විජ්ජා උප්පතතං සෙට්ඨා !
පළමු දිනය 💗 මට හරි පුදුමයි අද වැඩසටහන සහ පිළිවෙළ ගැන. මම අවංකවම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.........මම හිතන් හිටියට වඩා හැමදේම මාර වෙනස්. හරි standard ! මම හිතන්නෙ මේව සමාජගත විය යුතුයි නැවත. මොකද මම ඉස්කෝලෙ ගිහින් ඉවර වෙච්චි ළමේක් විදිහට සහ සමාජය තුළ මම විශ්වවිද්‍යාල පද්ධතිය මේ මෑත කාලීනව දැක්කේ දියාරුවක් ලෙස. ඒක ලංකාවෙ මෑත කාලීනව වුණ පරිහානිය සමග මාධ්‍ය ඔස්සේ සහ හැම අතින්ම සමාජ ගත වූ දෙයක් ....... මාත් ඒ අනුව හිතන් හිටියෙ ඇතුළෙ තත්වයත් ඒ වගෙම ඇති කියල........ එහෙම හිතාගෙනයි මම අද ඇතුළට ගියෙ. Agenda එක දැක්කම මම මුලින්ම හිතන් හිටියේ අද කතා බතා දිගට දිගට අහන්න වෙන දිගට ඇදෙන දවසක් වෙයි කියල..... එහෙම හිතන් මම ඇතුළට ගියෙ.............. අනේ දෙයියනේ ! ගියාට පස්සෙ නෙ හැමදෙයක්ම තේරුණේ......පූර්ව නිගමන සියල්ල වැරදියි........... ලස්සන welcome එකක් තිබුණා. හැමදේම පිළිවෙලයි. ජරාවෙලා නැහැ. හොඳ ට clean තිබ්බා. ඒ තමා පෙනුම. මාර නිදහස් සුවයක් සනීපයක් දැනුණා......... ඊටපස්සෙ බලනකොට මට පෝලිම වැරදිලා මම hostel පෝලිමෙ හිටියෙ. එවෙලෙ මම hostel වෙන්න ඇති ක...