Posts

Showing posts from October, 2021

ළැම බරව ණය කිරෙන්

 🏴🇱🇰🏳️ ..... නෙක නෙක කලට රඟමඬලේ  රැගුමන්‍ ය... තිර පිටපත ට මැතිසබයේ  නළුවන්‍ ය.... වහලුන් දරන නිෂ්පාදන  වියදම්‍ ය... නරඹන දනා අසරණ රට  වැසියන් ය..... දියසෙන් නමින් කුමරෙකු රඟ දක්වාලා ,  ජාතිවාදෙ නාටකයක් පෙන්වාලා... සිහල බොදු දනෝ නෙක උසි ගන්වාලා,  හැට නව ලස්සෙ පඹයෙක් සබයට තියලා... ගත්තේ ටිකට් සිංහබාහු නරඹන්ට...  එනමුත් බලන්නේ අන්දරෙ සැම එකට...  කියත් මගක ගම හා කයියත් එක්ක... හොඳටම කළා කිව්වා කවුදෝ පෙරක... ගුරු ගොවි කම්කරු ද සටනේ නිරත වුණී... සඟවෙද ඇතැම් දන අඳගොළු බිහිරි වුණී.. බඩු මිල ගොසින් ඉහළට තව තරුද පෙනී.. ගහෙන් වැටුණු මිනිහට ගොන් ඇන්න වැනී ගුරු තරු වැටුප් ඉල්ලා බෝ දුක් විදිතී...  ගොවියා පොහොර යදිමින් පාරට බසිතී...  කෝවිඩ් වසන්තේ රැළි පිට රැළි වැඩෙතී...  බේබිල රේස් පථ මැද නෙක ජොලි කරතී.... ඇමතිල කිසිත් නොදනී නිදි සුව විදිතී... අධිපති සමාගම් ජය පැන් බී නටතී....  රට රට වලින් මෙරටට පහරාම යතී...  අතකොළු වලින් මිරිකී ජනයෝ නැසෙතී.... දත්තත් මැකී මුත් නොදනී අම්බරුවෝ... නැව් එයි විස පිරී නොදනී ගොං තඩියෝ....  නීති...

73ක්..... නෑ ගමන යන්නේ මේ ගොනා..

Image
 මේ මෙපුරේ කතාවයි...

පවන, පවනෙක්මැයි

Image
 පවන අදටත් වලංගුයි .....  හෙටටත් ? 

හෙට මලක් වනු පිණිස...

 ගැළපෙන වර්ණත් එක්ක ගැළපෙන ඇඳුම් ඇන්දාම  මතුවන ලස්සන ජීවිතයේ නැහැ... නොගැළපීම් ගැළපීම් කරගෙන ජීවත් වන තාක් ජීවිතය සුන්දර වේවි... අපි ජීවිතය පටන් ගන්නෙ ආදරයෙන්, සෙනෙහසින්... අපි ජීවත් වන විටත් මිය යන විටත් ඒ ආදරය එලෙසින්ම තිබෙනවාද යන්න  ගැටළුවක්... ප්‍රසූතාගාරයත් ආදාහනාගාරයත් අතර ගමනෙදි අපිට විවිධ මාවත් පසු කරන්න වෙනවා... හැබැයි, ඒ හැම දෙයක්ම අප විසින්  ගොඩනගා ගන්නා දේවල්... ජීවිතය කටුපඳුරක් ලෙස දකින සමහරු  අතර ඒ කටුමත පිපි මල් දකින මිනිසුන් ද සිටිනවා... ඒ නිසා ජීවිතය දුක්ඛිත බවට පත්වීමත්  සුඛිත මුදිත කර ගැනීමත් අප සතුයි.. දෛවය සහ ජීවිතය හිස් පොතක් ලෙසම දකින්න,එවිට එහි කතුවරයා ඔබ වේවි. ඔබේ ජීවිත කතාවට වටිනාකමක් දෙන්න පුළුවන් ඔබටමයි... අප සමාජය තුළ ජීවත් වනවිට, අප සාර්ථකත්වය හඹා යනවා... සාර්ථක ජීවිතයක් හඹා යනවා... නමුත් එක් අතකට ඒ හඹා යෑම, අසාර්ථක බවට පදනමක්... වර්තමානය වනවිට, මුදල් මත පදනම් වූ  සාර්ථකත්වය අපි හඹා යන්නෙමු, නමුත් මුදලට මිලදී ගත නොහැකි දේ ළඟ අප අසරණ වනවා... ආදරය, ගෞරවය, වටිනාකම්, චරිතය, විශ්වාසය, ආකල්ප, සෙනෙහස, සංවේදී බව අසල අප තනි වෙනවා.....

මානව මළගම හා හෙට දවස

 අපි හැමෝම දන්න ගොඩක් දේවල් තියෙනවා.  ඒ අතර ඔබත් මමත් නොදන්න තවත් බොහෝ දේ තියෙනවා.  ඒ හැම දෙයක් තුළම ඔබට තවමත් නොවැටහුණු දෙයක්,  ඇතැම් විට සොබාදහමට වැටහෙන්න පුළුවන්.  සොබාදහමේ අපූර්වතම නිර්මාණය මානවයා.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  මිනිසා වනාහී සොබාදහමේ මහා අගනා නිපැයුමක්.  ඒත් සොබාදහමට වැටහුණා,  මිනිසා කියන්නේ සොබාදහමට වැරදුණ සත්ත්වයෙක් කියලා.  ඒ සත්ත්වයා අද්විතීයයි.  මානවයා වනාහී මිහිපිට සුන්දරම නිර්මාණය වුණත්,  එ් බව තේරුම්  ගන්න බොහෝ දෙනා ප්‍රමාද වුණා. ඔබ වගේම මමත් මනුෂ්‍යයෙක්.  මම වඩාත්ම  ප්‍රිය කරන විෂය මනුසත් බව.  මානවයා හැදෑරීම වනාහී,  හෙට මලක් වනු පිණිස කටු පඳුර සිඹින්නා සේය.  මනුෂ්‍යයා මේ ලෝකෙට ඉපදෙන්නෙ ඇයි කියන ප්‍රශ්නයට  අපිට නිශ්චිත පිළිතුරක් දෙන්නට බැහැ.  ඒ තමයි ලෝක ස්වභාවය, හැබැයි,  අපි මේ ලෝකෙට ඉපදුණාට පසුව කුමක් කළ යුතුද ?   යන ප්‍රශ්නෙට පිළිතුරු ගණනාවක් තියෙන්න පුළුවන්.  ඒ හැම පිළිතුරකම සැඟවුණ එක් පණිවිඩයක් තිබෙනවා.  ඒ තමයි, ඔබත් මමත් ඉපදෙන මොහොතෙ...

ලස්සනම අකුරු හතර...

 • ආදරය ආදරය තමයි කෙනෙකුගෙ ජීවිතේ සිදුවිය හැකි ඉහළම  සංසිද්ධිය... එය අපේ හදවත තුළට කාවදිනවා වගේම, අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා... අන්න ඒ නිසාම තමයි, කවදාවත්ම නොලැබුණත් ඔබත් මමත් ඒ පිවිතුරු ආදරය පුදකරන්නට  පෙළ‌‌‌ඹෙන්නෙ... අප මව්කුස පිළිසිඳගත් දා පටන්ම  අපට ආදරය හිමිවෙනවා... හැබැයි අපෙන් ආදරය අන් අයට හිමි වෙනවාද යන්න ප්‍රශ්නයක්... හැමෝම ඉපදෙන්නෙ ආදරය ලබමින්... ආදරය කරන තරමට අලුත් ජීවිත ඉපදෙනවා... එය ලෝක ධර්මතාවක්... ආදරය කියන්නේ රාගයෙන් තොර  පිවිතුරු හැඟීමක්... අම්මා කෙනෙකු තම දරුවාට කිරි පොවන විට රාගික සිතුවිලි පහළ වන්නේ නැහැ. සෙනෙහසයි එතැන දෝරේ ගලන්නේ... ආදරය මත තමයි මේ ලෝකෙ  පැවැත්ම රඳා පවතින්නේ... වචනයේ පරිසමාප්ත අරුතින්ම  ආදරය කියන්නෙ පරිත්‍යාගය සහ මෛත්‍රිය  නාරි සුරාවේ වැටී මුළාවී ගිය, ද්‍රෝහි ස්වාමියා පිළිගත් ළඳක් පතිනිය... ආදරය එතරම්ම උතුම්... ඒ ආදරයට, සෙනෙහසට රාගය එකතු කළේ අපි... රාගික ඇසින්, මවක් දරුවට ජීවය දුන් නාභිය දෙස බැලුවේ අපි... මෙලොව සුන්දරම ආදර වත ‘යසෝදරාවත...’ උතුම්ම පිවිතුරුම පරිත්‍යාගය, සෙනෙහස කැටිකොට ගත්, ළයෙන් වෑහෙන ආදරය ත...

වුණොත් රැජිනක් මමත්...

 කේතුමතියක් කරමි මේ පුර,  වුණොත්  රැජිනක් මතු මෙමා..... පිළි අරන් අද  දුන් ඔවා මුතු, ගුරු පියානෙණි , ලියමි මා.... දනන් වෙනුවෙන් ,  නැගුණු හිරු ගෙන්, පිපුණු මල්  රැක ගනිමි මා,  සබුද්ධික සේ සරා යන්නට,  සැබෑ නිදහස දෙමි මෙමා.... දනන් විපතට, හෙළා මා වෙත, ලැබෙන මසවුළු , මට එපා.... සීත පොළොවට, මගෙත් දහදිය,  කඳුළු මුතු, එක් කරමි මා.... දුක නොදත්  අඳ බිහිරි මන්දිර, කිරුළු ලූ මට, නිති එපා ..... සැලෙන දිය නැති පිරුණු කලයක්, වෙමින් නැණ ගුණ හද දරා.... උරුම නොකියම, කෙරූ රජකම්, දෙස බලා තුටු සිත් පුරා, කාලෙ ආවම යන්ට යන්නම්, තබා හිසළූ  කිරුළ මා...... - සේමිණි කාවින්ද්‍යා 2021/ 10 / 16 - DVP

මෙයට කීකරු නීතිය ...

කියවා බලනු රිසි නම්, දෑස් හැර කියවා බලනු මැන*.....  📝ලියන්නේ  ස්වාමීනි , ඔබ වෙත... පුරා බෝ වස් ඔබෙන් යැපුණද ,  ඔබ රැකුණෙ මේ මා නිසාවෙනි....  ඔබම වැනි බෝ ස්වාමි හිමිවරු සෙවණෙ මා කීකරු ව සිටියෙමි ..... ⭕⭕⭕⭕ නමුදු,  *මහවුන්ගෙ මාළිග, බිදී හැළෙනා විට*... *පොඩි වුන්ද එහි ඇති, ඊට යටවී නැසීයේ*...👀 මතකද ස්වාමීනි, ඒ දෙබස?  ඒ නිසාවෙන් ලියමි...  අන්ධ වූ දෙනුවන් විදා, බලනු නොහැකිව ඇත්ත ඇති ලෙස,  ඉරා දැමුවෙමි ඒ තිමිර පට, දෑස් බැදි ඒ මාගෙ  පිවිතුරු ....  එයින් පසු දුටුවෙමි... මා දනන් ගේ හදවත... *නැතත් හිස මත අං යුවලක්*,  *ඇත්තේම නැත මොළයක්*,  *කාරණා කිම්දැයි නොදත් මුත්*,  *මහා වළකට වැටී ඇති සැටි*...  එකී මෙකි ඒ ඇතැම්  උන් ගැන දනන් තුඩ තුඩ මෙසේ පැවසෙති... එපමණක් නොවේ තව,  ඇත්තේය බෝ තවත් දේ...  අසනු ඔබ රිසි නම්,  මා මෙසේ ලියන්නම්... *දෙදරවා නීතිය*, *හොඳට නරකට* *දෙවන්නට, නොහැකි* *ඒ* *ඇත්තෝ නීති බින්දෝ*  *හෙමින් හෙමිහිට* ..... *දෙවසක්ම ගත විය*, *තුන් වසත් ළඟ ම විය*.... *ලබනු වස් යුක්තිය*,  *සාධාරණය , නීති...