Posts

Showing posts from October, 2023

වළාවේ,

Image
  ☁ ගැබ්බරව මේ අහස  විලිරුදා විඳිනවද?... කියන්නට නොතේරෙන දුක දරා සිටිනවද...... හඬන්නට කඳුළු බිඳු එකින් එක හොයනවද.....? කලු පාට තවරගෙන  දුක් සිනා මකනවද.... වැහි බිංදු දරු පැටව් ආදරෙන් රකිනවද.... වසාගෙන නිල් අහස  තව ටිකක් ඉන්නවද..... සීත පවනක් එවා මගේ හිත හදනවද?... ඔය ඉන්න දිහාවට මගේ හඬ ඇහෙනවද, ඇහුණොතින්  තව ටිකක්  පමාවී වහිනවද?...... ළය තෙමී අහසටත් කිරි බිංදු එරෙනවද, මං එක්ක වළාවේ  ඔබත් ඔය හඬනවද......? ඇති තරම් තෙමෙන්නට  හයියෙන්ම වහිනවද...........?  23|oct|20  #se.ka #Rainydays #cloudymoods #Sadfeelings ✒️සේ.කා.

තව ඇති වෙනකල් වහින්න....

Image
වැස්ස.....🌧️ වැස්ස එක එක කාලවලදී හා දින වලදී මා හට විවිධ ලෙස දැනී ඇත.මෙයද වැස්ස වෙනස්ම ලෙසකින් දැනෙන සමයකි. දැන් වහින්නට පෙර මම මිදුලට යමි.  අහසින් වැටෙන පළමු නැවුම් දිය බිඳ මාගේ හිස සිඹින විට මම එය විඳිමි. අහස පුරා ඇඳි කලු වළාව දෙස මම වෙනදාට වඩා වැඩි වේලාවක් අදත් බලා සිටියෙමි....... මල් කිණිත්ත මාගේ ජීවිතයේ ප්‍රහසනය ලෙස මා දුටුවෙමි. නැවත අහස දෙස බැලීමි. ජීවිතයේ ප්‍රහසනයත් ජීවිතයත්, බූත බාලිකාවෙන් අඳුරු වී ගිය හැටි සිහිවුණි........මල් කිණිත්ත බිම දමා මම නැවත ගෙතුළට ආවෙමි...... ඒ අඳුරු වැස්සේ තෙමෙන්නට යළි අවැසි නැත මට......මා දැන් වැහි වළාවන්ට බිය වෙමි. තෙමී හෙම්බත්ව දියව ගිය ප්‍රහසනය මම සොයමි...... 23/10/20  #අදත්එවන්දවසක් #se.ka. #the unwanted days  ✒️සේ.කා.