විජ්ජා උප්පතතං සෙට්ඨා !
පළමු දිනය 💗
මට හරි පුදුමයි අද වැඩසටහන සහ පිළිවෙළ ගැන.
මම අවංකවම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.........මම හිතන් හිටියට වඩා හැමදේම මාර වෙනස්. හරි standard !
මම හිතන්නෙ මේව සමාජගත විය යුතුයි නැවත.
මොකද මම ඉස්කෝලෙ ගිහින් ඉවර වෙච්චි ළමේක් විදිහට සහ සමාජය තුළ මම විශ්වවිද්‍යාල පද්ධතිය මේ මෑත කාලීනව දැක්කේ දියාරුවක් ලෙස. ඒක ලංකාවෙ මෑත කාලීනව වුණ පරිහානිය සමග මාධ්‍ය ඔස්සේ සහ හැම අතින්ම සමාජ ගත වූ දෙයක් ....... මාත් ඒ අනුව හිතන් හිටියෙ ඇතුළෙ තත්වයත් ඒ වගෙම ඇති කියල........
එහෙම හිතාගෙනයි මම අද ඇතුළට ගියෙ.
Agenda එක දැක්කම මම මුලින්ම හිතන් හිටියේ අද කතා බතා දිගට දිගට අහන්න වෙන දිගට ඇදෙන දවසක් වෙයි කියල.....
එහෙම හිතන් මම ඇතුළට ගියෙ..............
අනේ දෙයියනේ !
ගියාට පස්සෙ නෙ හැමදෙයක්ම තේරුණේ......පූර්ව නිගමන සියල්ල වැරදියි...........
ලස්සන welcome එකක් තිබුණා. හැමදේම පිළිවෙලයි. ජරාවෙලා නැහැ. හොඳ ට clean තිබ්බා. ඒ තමා පෙනුම. මාර නිදහස් සුවයක් සනීපයක් දැනුණා.........
ඊටපස්සෙ බලනකොට මට පෝලිම වැරදිලා මම hostel පෝලිමෙ හිටියෙ. එවෙලෙ මම hostel වෙන්න ඇති කියලා හිතලා ටක් ගාලා සීනියර් අක්කා කෙනෙක් ආවා උදව් කරන්න. ඊටපස්සෙ හරි තැනට එක්කන් ආව මාව. Hall එකෙ වාඩි වුණා...........
අපිට බීමයි, කෙසෙල් ගෙඩියයි, සැන්ඩ්විච් එකයි හම්බුණා. ළමයි 1164 යි......කාලා ඉවර වෙලා මම වටපිට බැලුව, අපෙ වටේ හිටපු කිසිම ලමේක් ඒ කිසි දෙයක් බිම දාලා තිබ්බෙ නෑ.......කාලා ඉවර වෙලා කොලේ ඔක්කොම ලා bag එකට දා ගෙන තිබ්බා.......
ඊටපස්සෙ දෙකට program එක පටන් ගන්න තිබ්බෙ. හරියටම 1.58 යි මම වෙලාව බැලුව. Program එක ගාණට 1.58 පටන් ගත්ත. ආචාර්ය මණ්ඩලයේ සහ ඒ සියලු අය , සියලු පීඨාධිපතිවරුන් පුටුවල වාඩි වෙලා හිටියා. ආරාධිත සියල්ල ඇවිත් හිටියා stage එකෙ උඩ.
ඊටපස්සෙ එක දිගට flow එක ගියා program එකෙ.......මම හිතුවා ආචාර්ය මහාචාර්ය වරු කතා කරන්න ගියාම මයික් එක බිම තියන්නෙ නැති නිසා වෙලා යයි කියල. කිසිම කෙනෙක් වි. 5 - 6 කට වඩා කතා කරෙ නැහැ. සියල්ල කෙටියි....... ඒ කෙටි සහ සුන්දර රසාත්මක බව මම ඉගෙන ගත්තෙ ගුවන්විදුලි යේ මගෙ ගුරුතුමා වුණ වසන්ත sir ගෙන්......
ඉතින් කොහොම හරි සියලුම දේ ඉතා මැනවින් වුණා......හරිම වටින කතා ටිකක් ඒ හැමෝම කළා. උපකුලපති තුමා පවා කිව්වා ශිෂ්‍ය සංගමේ සභාපති වරයෙක් ගෙන් අහපු හොඳ ම කතාව අද ඇහුවෙ කියල. ඇත්ත ඒ කතාව......
ඒ අයියා හරි ආදර්ශමත් කතාවක් කළා.......
සීනියර්ස් ලා සියල්ල අද වැඩේට කැප වෙලා තිබ්බා......
සියලු කටයුතු මෙහෙයවූ පූරක කටයුතු කළ මහත්මිය ත් ලස්සනට සියල්ල මෙහෙයවූවා......
හැම කෙනෙක්ම කරපු ඒ විනාඩි පහේ හයේ කතා පපුවටම දැනුණා....හරි ලස්සනයී . නියම දේවල් ටිකක් කිව්වෙ ළමයිට සහ ජීවිතය ට......
කැම්පස් එක ගැන දාපු introduction vedio එකත් excellent විදිහට තිබුණා...
නවක වදය සහ මෑත කාලීනව දේශපාලනය විසින් මැවූ විශ්වවිද්‍යාලයීය පරිසරය ගැන ඇති අනියත බිය සමාජයෙන් තුරන් විය යුතුයි......තුරන් කළ යුතුයි කියල අද මට හිතුණා......
ළමයි 16 800 ක්
පීඨ 11 ක්
ආචාර්ය මණ්ඩලය 1100
අනෙක් කාර්ය මණ්ඩලය 1200 ක් විතර
මේ හැමෝම හැම දේම හරි විදිහට කරල තිබ්බ නිසා තමයි ජනවාරි 1 වැනිදම අලුත් කණ්ඩායමක් ගන්න පුලුවන් වුණේ.......
කොහොම නමුත් අවසානයේ ඔවුන් කියූ ප්‍රධානම දෙය මගෙ මතකේ කෙටුවා වගේ ලියවුණා......
" අධ්‍යාපනය කියන්නේ වෙන කිසිවක් නෙමෙ ස්වයං විනය !.........."
ඉස්කෝලෙකට එක වසරට ළමයි දාපුවාම හරි ආදරෙන් බලා ගන්නෙ, අන්න එහෙම අපිව හරි ආදරෙන් බලා ගත්තා වගේ ගතියක් අද දැනුණා.......ළමයි 1164 ක් ළං කරන් අම්මෙකුයි තාත්තා කෙනෙකුයි කතාවක් කියල දුන්න වගේ........
Agenda එක අනුව introduction program එක නියමාකාරයෙන් ක්‍රමවත්ව තිබුණා......
වෙලාවට ත් කලින් ගාණට ඉවර වුණා.....
ශා.........මට ඒ ගැන හරි පුදුමයි........හරි සතුටුයි.......
දෙය්යනේ ඇත්තටම මම මේ තරම් perfect බවක් බලාපොරොත්තු වුණෙ නැහැ. හැබ්‍යි සියල්ල ඉස්තරම් ලෙස තිබ්බා.......මම අගය කරන ලොකුම දේ වුණේ වෙලාවට පටන් අරන් කෙටියෙන් කතා කරල වෙලාවට ඉවර කිරීම කියන ලක්ෂණය.
අද මට හරි සතුටුයි..........💗💯✨
සාර්ථක දිනයක් !
සාර්ථක වැඩක්........
අවසාන වශයෙන් ගත්තොත් මට අම්මටයි තාත්තාටයි වගේ මැරෙන්න තරම් වුණත් ආදරේ හිතිල තියෙන්නෙ ධර්මපාලෙ ගැන සහ ගුවන්විදුලි ය කෙරෙහි පමණයි......
ඒ ආදරේ ඒ තැන් දෙක කෙරෙහි ඇති වුණෙ කොහොමද කියල මම දන්නෙ නෑ......හැබැයි ඒක ලේ වලම තියෙන පුදුම බැඳීමක්................
අන්න එහෙම තියෙනවා වගේ අපරිමිත ආදරයක් අද මට ජපුර ගැන ඇති වුණා...........................
ධර්මපාලෙ , ගුවන්විදුලි ය සහ ජපුර මං ආදරේම තැන් තුන බවට ලියවුණා....හදේ ඉහළම තැනක..........
අද දවස ගැන මට හරි සතුටුයි...............
ඒ වෙනුවෙන් කැප වූ සැමට ස්තුති !..........
අද පටන්, වසර 4 ක්
මා වෙනුවෙන් බදු ගෙවන ජනතාවට ප්‍රශංසා කරමි......
හරි ලස්සන දවස් මේවා........
සැමට ස්තුති වේවා !
නවක ශිෂ්‍ය,
සේමිණි දන්තනාරායන,
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය ,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
2025/ 01 / 01
#SKD 💗

අහම්බෙන් දක්කේ...නියමයි.සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.❤️
ReplyDelete