Posts

Showing posts from May, 2022

ඇහැළ සුවඳයි ධර්මපාලේ...

Image
මම වැනිම  තවත් බෝ අය,  ආ ගිය මතක  කැටි කොට,  සිනාසී කඳුළු අතරින්,  එදා වාගෙම අදත්,  විසල් ඒ හැම අතුවල , ලස්සනම කහ පාටට, මල් පිපෙන හැටි සුන්දරය....... විදුබිමේ පිය මනින, සැම දෙනගෙ නෙත ගැටෙන,  මල් පිරුණු ඇහැල ගහ, මඟ හැරුණි, මට මෙවර........ ඒත් හරි ලස්සනට,  සුවඳ කර දස අතම,  ඇහැළ මල් පිපෙන හැටි,  මවනවා මුලු සිතම... ✒️සේ.කා.... 🥀DVP...🍃 #DBV - 22/5/14....

තෑග්ග...

Image
  අවුරුද්දයි මාස දෙකයි   .....🍃 අදට, මේ පෑනට... ආසම ඉස්කෝලේ, ලස්සනම දම්පාටින් හැඩවුණු පෑන... සා.පෙළ ලියද්දී මේසෙ උඩින් මම පෑන තියාගත්තෙ, ඉස්කොලේ මතක් වෙන්න, තනියක් නොදැනෙන්න... ඉස්කොලේ මතක් වෙද්දී, මුලින්ම අතට ගන්නෙත් මේ පෑන... එදා , පෑන ඉවරවෙයි කියල, විභාගෙ ලිව්වෙ නෑ මේ පෑනෙන්, හැබැයි අදටත් , හැමදාටමත්, මේසෙ උඩින් පරිස්සමින් තියන් ඉන්න පෑන තමයි මේ පෑන.... ලස්සනම දවසක, ධර්මපාලෙන් අපිට ලැබුණු අන්තිම තෑග්ග, මේ පෑන... ඉස්කෝලේ ගිය අන්තිම දවසෙ, පුංචි අපි හැමෝටම, අන්තිමටම ලැබුණ, වටිනම තෑග්ග, අද කතා කරනවා... ✒️🍃.....සේ.කා. 2022/05/20.