Posts

Showing posts from April, 2022

කුමටද නුඹ පළඳින තරු ?

Image
 *අපි සෙල්ලම් බඩුද*? 👀 කෝ අපිට අපි ?  අපිට අපි අහිමිද...? ********************** 🏴මායිම් ගම් කැති ගෑවී යද්දී, මොන දෙව් මැදුරෙද කළු කොඩි නැගුණේ....? 🏳️තිලකෙන් රතු ලේ ගලා හැලෙද්දී, කොයි  පන්සලකද පැන් ටික වැඩුණේ....  ඔව්, ඒ ඉස්සර...  ⚰️හැම දෙමළ ගමකටම මිනී පෙට්ටි ගියා.. හැම සිංහල ගමකටම මිනී පෙට්ටි ආවා... එතකොට කවුද යුද්ධෙ දින්නෙ?  කවුරු වෙනුවෙන් ද ඒ?  අහිංසක තරුණ කොල්ලො කෙල්ලෝ දහස් ගණන් මැරුණා... මැරුවා.... දෙගොල්ලොම...ඔව් එහෙම වුණා...🤝🏻 🪦88/89 ක් තිබ්බා,  අඳුරෙන් වැහුණ ... හැටදාහක් වද දීල දීලා මැරුවා.  පොළොවක් ලෙයින් තෙත් වුණා ...🩸 ඒ විතරක් ද ?  🗡️පාතාල හැදුවා, හදපු අයවම මරල දැම්මා... හැම දේකදිම අන්තිමට මිනිස්සුන්ව මැරුවා...  වතුර ඉල්ලන මිනිස්සු පවා මැරුවා... ආයුධ පෙන්නලා මැරුවා... මරල හැංගුවා... හංගලා මැරුවා ....💥 💣නිරපරාදේ බෝම්බ ගැහුවා... වැඳ වැඳ ඉන්න අහිංසක  මිනිස්සු මැරුවා.... 🩸 සංහාරයක් කරා... අන්තිමට, මිනී ගොඩාක් උඩින් ඇවිදගෙන ඇවිත්,  මහ පාරෙ වෙඩි තියල මනුස්සයෙක්ව මරල දැම්මා, කන්න ඉල්ලපු අහිංසකයෙක්ව... උණ්ඩයක...