Posts

Showing posts from August, 2023

Yes, This is to that teacher who came yesterday...

Image
 Missing Someone that we deeply love most , and not loved by them back,hits different, When there's no one like that........  People who become obsessed with litreature, The arts, music, classical things, psychology, Books, and personality types are the children who were never understood by the society!.. That kind of children try to understand others with every detail. Because It would mean the world to them.... They expect the same thing towards them from others. But sadly that never happens... If someone would have done the same for them,Then, it's a kind of love. Actually it's the real understanding..... Sometimes that's okay not to be liked & loved by Others who we love. But, when they can't even understand us, that hurts a lot ....  I know !That's better not to expect anything. But when our hearts do that, how we can stop it ? & kill ourselves ?..... Either we have to give everything. Or we should stop it.... ? I don't know... But what I go...

කවියා සහ ළමයා....

Image
මම මේක ලියන්නෙ මට. ඒ නිසා මේකෙ දිග ගැන හෝ භාෂා භාවිතය ගැන හෝ වෙන යම් කිසිවක් ගැන හෝ මා හට කිසිඳු ප්‍රශ්නයක් නැත. ඇත්තටම මම මේ ලියන්නෙ මා විසින් මටම කිව යුතු දෙයක් පමණි.මට මේ කතාව ශාස්ත්‍රීය ලිපියක් විදියට ලියන්න ඕනෙ නැහැ. නැත්නම් මටත් තිබුණා ලස්සන කවි සහ විවිධ උදාහරණ එක්ක මේ ලිපිය හැඩ කරන්න. ඒත් ඇයි මම එහෙම කරන්නෙ? මෙය හුදෙක් ආත්මභාෂණයක් පමණයි.ඒකයි...  ඇත්තටම ,අපේ ජීවිත ඇතුළෙ අපිට ගොඩාක් ලස්සන දේ මුණගැහිලා තියෙනවා.හුඟක් හොඳම සහ වැදගත් දේ මුණගැහිල තියෙනවා.ඒත් ඔබට ලෝකෙ ඉන්න හොඳ ම කවියා මුණගැසී තිබෙනවාද ?...... සංගීතය රස විඳින්න අපිට සංගීතය හදාරන්නම අවශ්‍ය නැහැ. ඒ ඒ රටවල්වල විවිධ වූ සංගීත රසයන් විඳින්න අපිට ඒ ඒ රටවල භාෂා ව දැනගැනීම අවැසි වෙන්නෙත් නැහැ....සංගීතය විශ්ව භාෂාවක් වෙන්නෙ ඒ නිසා.හැබැයි ඔබ හිතන්න, කවියක් ගැන ? අපිට ඕනෙම කවියක් රස විඳින්න නම්, බසේ රස ගැන සහ බස ගැන දැනගෙන ඉන්නම වෙනවා....බස ගැන දන්න , රස ගැන දන්න ගොඩාක් අය කවි ලියනවා. තව සමහරු කවි විඳිනවා....ඒ ඒ කවි අතර තමන්ව මුණගැසෙන මොහොතෙදි අපි හිතනවා ඒ තමයි හොඳ ම කවිය කියල.ඒ වගේම ඒ තමයි හොඳ ම කවියා කියලත් අපි හිතනවා.... යම්...

ලබ්බක් !

Image
කර්ණිකා  කෝශිකා  මහ ශිරා  ධමනි කිරීටක  කපාට  ලේ මස් නහර.... මේ ඔක්කොම බොරුද කොහෙද...                සද්දයක් ඇහෙනවද මල් පෙත්තකට රිදුණම?........  ලබ් ඩබ් !                                                නෙමෙයි ලබ්බක් තමයි හදවත... 🫀 හදවතේ හරිම තැන,                              ලෙයක් කිරි දොවන තැන,                      වේදනා දැනෙන තැන,                    හොයාගෙන නැහැ කවුරුවත් තව......!  ලබ්ඩබ් ! ලබ් ඩබ් නෙමෙයි,                                  ලබ්බක් තමයි හදවත......🫀 23 / 08 / 13                ...

ජනේලෙ ළඟ මං...🌬️

Image
හැඩ වී දිලෙයි සුනිල වු නුබ තලාවම, ඈතින් පෙනෙයි එහි ඇඳි සුදු වළා ගැබ.... ගලනා විටදි තත් විනිවිද පවන් පොද, මං නැතුවාට සිත රිදුණේ ඇයිද සඳ......?   ඝණඳුර පෙරා එවනා රෑ වළාවක,  සිතුවිලි ළඳක් නැඟිලා රූ සොබාවට... තරුවක් නිදි වෙලේ හද ගැබ පොරෝගෙන,  කවියක් නොලිව් මගෙ පෑනේ ඵලය කිම......? 💛🌬️  23/8/11 - Se.Ka 

Dead shit !

Image
All the world is a lie, Where all the people aren't caring about others.....Dizzling vibes caught by sighes.... Alone I remain, seeking a little solace,To feel wanted, a life of purpose without haste,In the end I suppose I'll just face it, a heart of sadness and an uncertain fate...... Nobody can feel my silence, my tears, my heart and anything.....There's only me for my self.....Alone I sit, my heart so bereft,No shoulder to lean on, no arms for embrace,My sad heart feels its alone, no one here to take its place. Loneliness overwhelms me, a pain I can't ignore,My eyes plead for answers, searching an open door,No answers come, I'm all alone, no one I can explore. The sadness I feel, it can't be denied,A heavy heart I may have, but I'll never feel entitled,My life still has value, despite how much I've sighed.....A heart so sensitive, so strong and so freeSadness so pervasive, no matter what I see....The beauty of the vista, the trees, the sea Nothing sti...

💛ජූලි මාසෙ අන්තිම පිටුව

Image
  හරිම පුදුමයි....... "මේ ලෝකෙ සමහර සිදුවීම් ඇත්තටම හරිම පුදුමයි කියල හිතෙන්නෙ ඒව ඇත්තටම පුදුම හිතෙන දේවල් නිසා. ඒත් ඒ ලස්සන පුදුම දේවල් ජීවිතේට හම්බවෙන්න ගොඩාක් පරක්කු වෙන්නෙ ඇයිද කියල නම් මට තේරෙන්නෙ නැහැ....'' ලෝකෙ තියෙන රසවත්ම කෑම වගේම එයා ආසම කෑම වෙන සීනියි පිටියි පුංචි කෝප්පෙකට දාලා මේසෙ ළඟ ඉඳගෙන කන ගමන් පුංචි ගැහැණු ළමයා හිතුවා. හරියටම මීට මාසෙකුත් දවස් 12 කට විතර කලින් පුංචි ගැහැණු ළමයාට එයාගෙ ආසම තැනදි,අලුත් කෙනෙක් මුණගැසුණා...ඒ තමයි සංගීත කාමරේට ආව අලුත් ටීච. හැබැයි ඒ ටීච ආවට පස්සෙ එයාගෙ ආදරණීය ටීච වෙන ඉස්කෝලෙකට යයි කියල නම් එයා හීනෙකින් වත් හිතුවෙ නැහැ. එයා පස්සෙ තමයි දැනගත්තෙ එයාගෙ ආදරණීය ටීචත් ළඟදිම යන්න ඉන්නෙ කියල.  " මට මතකයි එදා හවස ඉස්කෝලේ භක්ති ගීත පුරුදු වෙන්න ඉන්න වුණ දවසෙ, මගේ ටීච මට කිව්වා, ' මම නම් අද හවස ඉන්නෙ නැතුව යනව පුතේ, මං නැති වුණාට කමක් නෑ ඔයා ටීච එක්ක හවස ඉන්න එහෙනම් '' ... කියල ටීච මට කිව්වා. එදා ටීච හවස හිටියෙ නැති එකට නම් මට දුකයි. ඒත් මම ඉතින් හිටියා මගෙ යාලුවත් හිටපු නිසා. ඒ වෙනකොට මං අලුත් ටීචව දැකල දවසක් දෙකක් විත...