ගීතයක් සේ ගලා යන ඔබ මිහිර ලොවටම බෙදන්න....
පුංචි හදවත් එකින් එක ගෙන, ආදරේ බව කියන්න... දොවා සඳ දිය සිසිල බෙදුවේ, තරුත් ලස්සන කරන්න...✨ නොතෙත් කතරක ඉරිතැළී ගිය, දහස් සිත් මල් පොඩි ගෙන, ළහිරු රන් කෙඳි සෙමෙන් බෙදුවේ, කැකුළු මල් සරසවන්න...🌸 මේ තරම් තෙත ළයක් නුඹ හට, කොහෙන් ලැබුනිද කියන්න...... පෙරදි දවසක, සුරඟනක් විත්, තෑගි දුන් හදවතක් ද....... දරන් අහසක් වගේ හිනැහෙන, රහස අපටත් කියන්න...... ගීතයක් සේ ගලා යන ඔබ, මිහිර ලොවටම බෙදන්න....... ප...