Posts

Showing posts from January, 2022

මී විත... අමර සර

Image
 සඳ හොරෙන් හොරෙන්..... ඉපිද මැරෙන යළි ඉපදෙන ලෝකයක  ඉන්න අපව , ඔහු  පටු අදහස් පවුරෙන් මුදා ගත්තා.... මහලු නොවූ කොලොම්තොටක ඉඳලා , ඔහු,  මධුවන්තී ඔබ වෙත ගෙන ආවා.... මේ ලොව, යම්කිසිවෙකු පමණක් නෙවෙයි, මුලු ලොවක් ඔහුට පෙම් කළා.....  ඒත් , අන්තිමට සන්නාලියන් වියපු සීත සලුව ගත දරාගෙන, අමයුරු අමරසර නිහඬ වුණා ....  හැබැයි , සසර වසන තුරුම හෙළ රන් දෙරණෙහි ඒ අමරසය , අමරණීයයි...  අදත්, හෙටත්,  ඈත කඳුකරයේ හිමව් අරණක ඉඳලා,  එන සුළං රැල්ලේ පාව එන්නේ,  ජන්ම භූමිය රත්න දීපයැකැයි කියූ,  ඔහුගේම නාමය නොවෙද....... අතීතයේ ගිලිහී ගිය සුවඳ යළි රැගෙන වඩින්නට,  ගයන්නේ, පද්ම ශ්‍රී පණ්ඩිත් , ආචාර්‍ය W.D අමරදේව සූරීන්....

මුව මුක්තා ලතා...

Image
 ලවන් මත දැනෙන,  පෙම් මුවරදක පහස ඇති විටෙක,  අමයුරු විළඳ පැණි මොකටද රාත්‍රිය කෙටි  වූ මොහොතක.... හිරු පායන්න එපා කියල හිත කියන වෙලාවක,  බඹරිඳු තුඩට ඔබ රොන් දෙන සුයාමය, මන්මත් නොවෙත් නම් ඒකමයි පුදුම... සඳ කිණිති නවා,  කඩුපුල් මත පිණි බිඳු ඉහිරෙද්දී, වළා පට අතරක ඉඳන් සඳ සිනාසෙන එළිය තවත් ලස්සනට පේන්නෙත් එහෙම වෙලාවක...  නුරාගය තැවරුණු පාට නැති වුණත්, මල් පෙති වල,  රැය නිවා සනහන,  සේපාලිකා සුවඳක් මත හිඳ , අපි විඳිමු සැනසුමක රස.....  ගයන්නේ , විශාරද එඩ්වඩ්  ජයකොඩි

මුහුණක හිනාවක්...

Image
කම්මුලේ ඇඟිලි පහ හිටල තිබුණ දවසක,  දකින්නත් අකමැතිම බිත්තිය ළඟින් යද්දී, මතක් වුණා, ඇණ ගසා  මිටියකින්  රිදවලා බිත්තියට...  දෑත් පටලා එකට, හිනාවෙන රූපයක්  බිත්තියේ එල්ලුවට... හදවතේ හිනා මලක්, කවමදාකවත් ජීවිතේ නොපිපුණ බව..... මුහුණේ සිනාවක් යන්තමින් වත් ඇඳෙන්නට ඇත්තේ, බිත්තියට රිදවන්න  කලින් විය යුතුය ..... S.kavindya  22/01/29

බිත්තියෙ ඉරක්...

Image
නිදිවැරූ  ඝණඳුරක, සඳ එළිය නැති රැයෙක,  මදුරු අම්මෙක්, ලේ උරා බොන්නට, කියා දී තිබුණා දුවට...  ඒ අතර, අත්තම්මා, මට කියාදී තිබුණා, අත්පොඩි ගසන අයුරු.... අමතක හින්දම එය මට,  එදා ඒ රැයෙම,  උගෙ තැබෑරුම මා වුණිද....  නැගිට මා බලන කළ, ඇඳී තිබුණා, බිත්තියේ රතු ඉරක්, මදුරු තටුවක් සමඟ.. ඒ ඉර,  මගෙ ලෙයද ?  උගෙ ලෙයද....  S.kavindya ...  2022/01/29 🩸( මතුපිටින් බැලිය හැක...  ව්‍යංග්‍යයෙන් විඳිය හැක....)