වාරේ........waare
එකම කෙනා වුණත් එක එක වෙලාවට පරිප්පු හොද්ද හදන විදිහ වෙනස් වෙනවා. හැමතිස්සෙම තෙල් දාලා පරිප්පු හදන්නෙත් නෑ, හැම තිස්සෙම කිරට විතරක් ම උයන්නෙත් නෑ. අන්න ඒ වගේ හැම තිස්සෙම මම ලියන දේවල් සාහිත්‍ය කොටස්, කවි කෑලි, දාලා ලියන්නෙ නෑ. සෝමරත්න දිසානායක මාමා ළමයි දාලා චිත්‍රපට හැදුවම මිනිස්සු හිතුවෙ ඒව ළමා චිත්‍රපට කියල. නමුත් පුංචි සුරංගනාවි, සරෝජා, ඉඳල ඒ හුඟක් කතා වලින් ළමයි යොදාගෙන ආමන්ත්‍රණය කරල තිබ්බෙ වැඩිහිටියන් ට. ඒක මිනිස්සු තේරුම් ගත්තෙ වෙන විදිහකට නිසා ජංගි හොරා ආපු ගමන් සෝමරත්න මාමා ගැන මිනිස්සු බැලුවෙ වෙනම කෝණයකින්.
ඉතින් කොහොම වුණත් මම මේ කියන්න යන්නේ, අන්න ඒ වගේ එකම කෙනා වුණත් පරිප්පු හදන විදිහ එක එක දවසට වෙනස්.
ඒ හා සමානයි මගේ ලිවීම....මම හැමදාම ලියන මේ පුංචි පුංචි දේවල් එකම ආරකට මම ලියන්නෙ නෑ. අනික මම මේ ලියන්නෙ ඔබට කියල මෙය කියවන ඔබ හිතුවට, මම මේ ලියන්නෙ ඔබට නෙමෙයි , මටම යි...... ඒ නිසා මෙහි දිග පළල තියෙන්නෙ මට ඕනෑ ලෙසටයි.......
ඊයෙ හැන්දෑවෙ තමයි මට පුළුවන් වුණේ
" වාරේ " බලන්න... වාරේ ඔක්කොම මෙතෙක් විකාශය වූ සියල්ල, බැලුවා මම..........
අසේල සර් කියන්නෙ මගේ ගුරුතුමා. ඒ බව දන්න අය දන්නවා. නොදන්න අය දන්නෙ නෑ . ඉතින් අසේල සර් ගිය අවුරුද්දේ දවසක මට කිව්වා ලස්සන අදහසක් ගැන. මෙහෙම දෙයක් හිතුණා කියල...
ඒක අහපුවම මට ආවෙ ඇත්තටම පුදුම සතුටක්.දෙයියනේ මෙහෙම මිනිස්සුත් තාම මේ රටේ ඉන්නව නේද කියල හිතුණා . ඊටපස්සෙ ඉතින් ඒ වෙනුවෙන් sir ගෙ අදහසට අනුව නිර්මාණය වුණා ගීතය, කාටවත් දැන්ම යවන්න එපා කියන පොරොන්දුව මත සර් මට එව්වා. ඒක අහල අහල අහල සිය වතාවකට වඩා මං ඒ ගීතය අහල, ඒකට කොච්චර ආසා වුණාද කියනව නම් අන්තිමට මම ringing tone එක විදිහට දා ගත්තෙත් ඒකෙ කොටසක්....
එතකොට උසස් පෙළ විභාගෙට තිබ්බෙ මාස තුනක් වගේ. ගෙදර පාඩම් නැති හැම වෙලාවෙම ඇහුණෙ ඒ ගීය විතරමයි. ඇයි ඉතින් එළියෙදි අහන්න බෑ නෙ අනික් අයට ඇහෙන නිසා. ඉතින් ගෙදර දි විතරයි ඇහුවෙ.මට ඒක අහල කඳුළුත් ආව. ඔව් දෙයියනේ මේක " අවාරයක් නැති දේශයක් කියල "....
ඊටපස්සෙ විභාගයෙන් පස්සෙ තමයි මේ වැඩේ ගැන සර් සම්පූර්ණයෙන්ම හරිම විස්තරේ මට කිව්වෙ.
ඒක අහනකොට මට මතක් වුණේ වෙන කිසිම දෙයක් නෙමෙයි,
" මහා සංචාරේ " සහ " ගඟ දිගේ " ජැක්සන් ඇන්තනී මහතා ගෙ වැඩසටහන.
ඒ කාලෙ මං පුංචි යි. ඒකෙ කියන මෙලෝ වචනයක් මට තේරෙන්නෙ නෑ . හැබැයි අහන් ඉන්න කොට බලන් ඉන්න කොට හරි රහයි වගේ දැනුණා. අදටත් මං ආසම වැඩසටහන් දෙකක් තමයි ඒ දෙකම. මට එදා හිතුණා " වාරේ " තමයි ඊළඟට මගේ හිත ගන්න නියමිත කියල.
අන්තිමට කාලෙ ගෙවිල ගිහින් සර් කොහොම හරි " වාරේ " ට පණ දුන්නා, බොහෝ අභියෝග මැද. ඒක මල් පාරක ගමනක් නෙමෙයි. " වාරේ " වගේ දෙයක් ගැන මීට අවුරුදු ගණනාවකට පෙර සර් ට හිතෙන්නෙ ත් ලොකූ දුකකට පස්සෙ. " සෑම කලු වළාවකම රිදී රේඛාවක් ඇත " කියන දේ සර් ඔප්පු කරේ වාරෙන්. මම වාරෙට ආස සර් නිසා නෙමෙයි.
මම වාරෙට ආස ඒක පුදුම සංකල්පයක් නිසා.
ඒක වෙන රටක ව්‍යාපෘතියක් වුණා නම් ඒ රටවල බලධාරීන් ඒ වෙනුවෙන් මීට වඩා කැපවෙනවා, වාරේ වෙනුවෙන් නෙමෙයි, ඒ රට වෙනුවෙන්.............
මං හිතන්නෙ අසේල sir හොඳ විප්ලවකරුවෙක් වෙයි වාරේ හරහා.......මොකද මේක කවුරුත් නොකරන පුනරුදයක්. විප්ලව කරන්න අවි ආයුධ ඕනෙ නෑ, චෙස් බෝඩ් එකක් වගේ සමාජෙක, හොඳ චෙස් ක්‍රීඩකයෙක් ගේම් එක play කරන්නෙ, මොළෙන්. ජීවත් වෙනව කියන්නෙම මොළෙන් ගහන ගේම් එකක්. ඒක හරිම රහයි. වාරේ බලනකොට මට පේනවා අවුරුදු ගාණක් පරන ඉතිහාසයක්, වගේම අවුරුදු ගණනාවක් එහාට ලොකූ අනාගතයක් !......................
ඒ නිසා වාරේ කියන්නේම වෙනස්ම වාරයක් ! Sir ඒ නියම වාරෙ එනකල් හිටියා.
වාරේ අවාරයක් නැති දේශයක සංචාරයක් විතරක් නෙමෙයි , වාරේ කියන්නෙම brand එකක්. සන්නාමයක් !........
ඇයි මං එහෙම කියන්නෙ ?
මම කැමති නෑ ලබ්ධිකයෙක් වෙන්න,
දායකයෙක් වෙන්න, කිසීම අවස්ථාවක. මට ඕනෙ හොඳ විනිවිද දකින රසිකයෙක් වෙන්න. ඒ නිසා වාරේ රසිකයෙක් බවට මම පත්වෙන හේතු හුගාක් තියෙනවා. ඒ නිසයි මේ ලිපිය ලියන්න මෙච්චර පරක්කු වුණෙත්. ඒක බලල , විඳල, ලේ මස් නහර වලටම ගියාට පස්සෙ විතරයි මට ඕනෙම දෙයක් ගැන අදහසක් කියන්න පුළුවන් වෙන්නෙ......
නැත්නම් අසේල sir මගෙ ගුරුතුමා කියල,
අනේ ශා ශෝක් ! කියල විතරක් කියන්න බැහැ මට...... වාරේ බලල විඳින්නම ඕනෙ මම.....
ඒ නිසා වාරේ මෙතෙක් ගිය සියල්ල කිහිප වරක් ම මා මුල සිට අගට බැලුව. අධ්‍යයනය කරා.
සතියෙන් සතිය වාරේ වෙනස් වෙමින් රහට ගෙවෙන හැටි හරි පුදුමයි........................
" කොහොම නමුත් මිත්‍රයා මට ඔබව අත් හරින්න බෑ........"
මුල්ම වැඩසටනේ සර් මේ ටික කියනකොට සර්ට සර් වෙනුවට, සර් නොකියා, ආදරෙන් " ඒ කතාව ඇත්ත මිත්‍රයා, අපි කාටත් අපිට අපිවම අහිමි වෙච්චි සමාජෙක තනි ගමනක් නෑ මිත්‍රයා කියල" පෙරළා කියන්න හිතුණා මට.......... ඒත් ඉතින් මං එහෙම කිව්වෙ නෑ , Tv එකෙන් මං කියන සර්ට ඇහෙන්නෙ නැති නිසා...
" මිත්‍රයා, මේක මහ අමුතුම තැනක්, පුදුම රාජධානියක්, මේ රාජධානියේ ඉන්නෙ කූඹි රංචුවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?.........."
" එතකොට මට ලැබෙනව කුඩා ඇස් දෙකක්. අර වෙනද බලන කෝණයෙන් බලන්නෙ නැතුව, නොයෙකුත් අහුමුළු මට දකින්න පුළුවන් වෙයි...."
" වානේ පන්නරය ලබන්නේ ගිණි රත්කොට දැඩි සීතෙට වහා හසු කිරීමෙනි.මේක ඉතා බරපතළ කියමනක් ! "
" වානේ පන්නරය ලැබූ මිනිසුන් පොත් වල විතරක් නෙමෙයි , අපේ ජීවිත වලත් හමුවෙන බව ඔබට යළි යළිත්
තහවුරු කළ හැකියි.
ඔවුන් වෙනුවෙන් වෙන්වුණු හිස් පොතක් තියෙනවා , මම දැන් ඒක සටහන් කරන්න පටන් අරගෙන....."
" කෝපි කෝප්පයක් වුණත් බොන්න ඕනෙ ඒක නිවෙන්න කලින්. රස්නෙන්. ඇල් වෙන්න කලින්......."
" බිඳුණු හිතක් ආයෙ හදන්න බෑ කියනවනෙ."
Sir මේ ටික කියන්නෙ ඇස් වලින්.
හදවතින්ම...................... වචන එන්නෙ හිතෙන් මිසක් කැමරාවට නෙමෙයි .........
මේ ඔක්කොම අහපු බලපු මට හිතුණා , "වාරේ" වීදි නාට්‍යයක් කියල. ආයෙ හිතුණා නෑ නෑ වේදිකා නාට්‍යයක් කියල. ඒත් ඊටපස්සෙ හිතුණා නෑ නෑ සමහර විට ඒකාංගික " ටෙලි නාට්‍යයක් දෝ කියල"
මොකද ඒ හැම දේකම තියෙන ප්‍රණීත උසස් කලා රසය වාරේ තුළ මම දැක්කා..........
අසේල sir විප්ලවවාදී නලුවෙක් වෙලා. හොඳ අංශක 360 ක දැක්මක් තියෙන කාලෙන් කලෙට පරිවර්තනය වෙලා අනුවර්තනීය ලෙස අලුත් අලුත් දේ මවන ඉන්ද්‍රජාලික රසයක් !
මේ නිසාම වාරේ තුළ නාට්‍යමය රස වගේම, හදවතේ සියුම් තැන් ඉතාම සියුම්ව ස්පර්ශ කරන, වාර්තාමය වැඩසටහන් ගුණය, අධ්‍යාපනය, නවෝතපාදනය, සංචාරය, මේ සියල්ල තියෙනවා......හොඳ වැඩසටහන් දැන් ඇත්තේ ඉතාම අල්ප මාත්‍ර ලෙස......දැන් බොහෝ විට ඉන්නෙ නාට්‍යයක් තියා පසුතලයක් වත් හදා ගන්න බැරි වේශ නිරූපණය හරියට කරගන්න බැරි අය. ඒත් ඒ මල් මල් ලෝකෙ පාවෙන ෆැන්ටසි වලට මිනිසුන් හරි ප්‍රියයි.........
Trending වෙන තරම් ප්‍රේක්ෂකයො ඒවට ඇබ්බැහි වෙලා....... එලොවටත් නැති මෙලොවටත් නැති දේවල් මිනිසුන් ආදරෙන් වැළඳ ගන්නවා අනේ මගේ පණ වගෙ කියල..............
හැබැයි ඒ අතරට සියලු රස මවන වාරේ කියන්නේ කාන්තාරෙකට වැස්සක් වගේ........
රූපවාහිනීය ඉතාම ප්‍රශස්ත වැඩසටහන් කළා ඉස්සර. ඒත් දැන් පල්ලෙහාටම වැටිලා පිරිහිලා ගිහින්. කොසොල් රජුගෙ හීන 16 ම සැබෑ වෙන කාලයක් නෙ මේක. හැබැයි අන්න එහෙම කාලෙක, රූපවාහිනීයත් නැගිට්ටවා ගෙන, රසිකයන්වත් ඇහැරවගෙන, ඔක්කොම අයගෙ අතින් අල්ලගෙන, දුර දිග බලලා, මං සකසා ගෙන, හොඳ ගමනක් යන්න, වාරේ අඩිය තියල තියෙන්නෙ. ඒක තේරුම් අරගෙන වාරේ ශක්තිමත් කරොත්, හැමෝම එකට හිතුවොත් ඉස්සර ගුවන් විදුලියෙන් වගා සංග්‍රාමයට පණ දුන්නා වගේ රූපවාහිනීයෙනුත් රටට පණ දෙන්න පුළුවන් වෙයි. හැම නාලිකාවක්ම පොඩ්ඩ පොඩ්ඩ හරි වෙනස් වුණොත්, රටේ එක මනුස්සයෙක් හරි හැදුණොත්, පෙරට යන්නෙ රට ! ඒකට වාරේ අත් පොත් තැබීම
අගය කරන්ට ඕනෙ.
නිකම්ම නිකම් වාර්තා වැඩසටහනක් නෙමෙයි මේක..... වාරේ කියන්නේ මහා සංචාරයක් ! කර්මාන්ත
එක්ක, කූඹි රාජධානියක යන ගමනක් !....................
" බිඳුණු බෝතල් විතරක් නෙමෙයි වාරේට පුළුවන් මුළු සමාජයක්ම ඉදිරියට ගෙනියන්න. ඒකට අසේල සර්ගෙ හිතේ හයිය නිසා මෙහෙම ගමනක් ගියාට, ඒ වෙනුවෙන් තව ශක්තියක් ඕනෙ කියල හිතෙනව. එතකොට තමයි වාරේ එක්ක කූඹියෝ එක්ක චෙක් මේට් කරල, මේ ගේම් එක දිනන්න පුළුවන් වෙන්නෙ.......................
වාරේ ඒ තරම්ම්ම්ම
රමණීය අදියුරුවමක්.
ඕනෙම වැඩසටහනක් සාර්ථක වෙන්නෙ කණ්ඩායමක් නිසා. සමූහයක් නිසා. වාරේ මුළු සමූහයටම ස්තුති !
ඒ සමූහය නිසා තමයි අසේල sir ගේ මේ අදහස හරිම මනරම් විදිහට අපි අතරට එන්නෙ..........................
රූපවාහිනීය මෑත කාලෙ කරපු හොඳම වැඩසටහනක් මේක......
මම මේ අසේල sir ගෙ ගෝලයෙක් නිසා ලියනව නෙමෙයි.
වාරේ රසිකයෙක් ලෙස ගොඩක් දේවල් හොයල බලල, අංශුවක් ගාණේ හැම රූප රාමුවක්ම බලල හැම දේම හොඳ ට අධ්‍යයනය කරල, රස විඳලයි මම මේක ලියන්නෙ........................
මට පුදුම සතුටුයි වාරේ ගැන. ඉස්තරම් !...........
'අර බල අප රට ආන්තරාවක.
අවාරයක් නැති රටක්, පැටලිලි ගොඩක.
වාරේ, ඒ එකින් එක ලෙහන ගමන් ඉන්නෙ.
පැටලුණු නූල් බෝලෙ අපි එක්කම දිගහරින පෙරගමන්කරුවා අසේල sir........'
" අවාරයක් නැති රටක බොලන්නේ, සාරේ සොයා ගෙන ගමරට යන්නේ "..............................
එක එක දවසට, එක එක විදිහට වාරේ පැළ කරන්නේ යෝධ නුග ගස්.................
ඒක හරිම විචිත්‍රයි......
රූප රාමුවේ සිට සියල්ල දවසින් දවස හරි වෙනස්...........!
" වාරේ " - නෙතින් නොවේ හදවතින්ම දැක්කා........................
ඉතින් එබැවින් වාරේ වෙනුවෙන් මගේ හද පිරි ප්‍රණාමය, අසේල Sir ට,
සහ සමස්ත කණ්ඩායමට...........
වාරේට ජයෙන් ජය !..........
මේක මහා සංචාරයක් !
කුහුඹු මිනිසෙක් වීම ලොකූ භාග්‍යයක් !
කුහුඹු රාජධානිය ගොඩක් බලගතුයි......
ඒක සමහර අය දන්නෙ නෑ . සමහර අය දන්නව.
මේ ඔක්කොම එක්ක එකට එකතු වෙලා කරන විප්ලවය තමයි,
හොඳ ම සන්නිවේදනය තමයි, " වාරේ ".............
වාරේ පෙන්වන්නෙ තනි හිතක බලය ! ඒ රැස් වළල්ල තමයි වාරේට පණ දෙන්නෙ. ඒ අසේල sir. ඒක හුගාක් කැපිලා පේන්නෙ, ඒ එක්කම ඉන්න කණ්ඩායමේ දක්ෂතාව නිසා..........
" වාරේ " කවදාහරි දිනයි
සබුද්ධික මනැස් මසැස් රාශියක් !..........
" නවකතාකරුවා විනිශ්චය කාරයෙකු වශයෙන් හිඳ, ඒ ප්‍රශ්න පාඨකයා නැමැති ජූරිය හමුවේ තැබිය යුතුයි "
කියල ඇන්ටන් චෙකොව් කියල තියෙනවා.
ඇයි ඉතින් නවකතාකරුවා විතරක් , එය කවර ගණයේ පුද්ගලයෙකුටත් වලංගුයි කියල, " වාරේ " අපිට පෙන්වල තියෙනවා.
මොළය සහ ළය විතරක් වැඩ කරන, යටි අරමුණු නැතිව, දේශපාලනයක් ගෑවෙන්නෙ වත් නැතුව, " රට " කියන හැඟීමෙන් පමණක් වාරේට ආයෝජකයන් තව බොහෝ උදව් කරොත් වාරේ ට ගෙනියන්න පුළුවන් ලෝකෙටම, හොඳ සුබ පණිවිඩයක් !
ඒ තමයි, ලංකාව ඇත්තටම අවාරයක් නැති පිං බිමක් කියන එක........................
වාරේ - අදත්, හෙටත්, සෑම කාලෙකම වලංගුයි.
වාරේ කියන්නේ මිනිසුන් ගෙ හද ගැස්ම ඇහෙන, නාඩි වැටෙන තැන් දන්න, පුදුම සහගත සංකල්පයක්.........
හෙටට ඕනේ, හොඳ චින්තකයන් බව ත් මනස පොහොසත් ඇස් බවත්, වාරේ හොඳම කාලෙක ඔප්පු කර තිබේ..............
අසේල sir කියන්නෙත් ලොවෙන් එකෙක් එක් දෙයකට පමණක් නොව තව බොහෝ දේවල් වලට සමත් බව විදහා පෙන්වූ හොඳ ධනාත්මක හද ගැස්මක්............!!!!
අන් සියල්ල සමඟ, වාරේ ඊට කදිම නිදසුනක් !..........
වාරේ වෙනුවෙන්, මාගේ සතුට, සහ තුතිය මෙයින් ලියා තබමි.....................
2024/08/09
✒️Se.Ka. Semini Danthanarayana

Comments
Post a Comment
Comments ?