Posts

Showing posts from January, 2024

උපන්දිනේ දී දුටු ඉච්ඡාව

Image
  එය  ඉච්ඡාව මැනවින් විවරණය කළ  අප්‍රදාන චර්‍යා ප්‍රවාහයන් ගෙන් ආලෝලිත වූ මානව සමාජයේ යථාර්ථය හා නටඹුන් වූ අභිලාෂයන් මැනවින් චිත්‍රණය කළ,  සිත් හී පරතරයන් ඔබ, මම, අප නම් වූ ජූරිය හමුවේ තැබූවකි...... නවකතා කරුවා විනිශ්චය කාරයකු වශයෙන් හිඳ, එසේ කළ යුතු යැයි ඇන්ටන් චෙකොව් කී වදන් හරි හැටිම හඳුනා ගෙන ඇත්තේ මොහාන් රාජ් මඩවල ය.... ඉතින් එබැවින් , I.D ඉඩ් වනාහී, සැසඳීමකට නොහී, එය තුළින්ම ඉස්මතු වූ වෙනස්ම වෙනසකි....... 2024/1/12 Se.Ka. 💫❤️

ඉතිහාසා......

Image
  "මම ආමි මම දිටිමි මම ජයග්‍රහණය කළෙමි " සයානුකෙළක් වියදම් දරා හෘදයේ බර මහ පොළොව මතින් තැබූ අදිරජයන් ට වඩා , "කොමුල් අමෙඩ් ලෙඩ් ලිනැසී මන ජල්වයි සිත් නොමුසී"  ලෙස ලියූ වැකි වල නිර්නාමික හිමිකරුගේ හෘදය කෙතරම් සුමටදැ'යි කියා   සිතන්නටවත්,  නොහැකි තරම්ම, වත්මන් සිත්, උසස් පෙළ ඉතිහාසයේ සිරකරුවන් වී ඇති බව කාහට හෝ පසක් නොවුණේ මන්දැ'යි  ඔබ නොදන්නවා සේම, මම ද නොදනිමි....... 24/1/15 🔅 Semini Danthanarayana🗿 මේ අවසන් වරට ඉතිහාසය පාඩම් කරන සමයයි...❤️🌷

යාය 01

Image
  මම මා වී, ඔබ ඔබ වූ කලෙක ,  ලෝකයම එකම යායක් වන්නේ කෙසේද ?  ඉතින් එබැවින් මා ඔබ වෙමි..... ඔබ මා වෙනවද ?  අපි අප වූ දිනෙක , ආපසු වරක් ලෝකය එකම යායක්..... එය හරියට අපි ඉන්නා යාය 01 වගේම වෙයි නේද?......

තර්කය !.......

Image
  I love this subject and the same time I don't like .... But I should have to be thankful.....🌷🌷