ග්‍රීක පුරාවෘතයන්හි දැක්වෙන,අපරාජිත යෝධයකු වූ ඇකිලීස්ට පවා, මෘදු වූත්, මරණිය වේදනා ගෙනදෙන්නා වූත්, ලක්ෂයයක් තම අමරණීය සිරුරෙහි විය. එසේම, වනස්පතියක වුව එතී යන සුළලිත වැල් ඇත..... එය, මහගමසේකර සූරීන්, " ඕනෑම දැඩි හදවතක්, දයා දියෙන් ආර්ද්‍ර වී කඳුළු සලන මොහොතක් ඇත. එවිට එය අත්ළට ගෙන බලනු මැනව,මේ ලොව අන් කිසිවක් ඒ තරමට සුන්දර නැත....." ලෙස පැවසූ වදනට සමාන නොවෙදැයි මට සිතුණි...... වනස්පතියක එතී ගිය එබඳු ලතාවෙක, ළා දල්ලකින් පිනි පොද ක් සෙමෙන් සැලී, කඳුළක් සේ මිහිකත සිප ගනියි........ ලාහුගල වන අරණට පෙමින් බැඳී ඒ අසිරි විඳිමින් යනෙන අතර මඟ, ගුරු අමරදේව තුමන්ගේ මියුරු හඬින් ගැයෙන, තරු අරුන්දතී ගීය ඇසෙන සුන්දර සන්ධ්‍යාවක් මේ..... ගීතයේ එක් තැනකින් ඇසෙන මේ කොටස, "මඟ වනස්පති ලිය ළදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා"............ සවන් වැකුණු විගස, මගේ හිත නතර වුණේ වනස්පතී ළඟ....... වනස්පතියක යනු මහා වෘක්ෂයකි, ප්‍රතාපවත්, ශක්තිමත්, පෞරුෂයෙන් හෙබි, අරෝහ පරිණාහ දේහ දාරී සිරුරින් යුතු, පිරිපුන් මනසකින් යුතු, දැවැන්ත පුරුෂයෙකු සේ, වනස්පති, වනයට අධිපතිව වැඩ හිඳී....හේ සැබැවි...