Posts

Showing posts from November, 2023

හද පිපි මල්....🌻

Image
✨විස්මයකි කාලය විසල්........✨ මාගේ පාසල් දිවියෙහි 2013 වසරේ 4 ශ්‍රේණියේ සිට මේ දක්වාම මම පාසල් ත්‍යාග ප්‍රදානෝත්සව සඳහා සහභාගි වී ඇත්තෙමි. මේ කතාව කාලය මැවූ වෙනසකම් රැසක් සහිත ත්‍යාග ප්‍රදානෝත්සවයක් සම්බන්ධව ය.  පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තුළ සිටින සමයේ ත්‍යාග ලාභී ශිෂ්‍යාවක ලෙස ඉතා කුඩා කළ මා සිටින කළ මා සිහින මැවූයේ වේදිකාව මත සිටින අයෙකු විය යුතුය කියාය. පසුව මඳක් ඉහළ ශ්‍රේණි වෙත ආ කළ එහි නිවේදන කටයුතු කළ යුතු යැයි සිත් විය. එම ආශාව කල් යත්ම තව තවත් වැඩි වූවා පමණි.... මම පාසලේ ප්‍රධාන අවස්ථාවන්හී සභාව ආමන්ත්‍රණය කර තිබුණද, බොහෝ අවස්ථාවන් හී නිවේදන කටයුතු කර තිබුණද, පාසල් වර්ණ ප්‍රදානෝත්සවය පවා සිදු කළද, කිසිඳු දිනක ත්‍යාග ප්‍රදානෝත්සවයේ නිවේදන කටයුතු සිදු කර නැත. මා 9 ශ්‍රේණියේ සිටින කළ මා ආසක්ත වූයේ ත්‍යාග ප්‍රදානෝත්සවයක දී 4 වන පින්තූරයේ ඇති පරිදී උත්පලා ගුරුතුමිය සමඟ පින්තූරයක් ගැනීමටයි. එය මේ වසරේ (2023/11/22) දම්පල් ත්‍යාග ප්‍රදානෝත්සවයේ සේයාරුවකි. මා හට උත්පලා ගුරුතුමිය හමුවූ වසරේ පටන් ඉන්පසු ව තිබූ ත්‍යාග ප්‍රදානෝත්සව ද්විත්වය තුළම මම ඉතාමත් ආශා වූයේ වේදිකාව මත සිට උත්ප...

Oh My God - OMG 2

Image
Oh, My God 2 ✨ Literature and creation are there to truly lead the fellow from joy to wisdom. That is also useful to transmit a certain opinion or a new idea to people. Cinema is one of the most powerful weapons to do this social work. To do that, society must have a well-read understanding. There are many occasions where cinema has been used to carry out the work of social reform and this is one such occasion. One of the most important tastes we get from watching a movie is the taste of wisdom. ✨ In a world where we are separated from each other in the mechanism of globalization, we have to face individual and common problems. coz we lost us inside us. Many people cannot say  " I am the who I am '' Especially in countries where religious piety is at its peak, various other problems arise due to that and they developed that into war situations. Also, there are cases where the recovery is distorted and stuck without being able to go beyond it due to folk culture and tra...

OMG 2 vs ජයතිලක කම්මැල්ලවීරයන්ගේ ලේ

Image
අනේ දෙවියනේ !  අපට වැසිකිළියක් ! සාහිත්‍යකරණය හා නිර්මාණකරණය ඇත්තේ සැබැවින්ම සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යාමටය. එමෙන්ම යම් මතයක් හෝ නව අදහසක් ජනයා වෙත සම්ප්‍රේෂණය කිරීමට ඖචිත්‍ය වන්නේද නිර්මාණකරණයයි. සිනමාව වනාහී මේ සමාජ කර්තව්‍යය කිරීමට හැකි ප්‍රබලම අවියකි. එය සිදුකිරීමට සමාජය මනාව කියවාගත් අවබෝධයක් තිබිය යුතුය. සමාජ ශෝධන කාර්‍යය සිදු කිරීමට සිනමාව බොහෝ තැන්හී යොදාගත් අවස්ථා ඇති අතර මෙයද එබඳු අවස්ථාවකි. සිනමාපටයක් නැරඹීමෙන් අප ලබන්නාවූ රසයන් අතරින් තවත් වැදගත්ම රසයක් වන්නේ ප්‍රඥා රසයයි.   ගෝලීයකරණ යාන්ත්‍රනය තුළ අප එකිනෙකා අතරමංව සිටින ලෝකයක වුවද පුද්ගලාලම්භන වශයෙන් එකිනෙකට වෙනස් වූද පොදු වූද ගැටලුවලට අපට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් ආගමික භක්තිවාදය මුදුන්පත් වූ රටවල් වලට ඒ හේතුවෙන්ද තවත් විවිධ ගැටලු ඇතිවී යුධමය තත්ත්ව දක්වාද ඒවා වර්ධනය වේ. එමෙන්ම ජන සංස්කෘතිය හා සාම්ප්‍රදායික සංස්කෘතික තත්ත්වයන් හේතුවෙන් ප්‍රකෘතියේ විකෘතකරණයට ලක්ව, ඉන් ඔබ්බට යා ගත නොහී සිරවී සිටින අවස්ථාද එම ගැටලු අතර ඇත. විශේෂයෙන් මුස්ලිම් රටවල් හා ලංකාව,ඉන්දියාව ආදී බහු සංස්කෘතික රටවල්ද ඒ අතර වේ....

3 Days in life....

Image
  මෙය මා හට ඓතිහාසික ඡායාරූපයක් තරම් වටින හේතු ත්‍රිත්වයක් ඇත.  1) මාගේ ජීවන නෞකාව වෙනස් කරන්නාවූ ඒ කපිතාන්වරිය එතුමිය වේ යැයි නොදැන, අහඹු ලෙස මා හට ඒ මහා දැවැන්ත චරිතය හමුවූයේ, මින් සය වසරකට පෙර ගත්, පළමු පින්තූරයේ සඳහන් දිනයේදී ය. එදින ( 2017/3/9) මාගේ ගුරු දේවෝත්තම වූ ඒ ආදරණීය ගෞරවනීය විසල් ගුරු තරුව සැරසී සිටියේ 2 වන පින්තූරය හා සමාන තනි දම් පැහැති සාරියකිනි.....💜 2) ඉන්පසු, මාගේ පූජා භූමිය වන දම්පල් පියසට සමුදී දේවි බාලිකාව වෙත පියනැඟූ පසු මාස එකොළොසකින් අනතුරුව හැබැහින් නැවත එතුමිය මට පළමු වරට හමුවූ දිනය දෙවන පින්තූරයේ සඳහන් වේ...පළමු දිනයත්, මා දිවියේ යම් යුගයකින් පසු දෙවන දිනයත් දම්පැහැ විය.....(22/10/25) 💜 3) මම දේවි බාලිකාව වෙත යාමට පෙර,2021/12/08 වන දා මම දම්පල් පුණ්‍ය භූමියටත්, ඒ සියලු ඇදුරු මඬුල්ලටත් සමුදුන් දිනයේ එතුමිය සැරසී සිටියේද 3 වන පින්තූරය හා අතිශය සමාන ලා කොළ පැහැ සාරියකිනි.... මම ද, මා තැනූ එතුමිය ද පාසලෙන් නික්ම ගිය ඒ දින දෙකම ලා කොළ පාට වීම අහඹුය......💚 මෙම අවසන් පින්තූරයේ දැක්වෙන්නේ,මාගේ තිඹිරි ගෙය වූ දම්පල් පියසට මා ජනිත කළ, මට මා සොයා දුන්,...