මී විත... අමර සර
සඳ හොරෙන් හොරෙන්..... ඉපිද මැරෙන යළි ඉපදෙන ලෝකයක ඉන්න අපව , ඔහු පටු අදහස් පවුරෙන් මුදා ගත්තා.... මහලු නොවූ කොලොම්තොටක ඉඳලා , ඔහු, මධුවන්තී ඔබ වෙත ගෙන ආවා.... මේ ලොව, යම්කිසිවෙකු පමණක් නෙවෙයි, මුලු ලොවක් ඔහුට පෙම් කළා..... ඒත් , අන්තිමට සන්නාලියන් වියපු සීත සලුව ගත දරාගෙන, අමයුරු අමරසර නිහඬ වුණා .... හැබැයි , සසර වසන තුරුම හෙළ රන් දෙරණෙහි ඒ අමරසය , අමරණීයයි... අදත්, හෙටත්, ඈත කඳුකරයේ හිමව් අරණක ඉඳලා, එන සුළං රැල්ලේ පාව එන්නේ, ජන්ම භූමිය රත්න දීපයැකැයි කියූ, ඔහුගේම නාමය නොවෙද....... අතීතයේ ගිලිහී ගිය සුවඳ යළි රැගෙන වඩින්නට, ගයන්නේ, පද්ම ශ්‍රී පණ්ඩිත් , ආචාර්‍ය W.D අමරදේව සූරීන්....