ඔසු.......💗
අල්පශ්‍රැත ව්‍යාධියට ප්‍රත්‍යක්ෂ ඖෂධීය පානයකි, පොත් සහ මිනිස් සමාජය...ඒ ද්විත්වයෙන් මා ලද අම මී බිඳු අතර, රහ උපරිම ලෙස වින්දනය කළ, රසාලිප්තව මධුර ලෙස දැනුණු, තත් භාව ප්‍රකාශනයේ අර්ථ ධ්වනි නිර්මාණශීලී ව ඇමිණූ, ඉසියුම් තැන් මේවා ය....
"මිනිසුන් වචන වැනිය,
නෙක අරුත් මවයි...''
" අසත්‍යයේදී විචාරශීලි
වියත් සභා මැද සමාජශීලී'' .........
"දැන උගත් ළෙංගතු මිතුරෙකු වන්න''!
"නොගියොත් යළි ආ නොහැකිය, නෑවිත් යන්නට බැරිය, නොගොස් එන්නට බැරිය.....''
"පබ්බතට්ඨෝව භුම්මට්ටේ"
"ලෝකය මීට වඩා යහපත් වන අනාගතේ යම් දවසක, ඔබ එය මීට වඩා ආදරයෙන් කියවන බවද දනිමි...''
" වැඩක් වෙනුවෙන් කරුණු කටපාඩම් කරගන්න එපා. ජීවිතේ වෙනුවෙන් හැමදේම ඉගෙන ගන්න.එතකොට ඕනෙම තැනක දි උත්තරයක් තියේවි...''
"සන්තුට්ඨී පරමං ධනං"
"කිසිවක් සිදුවී අවසන් වන්නේ නැත. සියල්ල සැමවිටම සිදු වෙමින් පවතියි..."
" මං නැහැයි කියල මල් නොපීපී තියෙන්නෙ නැහැ"
" හැමදාම වහින්නෙ නෑ ලු. ආයේ පායනවලු, ආයෙ වහිනවලු....."
"මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව."
"උත්පාද -> තිථි -> භංග"
" මළගිය ඇත්තෝ ජීවතුන්ට උගන්වති"...
" ගෝණි ගණන් මල් අල්ලස් කෙරුවත් බුදුන් දකින්නට බෑ"...........
" නිර්භය ඇතුන් මෙන් අලුත් මං පාදා ගෙන කවීහු ගමන් කරති "...
" ස්තුති කතාවක් අබියස බස හරි අපොහොසත්!"...
" හෙණ ගහනවද ආදරෙයි නම් ආදරෙයි කීවම.......? "
" ඇල්මෙන් අකුරට ඇවිදින් අකුරු ඇහිඳගෙන, කඳු මුදුනට නැග බලන්න, ජීවිතයේ උස....."
" අත්දැකීම් යනු තණ බිමකි."
" මරණය සුන්දර යි සත්‍යය වෙත නැමුණු"......
" මුළු ලොවම සිහිනයයි"
"ජීවිතය, විශ්වය හා රිද්මය යනු
එකක් ම නොවේදැයි මට සිතේ."
"ලොවේ වරක් සිදුවූ සිද්ධියක්
කිසියම් රිද්මයකට අනුව නැවතත් සිදුවෙයි."
"කන්ද පාමුල තවමත් පෙර සේ ම එදා තිබූ තැන ම ය මගෙ පැරැණි පාසල”
"කියන්න පෙර ලියන්න"
" අපි පොළොවෙන් ඉහළට අඩි තුන හතරක ඉන්නා විට සැරසීලා, ඔතැනට නොපෙනෙන සොඳ මනහර දසුනකි මෙතැනට නිබඳව පෙනෙනා..."
" වහින්නට හැකි නම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින් "
" ගංගාවක් වී ගලන්න උල්පත පසු කර, වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට...."
"ඔබට කවියෙකු වීමට නොහැකි නම්, කවියක් වන්න......."
"ලොව ඇත්තේ යාම් ඊම් පමණි"....
"එතකොට හෙට ඔබ නෑ . ඔබ ඉන්නෙ අද විතරයි, අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි."
" මේ තමයි අප විසින් නෙළිය යුතු, ජීවිතයේ රන් රෝස මල..."
" හේතුට මගෙ ළඟ ආදරේ තිබුණා, ආරක්සාව තිබුණා, ආස කරන ශිල්ප සාස්තරේ තිබුණා, ඌ ජීවිතේ පටන් ගන්න හැදුවෙ එතනින්....."
" දෙයක් වේ නම් යම්,
සුදුස්සාටම අයිති විය යුතු....."
" සමහර විට මේ ගස ගැන කියන්නම, ඔබ මෙහි ඇවිත් ගියා විය හැකියි....."
" සුළං වැදී මේ නීතියේ සලු පිළි විසිරිලා, සත්‍යය මතු වෙනව එතකොට.."
" මිනිසෙකු හඬනා හඬ ඇසුණොත්, ඒ බල්ලෙකු බව සිතට ගනිව්..."
" බිත්තරේ පිපුරුවා.කතන්දරේ විමසුවා......"
" ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න...."
" සිතුව විඳිනෙමු මෙදුක් අසිරිය....."
" ලෝකෙ බිහි වෙච්චි දවසෙ ඉඳලා, ඒ හැම මායාකාරයෙක්ම විජ්ජා පෙන්වල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ශක්තියෙන්......"
" ඔයාව බලන්න මං මුහුද ළඟට එන්නෙ මාව බලන්න....."
" වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස...."
"යාම හොඳය. ගොස් ඊම ද හොඳය. නොගොස් එන්ට බැරිය......"
" සෙනෙහසින් රැඳී උන් නෙක දන, පලා යයි, නොකියාම ඈතට...."
" දරුවන් සිතෙන කොට නෙත් දෙක විලක් සේ...
" ලෝකය බිහිවූ දා සිට, අරුමෙකි මිනිසා, ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා..."
" අප රට අර බල
ආන්තරාවක
ඇදී ඇදී යත,
ඈතින් ඈතට...
ඉහ මොළ මද නැති
ඊළග පරපුර,
උන්ගේ ලෝකයෙ
ඌරන් වූ සැටි...."
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ............
=====================
මෙකී සියල්ල,
නානා දේ ඇසුරින්,
විවිධ අවස්ථාවන් හීදි, මා ලද, මා මන පොහොණි කළ ඔසු පැන් බඳු මී විතකි මට.....
සේ.කා. $e.ka.
✒️ Semini Kavindya Danthanarayana
24/7/13

Comments
Post a Comment
Comments ?