මගේ ජීවිතේ හෘද ස්පන්දනය...

වස්සානෙන් පසුව, දෝන කමලාවතී සමඟ, මුළු හදින් මම ඇයට පෙම්කොට, කැන්ඩි මහල් හි, කේමදාස සිංහාවලෝකනයේ ගීතාංජලී රසය විඳ, ප්‍රේමානිශංස ලැබුවෙමි.

කමලාදාස් මං කැමතී නිල් අහසට බව දැන දැනම, අපරාධය හා දඬුවම අතර මා අතරමං කර, සන්ධ්‍යා තීර්ථයක මළගිය ඇත්තෝ සමඟ, ගෙත්තම්පාණට යැව්වාය. ඉන් පසු පිං ඇති සරසවි වරමක් ඉල්ලා, කොළපාට ඇස් ඇති තිහාතාට සුබ උදෑසනක් යැයි පවසා, මම මළවුන්ගේ අවුරුදු දා කැළලිකාරයින් අතරට පැන ආවෙමි. හෙට ඉරක් පායයි යන විශ්වාසයෙන් නැවත මම බලා හිඳිමි, චොකර්බාලි ත් මා හමුවීමට එන තුරු හිම කබායක් සමඟ අපරාජිතව.............


✒️2024/06/15 සෙනසුරාදා 

Se.Ka. 🌺🌺

#තාත්තා ගෙන් 

තෑග්ගක් මට.......

#හරිම සතුටුයි හිතට

#සරසවි එක හොඳ වෙලාවට ළඟ තිබ්බෙ. නැත්නම් තනියම යන්න දෙන්නෙ නෑ 😅. 

#මේ ඔක්කොම අද ගත්ත පොත් list එකෙන් ලිව්ව නිසඳැසක්...😅..

#අද නම් ශෝක් දවස💯

#Im satisfied today.

#පොත් හැර වෙන සතුටක් කොහිද මිහිමත.......

#A great day ✨❣️

#වෙනදට හැමදාම මාසයක් ගානෙ පොත් ගත්තත් අද වගේ විශේෂයක් දැනිල නෑ. 

#අද නම් ශෝක් දවස....💯



Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !