Posts

Showing posts from July, 2022

කැපිටල් හදවතක් ළඟ

Image
 තරු මල් යායම ....🥺😔🥺.... පාලු වෙච්චි හදවතකට, 'හෙට' කියලා දවසක් තියෙනවා ද.....  අහස පුරා, වළා ඉරී ගිය හුඟක් තැන් වල, තරු මුමුණන රහස් ඇහෙද්දී, සඳට වුණත් හිතෙනවා ඇති අමාවක දවසක් ළඟට ගිහින් කාටවත්ම නොකියා, හඬන්න....ළය පුරා දැනෙන දුක්, හඳක් වුණත් කොහොම උහුලනවා ඇත්ද....  දිවට රස අහරක, රසක් දැනෙන්නෙ නැති, ඇහැට ප්‍රිය දසුනක , ලස්සන පේන්නෙ නැති, සවන් ප්‍රිය මිහිරක, සුවය ඇහෙන්නෙ නැති, මහා පාළු අඳුරු නිල් අහසක් යට තනියම ඉන්නවා වගේ හැඟීමක්, ඔබට දැනෙන්නෙ, හද පතුලෙන්ම දුන්න ආදර මල, ඔබේ හද ළඟම වැටිලා, මිලින වෙච්චි දවසට විතරයි ......  ඒ, ඔබේ ආදරේ එතරම්ම පිවිතුරු නිසා.... ඇය ඉතිරි කළ තනිකමට වුණත් , හාදුවක් දෙන්න තරම්ම, ඔබේ හදවත, කොච්චර සොදුරු ඇත්ද.... හුඟක් කඳුළු සාගරයේ දියකරලා,  හිස් අහසක් යට, ඔබත් තනිව ඇති.... ඒත්, එහෙම වෙලාවටත් ඇය ව මතක් වෙන එක තමයි ,  හිතේ තියෙන ඇත්තම ආදරය ..... ගයන්නේ විශාරද  ගුණදාස කපුගේ......

සැඳෑ අඳුර වැව් බැම්මේ

Image
 1) සැඳෑ අඳුර වැව් බැම්මේ... හිතේ කාන්සිය, දෑසෙන් ගලා එන කොච්චර නම් දවස් අපිට තියෙනව ද....  දෙසිතක්ම තනිකමක හැරලපු, දෙමංසලක ඔවුනොවුන් වෙන් වෙච්චි දිනත් ඒ අතර ඇති ...... හිතේ තියෙන ආදරේ පරිස්සම් කරගෙන තියාගෙන, අන්තිමට ඒ ආදරේ තවත් පරිස්සම් කරන්නම් කියලා අර ගත්ත තවත් දෑතකින්ම,  ආදරේ අතහැරිලා ගියොත් ?... ඒත් ඉතින් ඒ දුක දරා ගන්නම වෙනවා... කලින් දවස් වල වැව් ඉවුරු දිගේ ඇසුණ සිනා වැල් වලින්, කතා මල් වල රසින්,  අද, කවුරු ත් නැති, අඳුරු සවසක් රටා වියන මොහොතක , ඒ සුවඳ පිරුණු දින ඇතුළෙ , ඔබ ඔහුව සොයනවා.... තාමත් ... ඒ,  හිමි අහිමි ආදරය මැද්දේ, දිවි ගෙවන්න පුළුවන් නිසා වෙන්නත් ඇති  ..... ගයන්නේ, චන්ද්‍රලේඛා පෙරේරා..

අන්තෝ ජටා @ Sri Lanka

Image
 බ ලා පො රො ත් තු ව ................................... සත් දශකයකුත් සිව් වසක් දිවි ගෙවූ ඔබට මම පවසමි ,  ඔබ අමරණීය බව අපි දනිමු,  නමුදු,  ඉක්මනින් මියැදෙන්න !.... අවැසිය අපටත් අමරණීය වෙන්න... ✒️සේ.කා.  22/07/20.