ඔබ මෙන් කෙනෙකි මම...
ශේක්ස්පියර්ටත්, සේකරටයන්ටත් අප්‍රමාණව ප්‍රේම කරමි......❤ මන්ද, සංක්‍රාන්ති කලියුගයෙන් හෙල්ලුම්කන සමාජයක ගිලී ඒ යථාර්ථය දකින බැවිනි.... " ලෝකය රඟමඬලකි, අපි එහි නළුවෝ වෙමු, " ඔව් ඔහු හරි..... අද ලෝක මානසික සෞඛ්‍ය දිනය. ලෝකෙ වටේ විවිධ උත්සව, සැමරුම්... *සියලු දෙනාගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවයක් බවට පත් කරන්න*” මෙවර තේමාව. මේ ළඟඳි, ඔක්තෝබර් 01, ජාතික ළමා දිනය. *සිනහ දකින අපේ ලොවක්* එහිත් තේමාව.... " සිටියෝ විසිත්ත කාමරයෙහි, කලු කබා , මහත ටයි.... සිටියෝ මෝරපු ගැහැණු , බලමින් නෙත් කොනින් ගර්වයෙන්..... ඔහුත් හරි..... *පබ්බතට්ඨො'ව භුම්මට්ඨෙ*.... මටත් සිතුණි... සිනහසෙන්නට අකමැති ලෝකයක, කුමන සැමරුම් ද.... සියල්ලෝ මිනී මරුවෝය, ඇසි පියෙන් පවා ඝාතනය කරන.... යන එන හැම තැන... තවකෙක්ට සතුටක් දෙන්නට නොදනී කිසිවෙක්.... " *සන්තුට්ඨී පරමං ධනං*.... කථික තරඟයෙන් පළමුවැනි ළමයා කියනු ඇසුණි.... සමාජය ට ළමයින් සොයා ගැන්ම පහසුය.... එහෙත්, ළමයින් හට, සමාජයක් සොයා ගන්නේ කෙසේද ?... බතක් වතක් ගෙයක් දොරක් , ලද පමණින්...