Posts

Showing posts from April, 2023

උපදිනා හැම භවෙක...

Image
🖇️ලොව ගැනම කියා දුන් මාගේම මව් නුඹය,වැටි වැටී නැගිටින්න සවිය වූ ළය නුඹය, නුඹේ හුස්මෙන් පවා අප නිවන ලොව නුඹය, පැණසරින් මග තැනූ,පිං සාර බිම නුඹය. 💜  සිනහවෙන් කතාවෙන් ළබැඳි වූ මව් නුඹය, අම්මාට නොදෙවෙනි ව මා තැනූවේ නුඹය...පියතුමන් වාගේම මා රැකූ හද නුඹය,මවුන් පියවරුන් ඇති,මහා කෙම් බිම නුඹය...❤‍🩹 කැකුළු මල් පුබුදුවන,අරුණ රිවි රැස නුඹය,ගිණි කතර දැවෙන විට, මහා වැස්සත් නුඹය.ඝණ අඳුර පිරි අහස,එකළු කළ සඳ නුඹය,ආදරෙන් හද පුරා,සෙනෙහෙ දුන්නේ නුඹය...❤ මෘදු බවින් හෙබි ළයක් තනා දුන්නේ නුඹය, නැණ ගුණය සම සමව බෙදා දුන්නේ නුඹය..නුඹ නමින් ලියවෙනා කවි ගීත මට මදි ය, යම් දිනෙක මල් දමක් පළඳවනු මට හැකිය...💐 ඉතින් තව බොහෝ දුර නුඹ පෙරට යා යුතුය, පරපුරක දූ පුතුන් වෙත සෙනේ දිය යුතුය, නුඹ සුවඳ සදා කල්,සිතේ පැවතිය යුතුය, උපදිනා හැම භවෙක නුඹම මව් විය යුතුය..🙏🏻❤ 2023/4/30🖇️

If !

Image
 ❤‍🩹 I don't like " If " clause. Because , if it comes I let it. But if it goes I can't let it..... Life is too short to be wondering, what " if "... As Jhon callagan ones said, ' what if 's & the should have 's will eat our brain'. Actually not only the brain , But the whole body, heart, soule and everything !....🍂 I also heared that "everything will be okay at the end and if it is not okay, then that is not the end"... But always I keep asking this , " If not now everything will be okay, when? "Nobody knows the answer for that....How ever I don't like 'if clause ' in my life... Because " if's " never be happned... and those are only dreams....if clause always hiding the reality temporary.🫴 I do not deserved if's or because's in my life.  I deserved only, Anyway's, even though's and in spite of's only....What I need most are, always going away from me, because of so...

සිම්පල් සයිමන් ❤

Image
 අද, මා මට අහිමි වූ මම යළි සොයා ගත්තා.....එනිසා මෙසේ ලියමි..... රෑන පිට රෑන තුඩ රෑන ඇසෙන ඒ සිහින් ස්වරයන්ට මා පෙර කළ ප්‍රේම කළා.... නමුත්, නැවතීමක් නැතිව වැයෙන ඒ මහා බෙර හඬ තුළත්, ඇසෙන ඒ මහා නළා හඬ තුළත්, ඝෝසාවකට එහා ගිය අමුර්තයක් බඳු ඔසුවක් ඇතැයි අද මට වැටහුණා...  මනුෂ්‍යත්වය, ප්‍රේමය, කරුණාව, සෙනෙහස ඈ මෙතෙක් දේ උපදින හෘද අභ්‍යන්තරයෙහි වැයෙන ලබ් ඩබ් සංගීතයේ සිට මේ ලෝකයම මිහිරි ගීයක් නේදැ'යි අද මා හඳුනාගත්තා.... සන්තානගත භාව වේගයන්ගෙන් මිදෙමින් තාවකාලිකව රසාලිප්ත මොහොතක අතරමංවූ මා, නැවතීමේ තිත දුන් ලිවීමටත්, පන්හිඳටත් යළි ප්‍රාණය ලබාදුන්නා.... වාරාණාසිය ගැන මා උගත් දෙයට වඩා බොහෝ ගැඹුරක් ඇති බව අද මා සාක්ෂාත් කර ගත්තා... පාවෙන සමාජ ධාරාවේ, ජීවන අරගලය සමඟ ආලෝලිත අර්බුදයන්ට මුහුණ දෙමින් ඉක්ම යා නොහැකි , මැඩලිය නොහැකි අභියෝග හමුවේ, බිඳ වැටෙන සිහින සාක්ෂාත් කරගැනීම ට ව්‍යර්ථ ප්‍රයත්නයක යෙදෙන අප තවමත් සිටින්නේ, බලය වෙනුවෙන් තිරශ්චීන ලෙස හැසිරෙන දනන් බල දරන දූපතක බව යළි යළි හද පතුළට කා වැදුණා.... යාළ්පානම් පොත් ගුල ඒ මහා ස්වර්ගය ගිණිබත් වූ තැන සිහි කරන විට නැඟුණු කඳුළු අතරම, පාස්...