිදු වෙමින් පවතියි..." " මං නැහැයි කියල මල් නොපීපී තියෙන්නෙ නැහැ"  " හැමදාම වහින්නෙ නෑ ලු. ආයේ පායනවලු, ආයෙ වහිනවලු....."  "මේඝය ඉදින...

විසල්.......

Image
 ග්‍රීක පුරාවෘතයන්හි දැක්වෙන,අපරාජිත යෝධයකු වූ ඇකිලීස්ට පවා, මෘදු වූත්, මරණිය වේදනා ගෙනදෙන්නා වූත්, ලක්ෂයයක් තම අමරණීය සිරුරෙහි විය. එසේම, වනස්පතියක වුව එතී යන සුළලිත වැල් ඇත..... එය, මහගමසේකර සූරීන්,  " ඕනෑම දැඩි හදවතක්, දයා දියෙන් ආර්ද්‍ර වී කඳුළු සලන මොහොතක් ඇත. එවිට එය අත්ළට ගෙන බලනු මැනව,මේ ලොව අන් කිසිවක් ඒ තරමට සුන්දර නැත....." ලෙස පැවසූ වදනට සමාන නොවෙදැයි මට සිතුණි...... වනස්පතියක එතී ගිය එබඳු ලතාවෙක, ළා දල්ලකින් පිනි පොද ක් සෙමෙන් සැලී, කඳුළක් සේ මිහිකත සිප ගනියි........  ලාහුගල වන අරණට පෙමින් බැඳී ඒ අසිරි විඳිමින් යනෙන අතර මඟ, ගුරු අමරදේව තුමන්ගේ මියුරු හඬින් ගැයෙන, තරු අරුන්දතී ගීය ඇසෙන සුන්දර සන්ධ්‍යාවක් මේ..... ගීතයේ එක් තැනකින් ඇසෙන මේ කොටස, "මඟ වනස්පති ලිය ළදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා"............ සවන් වැකුණු විගස,  මගේ හිත නතර වුණේ වනස්පතී ළඟ....... වනස්පතියක යනු මහා වෘක්ෂයකි, ප්‍රතාපවත්, ශක්තිමත්, පෞරුෂයෙන් හෙබි, අරෝහ පරිණාහ දේහ දාරී සිරුරින් යුතු, පිරිපුන් මනසකින් යුතු, දැවැන්ත පුරුෂයෙකු සේ,  වනස්පති, වනයට අධිපතිව වැඩ හිඳී....හේ සැබැවි...

My self......💗

Image
 ඉස්සර පුංචි පන්තිවල My Self ලියන කොට පටන් ගන්නෙ මෙහෙම.  " My name is ".... ඔහොම ලියල අන්තිමට මෙහෙම ඉවර කරනවා.  " My ambition is to be a .... " හුඟක් තැන්වල එහෙමයි. මම ලිව්වෙත් එහෙමයි. ප්‍රාථමික අංශයෙන් පස්සෙ කවදාවත් රචනාවකට මම My self ලියල නෑ. ළමයි ඔක්කොම වගේ එහෙම වෙන්ට ඇති සමහර විට. ඒ කාලෙ මං හිතුවා මම ඒ ලියපු රචනාව හෝ මං my self ගැන කරපු පුංචි කතා නිවැරැදි ඇති කියල, මට තරු ගොඩක් හම්බවුණ නිසා. ඒත් හත් දෙයියනේ, දැන් නෙ තේරෙන්නෙ ඒවට එක තරුවක් වත් දෙන්න බෑ කියල....... පුංචි ළමයි ඔක්කොටම ලස්සන ට my self ලියන්න පුළුවන් .  හැබැයි ඒක ට අඩිය තියන්න පොඩි තල්ලුවක් දෙන්ට වෙයි.... පුංචි කාලෙ My self මාතෘකාව ට මම ඇත්තටම දැනුයි my self ගැන , නැත්නම් මං ගැන ලීවේ. ඉතින් මේ තියෙන්නෙ මං ගැන. I am the who I am කියන්නෙ ඉතින් මේකට වෙන්ට ඕන මං හිතන විදිහට........................ My self 💗  ========== 'ප්‍රේමය' අනිර්වචනීය දෙයකි. ප්‍රේමයට ප්‍රේමය පමණක් ප්‍රමාණවත්ය.  එසේම, " ජීවිතය " ද මේ යැයි නිර්වචනය කළ නොහැක. එය පුද්ගලානුබද්ධය... මා දකින ජීවිතය හා මා විඳින ජීවිතය මෙන...

වාරේ........waare

Image
 එකම කෙනා වුණත් එක එක වෙලාවට පරිප්පු හොද්ද හදන විදිහ වෙනස් වෙනවා. හැමතිස්සෙම තෙල් දාලා පරිප්පු හදන්නෙත් නෑ, හැම තිස්සෙම කිරට විතරක් ම උයන්නෙත් නෑ. අන්න ඒ වගේ හැම තිස්සෙම මම ලියන දේවල් සාහිත්‍ය කොටස්, කවි කෑලි, දාලා ලියන්නෙ නෑ. සෝමරත්න දිසානායක මාමා ළමයි දාලා චිත්‍රපට හැදුවම මිනිස්සු හිතුවෙ ඒව ළමා චිත්‍රපට කියල. නමුත් පුංචි සුරංගනාවි, සරෝජා, ඉඳල ඒ හුඟක් කතා වලින් ළමයි යොදාගෙන ආමන්ත්‍රණය කරල තිබ්බෙ වැඩිහිටියන් ට. ඒක මිනිස්සු තේරුම් ගත්තෙ වෙන විදිහකට නිසා ජංගි හොරා ආපු ගමන් සෝමරත්න මාමා ගැන මිනිස්සු බැලුවෙ වෙනම කෝණයකින්. ඉතින් කොහොම වුණත් මම මේ කියන්න යන්නේ, අන්න ඒ වගේ එකම කෙනා වුණත් පරිප්පු හදන විදිහ එක එක දවසට වෙනස්.  ඒ හා සමානයි මගේ ලිවීම....මම හැමදාම ලියන මේ පුංචි පුංචි දේවල් එකම ආරකට මම ලියන්නෙ නෑ. අනික මම මේ ලියන්නෙ ඔබට කියල මෙය කියවන ඔබ හිතුවට, මම මේ ලියන්නෙ ඔබට නෙමෙයි , මටම යි...... ඒ නිසා මෙහි දිග පළල තියෙන්නෙ මට ඕනෑ ලෙසටයි....... ඊයෙ හැන්දෑවෙ තමයි මට පුළුවන් වුණේ  " වාරේ " බලන්න... වාරේ ඔක්කොම මෙතෙක් විකාශය වූ සියල්ල, බැලුවා මම..........  අසේල සර් කියන්නෙ මගේ...

Dress to impress .......💗

Image
 Dress to impress..... Then you feel like a ginger in a tea cup! This is about life and ☕ tea...... Life and tea ; mouthwatering brew... Making tea is an art !... Life, much like a cup of tea, is a rich tapestry of flavors and experiences. Each moment, like a carefully selected tea leaf, contributes to the overall essence of our existence. When we dress to impress, we prepare ourselves to face the world, akin to brewing the perfect cup. But sometimes, in the hustle of life, we might feel like a ginger in a teacup—out of place yet uniquely ourselves. A steaming cup of tea represents warmth and comfort, inviting us to pause and savor the present. Just as tea can be enjoyed hot or cold, sweetened or spiced, life too offers a spectrum of experiences. The simple joys of a classic black tea can be transformed with a dash of vanilla, reminiscent of life’s unexpected delights. A sip of iced tea with a sprinkle of cinnamon and a hint of heat reflects the thrill of adventure and the spices o...

මගේ ජීවිතේ හෘද ස්පන්දනය...

Image
වස්සානෙන් පසුව, දෝන කමලාවතී සමඟ, මුළු හදින් මම ඇයට පෙම්කොට, කැන්ඩි මහල් හි, කේමදාස සිංහාවලෝකනයේ ගීතාංජලී රසය විඳ, ප්‍රේමානිශංස ලැබුවෙමි. කමලාදාස් මං කැමතී නිල් අහසට බව දැන දැනම, අපරාධය හා දඬුවම අතර මා අතරමං කර, සන්ධ්‍යා තීර්ථයක මළගිය ඇත්තෝ සමඟ, ගෙත්තම්පාණට යැව්වාය. ඉන් පසු පිං ඇති සරසවි වරමක් ඉල්ලා, කොළපාට ඇස් ඇති තිහාතාට සුබ උදෑසනක් යැයි පවසා, මම මළවුන්ගේ අවුරුදු දා කැළලිකාරයින් අතරට පැන ආවෙමි. හෙට ඉරක් පායයි යන විශ්වාසයෙන් නැවත මම බලා හිඳිමි, චොකර්බාලි ත් මා හමුවීමට එන තුරු හිම කබායක් සමඟ අපරාජිතව............. ✒️2024/06/15 සෙනසුරාදා  Se.Ka. 🌺🌺 #තාත්තා ගෙන්  තෑග්ගක් මට....... #හරිම සතුටුයි හිතට #සරසවි එක හොඳ වෙලාවට ළඟ තිබ්බෙ. නැත්නම් තනියම යන්න දෙන්නෙ නෑ 😅.  #මේ ඔක්කොම අද ගත්ත පොත් list එකෙන් ලිව්ව නිසඳැසක්...😅.. #අද නම් ශෝක් දවස💯 #Im satisfied today. #පොත් හැර වෙන සතුටක් කොහිද මිහිමත....... #A great day ✨❣️ #වෙනදට හැමදාම මාසයක් ගානෙ පොත් ගත්තත් අද වගේ විශේෂයක් දැනිල නෑ.  #අද නම් ශෝක් දවස....💯

අසංගත........!

Image
සංගත රාමුවක් තුළ වැඩ කරන එකත්,  රාමුවක් තුල සංගතව වැඩ කරන එකත් දෙකක්......! මේක හරි ලස්සන කලාවක් මිත්‍රයා......... අසම්මතය අපි විසින් සම්මත කර ගත් දෙයක් වුණාම, එතන ස්වයං විසංවාදයක් ගොඩනැගෙනවා.  අන්න ඒ වගේ , අසංගත බව ඇතුළෙ තියෙන සංගත බව තුළින්ම අසංගත බව පුපුරා යනවා මිත්‍රයා...........💯

පිස්සෙක් ගෙ thinking 😅

Image
  Use this link and read 💗 https://www.facebook.com/share/p/qkv2mdUEezrapGTN/?mibextid=qi2Omg

ගිණි ඇවිලෙන විට....

Image
  ඔබ වෙනුවෙන් මා ගැයුවෙමි. මා සමඟම ඔබ ගයන්න !.....  දිනුවා යැයි අප සිතූවද අප දිනුවේ නැත. පරාජය වූවා යැයි සිතූවද, අප පරාජය වූයේද නැත. මිලේච්ඡත්වය හිණි පෙත්තට නැඟි අවධියක,රුදු මරණයේ ඉරණම්කරු වූයේ අනාගතයයි.අද, ඔබගේ ද, මාගේ ද අනාගතයට ඔවුහු එදා වෙඩි තැබූහ. නීතිය,යුක්තිය, සාධාරණත්වය ගිණිගත් එවන් යුගයක, ඉරිතලා බිඳ වැටෙන ඇතුළු හදෙහි කම්පනය, ගලා යන කාලයේ හා සමාජයීය වෙනස්කම් ප්‍රවාහය තුළ ජීවිතය විදාරණය වන අයුරු අවධාරණය කෙරෙන, වචනාර්ථ ඉක්මවූ අපූර්ව ප්‍රකාශන ගුණයෙන් යුතු නිර්මාණ බිහි විය.  ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෝ තමා ඉපදුණු මොහොතට වඩා යහපත් ලෝකයක් හෙට දවසේදී නිර්මාණය කරන්නට වෙහෙසුණි.ඒ අතර ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් ශ්‍රාවක ප්‍රේක්ෂක ඥාන මණ්ඩලය මෙන්ම භාව මණ්ඩලයද පෝෂණය කරමින් සමාජ යථාර්ථය නිර්භයව සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළේය. ඒ සියල්ලෙහි ආත්මීය රිද්මය ජනගත කිරීමට මාස්ටර් දැරූ උත්සාහයට සිය ජීවිතයම කැප කළ දැවැන්තයන් එකල සිටි බව වත්මනෙහි බොහෝ අය නොදන්නවා විය හැක.නමුදු කලාකරුවා තුළ අත්‍යන්තයෙන්ම ගැබ් විය යුතු නිර්භය බව, මානුෂීයයත්වය, එඩිතර බව ආදී සියල්ල මොනවට පසක් කළ ඔවුන් එදා කළ ඒ ...