:-( The cactus 🌵
Dear world, what's the matter with you to ignoring me ? Or leaving me alone ?.... දින කීපයක සිට , එනම් , අදට සති එකහමාරක පමණ සිට, බැලූවෙමි මගේ දුරකථනය විමර්ශනයට ලක් කොට, මාගෙන් පසුගිය පාඩම් වල ඇතැම් කොටස් ඉල්ලූද, විවිධ වැඩසටහන් වල හඬපට ඉල්ලූද, ඇතැම් පංති වල සහ පාසලේ දේවල් විමසන ලද chats දෙක තුනක් හැරුණු කොට, මගේ whatsapp යෙදවුම පිරී තිබුණෙ ප්‍රවෘත්ති හා විවිධ නිවේදන වාර්ථා කරන Group messages වලින් සහ, ඵලක් නොවන එක්තරා සමූහයක නිමක් නැති හිස් දෙඩුම් වලින් පමණි.... ඇතැම් සමූහයන් වලට මම පණිවුඩයක් දැම්මද, ඒවාට පිළිතුරු නැත. මා හා සිනාසුන, මා හා ඉකිබින්ද , මා හා බස් දෙඩුව, ඒ කිසිවෙක් ආ ගිය අතක් නැත..... ඉස්සර ලස්සන දවස් වල, හෝ ගාලා කතා කළ ලස්සන සමූහයන් ගෙන් එක්කෙනා දෙන්නා ඉවත් වෙමින් පවතියි... බැද්දට ගිය ගමක් ලෙසින් , අඩ කෝඩ වලින් පිරී ගිය ඉසව්වක් ලෙසින් දුරකථනය දිස් වෙයි...බොහෝ සමූහයන් වියළී ගොස් ය..... හොඳම යාලුවන් යැයි පැවසූ හුඟක් දෙනා අද නැත...දිවි ගෙවූවද කතා බහක් නැත. කෑවාද බිව්වාද බලන්නට කෙනෙක් නැත. හොඳ ම යාලුවා ලෙසින් මට මුණගැසුණ, මගේම හො...