සුරතලී....💗
" හුළඟට වැලි කඳුවල හැඩේ වෙනස් වෙනවා. ඒත් කාන්තාරේ වෙනස් වෙන්නේ නෑ.එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගෙයි. “ “The Alchemist” -Paulo coelho - ලාලනය කියන්නේ සුරතල් කිරීම. ලාලසාව කියන්නේ මහත් වූ ආශාව. සු+ රත්> සුරත් - මහත්සේ ආශා හිතෙන/ ඇලුණු. එයට අල් යන ස්වාර්ථයේ ප්‍රත්‍යය එකතුවී, සුරතල් යන්න සැකසේ. මහත්සේ ආශා හිතෙනා යන්නයි එහි අරුත....... ජීවිතේ අපේ හිත් හැම මොහොතකම කැමති ලාලනය වෙන්න. සරලවම කිව්වොත් කවුරුත් ආසයි හුරතල් වෙන්න. ඒකට වයස් භේදයක් නැහැ. හැම කෙනෙකු තුළම සඟවා ගත් හුරතලයක් , ලාලනයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපේ මමත්වය ඒක එළියට පෙන්වන්න කැමති නැහැ. හැමෝම හුරතල් වෙන්නෙ එකම විදිහට නොවෙන්න පුළුවන්. කෙනෙක් ඒ හුරතලය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී, තව කෙනෙක් එය රහසින් විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ විඳීම තුළත් තියෙනවා ප්‍රකාශිත හුරතලයට වඩා සොඳුරු සුරතලයක්... ආදරයක්, ප්‍රේමයක් පමණක් නොව ඕනෑම බැඳීමක් ශක්තිමත් වන්නේ මෙකී සුරතල් ස්වභාවය මතයි. අපගේ අව්‍යාජ, නිර්ව්‍යාජ, අවංක, සැබෑ ස්වරූපය විවෘතව විඳින්න, දකින්න පුළුවන් කෙනෙකු තුළ පමණයි අපට සැබෑ සැනසීම හිමිවන්නේ. සැමිය...