ළපටි සුහුඹුල් .........

 


ළපටි සුහුඹුල් සමනලුන්ට ත් 

මානනා වෙඩි

උණ්ඩ තියෙනා,


අරුම ලෝකෙත්

විරල මිනිසුන් 

ඉන්න බව මට

මෙයින් සිතුණා.....


සිනිඳු පා පොඩි 

රළු නොවන්නට 

යනෙන මග මල් 

සේල අතුරා,


නේක විසිතුරු 

පාට ලෝකේ 

විසල් කොළයක 

තබා ඇඳලා.....

 

දෑත දිගුකොට 

ඈත මුහුදේ 

සිතිජයේ ඉම 

මෙයැයි පෙන්වා, 


ඇදුරු සඳ මල් 

කිණිත්තක් ගෙන,

සෙත් පිරිත් පැන් 

හදෙන් ඉස්සා.........


සුඛී දීඝායුකෝ භව !.......

2024/sep/16 



Comments

Popular posts from this blog

If it's gone !.......

One day !

ලබ්බක් !