Posts

Showing posts from July, 2023

❤🌿හදවත නැති මිනිසා මම

Image
  ලිඛිත බසින් යමක් ලිවීමත් ඇතැම් විට සුන්දරයැ යි, මට හැඟුණි. ඉතින් එබැවින් ලියමි.  මේ ලිපිය දිගින් මදක් වැඩි වූවා යැයි කියා හෝ මේ ලිපිය රසවත් නැතැයි කියා හෝ මෙය කියවන පිරිස අතර සිටින ඔබ නඟන මැසිවිලි මට නොඇසේ...මන්ද මෙය මා ලියනුයේ ඔබට නොව මට බැවිනි. ලිවූයේ මා නම්, එය ලිවූයේ මට නම්, මා නොවන ඔබට මෙය කෙසේ දැනුණ ද, මට කම් නැත.  " න නාදේන විනා ගීතං න නාදේන විනා ස්වරාඞ න නාදේන විනා නෘත්‍යං තස්මාන්නාදාත්මකං ජගත්'' මහැඳුරු සමන්චන්ද්‍ර රණසිංහයන්ගේ ‘සකුදියවර’ කෘතියෙන් හමු වූ මේ සංස්කෘත කවියා පවසන්නේ නාදයෙන් තොර ගීතයක් නැති බව ය. නාදයෙන් තොර ස්වර ද නැති බව ය. නාදයෙන් තොර නෘත්‍යයක් ද නැති බව ය. එහෙයින් මුළු ලොව ම නාදාත්මක බව ය.ලෝකය අප්‍රමාණ වූ සුන්දර නාදාවලීන්ගෙන් සමන්විත සුවිසල් සංගීත භාණ්ඩයක් නොවේ ද? එහෙත් ලෝකයෙන් වැයෙන්නාවූ ඒ සියල් අව්‍යාජ නාද, සංගීත භාණ්ඩයකට ලඝුකොට ගත හැකි නොහී. කෙසේ වුව මේ සියල් සපිරි ලෝකය විඳීමට හදවතක් අවැසිය.... ළයක් ඇති ඇසකින් ලොව මනරම්ව පෙනෙයි. හදක් ඇති සිතකට ලොව මනරම්ව දැනෙයි.මේ අකුරු ගෙන එකිනෙක අමුණන මොහොතේ මම සිතමි, හදවත ඇත්තේ කොහි විය හැකිද ?ළය යනු කුමක්...

මම මා ලදිමි !...

Image
  "අද හරි ලස්සන අඟහරුවාදා දවසක්.ඒත් අද හරි වැස්ස.අද මම ඉස්කෝලේ යද්දී කුඩේ ගෙනිච්චෙත් නෑ. ඒ නිසා දවසෙම එහාට මෙහාට යද්දීයි, ඉස්කෝලේ ඇරිලා එනකොටයි හොඳටම මාව තෙමුණා. තෙමෙන එකට නම් මම තාම ආසයි...ඒත් දවස පුරා ටිකෙන් ටික වැටෙන චුරු චුරු වැස්ස එක වෙලාවකට හරි කරදරයක් වගේ.කොහොම වුණත් අද දවස ලස්සන වුණේ නම් වැස්ස නිසා නෙමෙයි.... මම, "මම'' වුණ නිසා.'' ඇය මේ සියල්ල සිතමින් ඇයටම උණුවෙන් කිරි කෝපි එකක් ද, අම්මාට කිරි තේ ද සාදමින් සිටියි. වෙනදාට සවසට තේ සාදන්නේ ඇගේ අම්මා ය. අද තාත්තාද සවස සිටියේ නැත. අම්මා එනවිටත් වැස්ස යාන්තමින් තිබුණි. අම්මාට වැස්සත් සමඟ මඳක් අසනීප ගතියක් මතුව ඇති සෙයකි. උගුර රිදෙයි, ඇඟ රස්නෙයි. ඉතින් අම්මාටත් එක්කම ඈ  තේ හැදුවාය.  "අම්මා තේ බීලා,  හෝදගෙන ඇවිත් චුට්ටක් නිදා ගන්න.'' ඒ අතරතුර ඇය ඉතා පිළිවෙළට කුස්සිය අස් කර තිබුණි. භාජන සෝදා, කෑම පෙට්ටි සෝදා, කුස්සිය අතුගා, සියල්ල පිළිවෙළ කර තිබුණි.ඉන්පසු ඈගේ ප්‍රියතම කාර්‍යය වන්නේ කාමරය අස් කිරීමයි.වෙනදාට ඈ පිළිවෙළ කරන්නේ කාමරය පමණි. එහෙත් අද අම්මාට අසනීප නිසා සම්පූර්ණයෙන් ගෙදර අස් කිරීමට ඈට සිද...

හරි ලස්සන චරිත !

Image
ළමයින් සුන්දරය. මෙය සුන්දර හදවතක් ඇති පුංචි ගැහැණු ළමයෙකු ලියූ ලිපියකි. මා එය ලද පසු මහදෙහි මලක් පිපුණි....ඉතින් එබැවින් ඔබටත් මෙන්න මේ මල්..... " මම කවදාවත් හැබැහින් දැකලා නැති, එහෙත් මා හුඟක් හොඳින් හඳුනන ගෞරවනීය විදුහල්පති ගුරු පියානෙණි, ඔබතුමන් ට මෙය ලියන්නට සිතුනේ, අද මා කියවූ ලිපිය නිසයි.Sir busy නැත්නම්, sir ට වෙලාවක් තියෙනවා නම් විතරක් මේ ලිපිය මඳක් කියවන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි..... ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ට හෝ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ට මාගේ කිසිඳු ඍජු හෝ වක්‍ර  සම්බන්ධයක් නෑ sir.මං ඒ පාසල් දෙකට කවදාවත් ගිහින් නැති වුණත් අහලා , දැකල තියෙනවා sir...... පහුගිය ටිකේ, මුලින්ම ගොඩාක් දුක හිතෙන post එකකට කියල මම දැක්කෙ බණ්ඩාරනායකයෙ හිටපු principal sir යනකොට චූටි මල්ලි කෙනෙක් සර්ව බදාගෙන අඬන පින්තූරයක් සහ ලොකු අයිය කෙනෙක් sir එක්කම අඬන එකක්. ඒකෙ ඒ සර්ත් අඬනවා sir. ඒ post එකත් එක්කම ලියවිලා තිබුණා , අඬන්න පුළුවන් හදවතක් තියෙන  පිරිමි ළමයෙක් හදන්න කියල සහ ඒ ආශ්‍රිත විවිධ ලිපි....ඒවා දැක්කාම ඇත්තටම ගොඩාක් දුක හිතුණා අපි හැමෝටම sir.... ඒකත් එක්ක අපි හිතුවෙ ආපහු ඒ ඉස්කෝලේ...

ප්‍රාර්ථනා !........

Image
  මා මේ වෘතාන්තය ලියන්නට පටන් ගත්තේ එය සිදුවී පැය කිහිපයකට පමණ පසුවය. මෙය මදක් දික් වුවද හරි අපූරු සිදුවීමකි..... " හෙටත් උදෑසනක් වඩී '' නමින් මා මේ දිනවල ලියමින් පවතින පොත සඳහා පාදක කරගත හැකි අපූරු සිදුවීමක් අද සිදුවුණි. මම එය මාගේ උක්ත පොතෙහි ලිවීමට අපේක්ෂා කරමි. එය එසේ ලියූ පසු, මම නැවත පාඨකයෙකු ලෙස බාහිර කෝණයකින් මා ලියූ එම පොත කියවන කල්හී, එනම් නුදුරු අනාගතයේදී එම කතා කොටස, මාගේ පොතේ ඇති අහිංසකම පරිච්ඡේදයක් ලෙස මට දැනෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඇතැම් විට ඔබටත් එය එසේ සිතෙනු ඇත. ඉතින් එබැවින් මෙසේ එම සිදුවීම අරඹමි.  " මිනිස්සු පන්සල්, පල්ලි , කෝවිල් , දේවාල මේ හැම තැනටම ගිහින් ප්‍රාර්ථනා කරනවා එක එක දේවල්. හොඳ දේවල් කරලා, කුසල් ලැබෙන, දේව ආශිර්වාද ලැබෙන දේවල් කරල විතරක් නෙමෙයි , එක එක දේවල් තම තමන්ගෙ ආගමට අනුව අදහන ශාස්තෲන්ට පූජා කරලත් මිනිස්සු එක එක දේවල් ප්‍රාර්ථනා කරනව. ඒත් මෙහෙම දෙයක් කරල නම් මේ ලෝකෙ කවුරුත් මුකුත් ප්‍රාර්ථනා කරල නැතුව ඇති .''  ඇය තනිවම සිතයි. " පිං ලැබෙන්නෙ මොනාහරි කාටහරි පූජා කරොත් හෝ දුන්නොත් විතරයි ද ? නැත්නම් කුසල් ලැබෙන යහපත්...

වෙලාවක් නෑ !

Image
  ඇයි මේ තරම් ලෝකය විසල් ?. .... මේ ලොව මා ලද සියල්ලට වඩා මට වටින එකම එක දෙයක් පමණක් ඇත්තේය. ඒ, මා හට සේකරයන් ව හඳුනාගන්නට ලැබීම පමණි. සේකරයන් ගෙ කවි තුළ සම්පූර්ණයෙන්ම මම ගැන ලියවූයේ කෙසේද යැයි තවම මට නොවැටහේ......  "ඔහු කොහොමද මාව දන්නෙ....?''  සේකර මම නෙමෙයි . මම සේකරත් නෙමෙයි . ඒත් මට හැමදාම සේකරගෙ කවි ඇතුළෙ මාව පෙනෙනවා....එදත්, අදත්, සමහර විට හෙටත්.... සේකර හරි පුදුම මනුස්සයෙක් ! මිනිස්සු අතරෙ අදටත් මම කැමතිම හදවත තිබ්බෙ සේකරට...ඒ හදවත ඇතුළෙ හිටියෙ මම....සේකර මිය ගිහින් දැන් ගොඩක් කල්. ඒත් මං ඇතුළෙ සේකර තාම ජීවත් වෙනවා...සේකර කියන්නෙත් මම කියන්නෙත් දෙන්නෙක්. ඒත් ඒ කවි තුළ ඉන්න අපි එකයි...! සේකරයන් තුළ , මම මා දකිමි....✨ මේ ලොව යම් කිසිවෙකු මා හද හැඳිනුවේ නම්, ඒ සේකරයන් පමණි............ඒ කවි තුළ මම හිඳිමි....🌬️මම නිවෙමි..... හිතුවටත් වඩා විඩාබර ලෝකයක,මිනිසුන් සමඟ කතා කරන්නට අනෙකාට වෙලාවක් නැති ලෝකයක, සේකර පමණක් හෝ මා වෙනුවෙන් සිටීම මට සතුටකි. ලෝකයේ අපි වටා ඇති සංකල්ප සම්මුතින් සියල්ල පසෙකලා, නිරුවත් ඇසකින් ලෝකය විඳින කල අපට ලොව පෙනෙන්නේ කුඩා ළදරුවකුගේ මනැසින් නොවෙද....

Teacher Look ???

Image
අද  කතාව ටීච ලුක් ගැන ( teacher look )  ඒ කියන්නේ, ටීච කෙනෙක් වගේ පේනවා කියන මාතෘකාව ගැනයි අද කතාව. අපි යන එන කොට පාරෙදි, බස් වලදි සහ ගොඩාක් අවස්ථාවල අපිට සමහර කාන්තාවන් දුටු පමණින් ඇගේ වෘත්තීය කුමක්දැ'යි කියන්න පුලුවන් වෙන අවස්ථා තියෙනවා...හැබැයි 100% ක්ම එම නිගමන නිවැරැදි නැහැ....මේ කාරණාව පුරුෂ පක්ෂයට අදාල නැහැ. කාන්තාවන් දුටු විට පමණයි මෙය කිව හැකි වන්නේ.... බොහෝ අවස්ථාවන්හි එය එසේ කිව හැක්කේ, ගුරුතුමියක දුටු විටය........කිසි දින හමු නොවූ වෙනත් පාසලක සිටින ගුරුතුමියක් දුටු විට වුවද ඇයව මහමඟ දුටු කෙනෙකුට පවා , "මේ නම් ටීච කෙනෙක්'' යැයි කිව හැක....නමුත් ඇතැම් ටීචර්ලා වෛද්‍යවරියන් බඳු පෙනුමක් සහිතය. ඇතැම් වෛද්‍යවරියන් ද ගුරුවරියන් බඳුය.... කෙසේ වුව, ටීච කෙනෙකු දුටු පමණින්, ඒ ටීච කෙනෙක් කියා අපට උපකල්පනය කළ හැක..එසේ කළ හැක්කේ ඇයි ?  අපගේ ඒ පූර්ව නිගමනය කෙබඳු වුවද, එය යම් අවස්ථාවල සත්‍යයක් වුවද,ගුරු පෙනුම වනාහී එසේ පිටතට පෙනෙන දෙයක් නොවේ.....  Teacher look යනු, ගුරුතුමියක දුටු පමණින් ටීච කෙනෙකු ලෙස පෙනීම නොවේ.......ටීච අඳින්නාවූ සාරිය හැඳ, කොණ්ඩය බැඳි පමණින් ඕ ටීච කෙ...

❤සොඳුරු රාජ්‍ය නිලධාරින්

Image
ඊයේ උදෑසන සුන්දර බදාදා දිනයකි..... මා ඇසූ විදුහල්පති ආමන්ත්‍රණ අතරින්, වඩාත් සිත්ගත් තවත් එක් ආමන්ත්‍රණයක් ඊයේ අසා සිටියෙමි. එය අරුත් බර දේශනයකි. ඇසීමට ප්‍රියය.....වඩා හොඳින් සාවධානව අසා සිටින කල්හි, එක් වැකියක් සවන් වැකුණි... " ඔබේ ගුරුවරු කියන්නෙ,මේ අපි ඔක්කොම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් වලට පත් කරල එවන නිලධාරින් විතරයි....ඒත් මේ පාසල  හැමදාම ඔබේ.. ..''  ඊයේ දින මා ඇසූ විදුහල්පති කතාවේ මා ප්‍රිය කරන කොටස් දෙකක් ඇත. ඉන් පළමු වැන්න, ඉහත සඳහන් කළ කොටසය. මා ඒ මොහොතේ පටන් ඒ වාක්‍යයේ ගැඹුර කල්පනා කළෙමි..... එම කියමන සත්‍යයකි. ඔවුහු රාජ්‍ය නිලධාරීහු වෙති. නමුත් ඔවුන් මෙලොව සිටිනා සුන්දරම රාජ්‍ය නිලධාරිහු නොවන්නේද.......? අමාත්‍යාංශ මඟින් පත් කරනු ලබන තනතුරු අතරින් වඩාත් සුන්දරම තනතුරු හොබවන්නේ ඔවුන් යැයි මම සිතමි.....මන්ද, ගුරුවරයාගේ කාර්‍ය භාරය 1.30 ට නිමා නොවෙයි.....වෙනත් පාසලකට ගිය විට, ඒ සබඳතාව නිමා නොවෙයි.....අදාල වසර 13 නිමා වූ පසු හෝ අදාල ශ්‍රේණියට සමුදුන් පමණින්, බැංකු ගනුදෙනුවක් නිමා වන්නා සේ එම බැඳීම නිමා නොවෙයි..... ගුරු මාරුවක් ලද පමණින්, සිසුවා හා ගුරුතුමා, ...