Posts

Showing posts from October, 2022

ඔබ මෙන් කෙනෙකි මම...

Image
 ශේක්ස්පියර්ටත්, සේකරටයන්ටත්  අප්‍රමාණව ප්‍රේම කරමි......❤ මන්ද,  සංක්‍රාන්ති කලියුගයෙන් හෙල්ලුම්කන සමාජයක ගිලී ඒ යථාර්ථය දකින බැවිනි....  " ලෝකය රඟමඬලකි, අපි එහි නළුවෝ වෙමු, "  ඔව් ඔහු හරි.....  අද ලෝක මානසික සෞඛ්‍ය දිනය. ලෝකෙ වටේ විවිධ   උත්සව, සැමරුම්... *සියලු දෙනාගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවයක් බවට පත් කරන්න*” මෙවර තේමාව.  මේ ළඟඳි, ඔක්තෝබර් 01, ජාතික ළමා දිනය.  *සිනහ දකින අපේ ලොවක්* එහිත්  තේමාව.... " සිටියෝ විසිත්ත කාමරයෙහි, කලු කබා , මහත ටයි.... සිටියෝ මෝරපු ගැහැණු , බලමින් නෙත් කොනින් ගර්වයෙන්..... ඔහුත් හරි..... *පබ්බතට්ඨො'ව භුම්මට්ඨෙ*.... මටත් සිතුණි... සිනහසෙන්නට අකමැති ලෝකයක,  කුමන සැමරුම් ද.... සියල්ලෝ මිනී මරුවෝය,  ඇසි පියෙන් පවා ඝාතනය කරන.... යන එන හැම තැන... තවකෙක්ට සතුටක් දෙන්නට නොදනී කිසිවෙක්.... " *සන්තුට්ඨී පරමං ධනං*.... කථික තරඟයෙන් පළමුවැනි ළමයා කියනු ඇසුණි....  සමාජය ට ළමයින් සොයා ගැන්ම පහසුය.... එහෙත්, ළමයින් හට, සමාජයක් සොයා ගන්නේ කෙසේද ?... බතක් වතක් ගෙයක් දොරක් , ලද පමණින්...

ළමා දිනේ ...

උදෑසන අටට ළං වත්ම, තවත් පුටුවකුත් රැගෙන, ගියෙමු ඇයත් මාත්,  පිරී ගිය ශාලාවට... යන විට අතරමගදී , දුටුවෙමු ගුරුතුමියක්, ළමා දිනයට යනමුත්,  සිනාසෙන්නට නොමදත්...... අපි සිනාසුනමුත්, ඇගේ මුව හිස් විය... ඇය කිසිදු දිනකදි,  මා හා සිනාසෙන්නේද නැත.... හේතුවක් නොදනිමු,  කම් නැත,  ළමා දින සැමරුමට යමු....! ශාලාව හිස් ගොඩකි, නැග්ගෙමු බැල්කනියට, සිහිල් පවනක් හෝ නැති... එතැනද පිරී ගොස් ය, අසුනකට ඉඩ නැති මුත්,  උත්සවය ඇරඹුණි... අපි දෙදෙන, දුටුවෙමු වහලේ සිවිලිම,  අලංකාර විදුලි බුබුළු, නිළ ඇඳුම් වල පිටුපස, පළමු අංගය ලෙස..... නැග්ගෙමු එකම පුටුවට,  ඇයත් මමත් එකවිට,  දුටුවෙමු දෙවැනි අංගය,  පවන් පොදකින් තොරවම.... වේදිකාවක් මත,  ළමා ගුරුතුමියක්, සිඟිති දූවරු ටිකක්, ළං කරන් රැඟුමක්... එය දුටුව මොහොතෙම, වැටුණා කඳුළු කැටයක්.... නොවූ කිසි කලෙකත් , ඇත්තටම මෙතුවක්, වේදිකාවෙදි මෙන්,  ළං කරන් නැත කිසිවෙක්... කොතෙක්  ආදරෙ මුත්,  අපට එය දැනී නැත, ලොකු දුරස් බවකින්,  සියලු ගුරුවරුන් ඇත... ළය පුරා රිදුම් දෙන, අහිංසක දුකක් එය..... ඒ කෙසේ වූවත්,...