ඈත කන්දේ ගසක් සිටුවමි........... මිනිස්සු හිතන විදිහ අනුව, මේ ලෝකෙ මොන තරම් නම් ආදරණීය තැනක් කරන්න පුළුවන් ද ?.... අයිති කර ගැනීමක් ගැන බිඳක් වත් නොහිතා ආදරේ ගැන විශ්වීය සිතින් හිතන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනව ද..... හැබැයි අපි හිතන විදියට ඒ හැමදේම වෙනස් වෙන්නෙ නැහැ. මොකද ජීවිතේ කියන්නෙ සැලසුම් කරන දේකට වඩා අහඹු දේවල් පිරුණු තැනක්. ඇයි මම එහෙම කියන්නෙ?...... අපේ හිතට දැනුණු කෙනා ඉන්නෙ කොහෙද, ජාති ආගම් කුල මල බේද, වත් පොහොසත්කම් මොනවද, මේ කිසිම දෙයක් දන්නෙ නැතුවම, හිතට දැනුණ කෙනා, හැමදාම අපි දකින්න ඕනෙ කියල හිතුවට, සමහර විට, ආයේ කවදාවත් ම අපිට මුණ නොගැසෙන තරම් දුරස් වීම් ජීවිතේ ඇතුළෙ පිරිල තියෙන නිසයි, මම එහෙම කියන්නෙ...... හැබැයි ඒ හැමදාටම අපිට, අපි ආදරේ කරන ඒ ඇස් දෙක දකින්න නොලැබුණත්, ඒ හදවතට පෙනෙන්නට සිනා මලක් ඈත කන්දක රඳවන්න, පුළුවන්...... එතකොට අපිට නොපෙණුනත්, කොහේ හෝ සිට ඒ මල් දෙස කවුරු හෝ බලා හිඳීවි........ ගයන්නේ, සුනීර සුමංග .......