One day !

 මං මේ කතා කරන්නෙ කාටවත් නෙමෙ. 

මම මේ නිකන් ඔහේ ලියන්නෙ.....ඒ නිසා මේකෙ කිසිම ආමන්ත්‍රණයක් නෑ......

මෙහෙම ලිව්ව ඒව අනන්තයි මගෙ ළඟ.....

ඔන්න ඉතින් , පෙරේදා ත් පාඩම් කරල, මගෙ වැඩ කරලා නිදා ගන්න කොට 12 යි. ඊයෙත් පාන්දරම යන්න වුණා. 

උදේ අපෙ meeting campus එකෙ 7.30. ඒ නිසා ගෙදරින් ගියෙ 6.30. ඊටපස්සෙ දවසෙම lectures . ඊයෙ ගෙදර ආවෙ හවස 5 / 5.10 ට මට මතක හැටියට.....

ඊටපස්සෙ හැමදාම මහන්සි යනකල් මම වාඩිවෙලා ඉන්න තැනම ටිකක් වැතිරුණා......

ඊටපස්සෙ SLBC එකෙ වැඩ වගයක් තිබ්බ ඒ ටික කරා. ඊටපස්සෙ 

අම්මා ආවා......

අම්මට හොදටම උණ. 

උණ කියන්නෙ සහලෝල උණ.....පණ නෑ ඇබිංදක්වත්......

ඊටපස්සෙ අම්මට කිරි හදල දීලා, මගෙ කිරි එකත් නිවෙන්න තියලා 

දඩි බිඩියෙ වැඩ පටාන් ගත්තා.......

අපි බේත් ගන්න අපෙ rukmalgama ඩොක්ට uncle ඊයෙ නෑ. ගෙදර rapadine ඉවර වෙලා. Ammata උණ හොදටම නිසා Rapadine බොන්න ඕනෙ. පෙනඩෝල් මදි. 

මම අර මගෙ වැඩෙ ඉවර වෙලා 6. 44 ට ගියා කඩේට. හංදියෙ ෆාමසි. 

විනාඩි දෙකෙන් ගෙදර ආවා...... එතකොට අම්මා දොයි.... ඔෆිස් එකෙන් එනකොට අම්ම පෙනඩෝල් බීලා. ඒ නිසා ආයෙ බොන්න තිබ්බෙ රෑ 10 ට..... 

අම්මා වොශ් දාලා නිදාගෙන හිටියෙ. උණ තිබ්බා මාරම විදිහට. මාව පිච්චෙනවා අම්මව අල්ලන කොට. ඒ තරම් රස්නෙයි........ජීවනී ගේන්න අමතක වුණා. 

මම ඊයෙ රෑට කන්න ඉඳි ආප්ප ඕඩර් කරා. 

අර ෆාමසි එකට ගිහින් එන ඩිංගට අපෙ යාලුවෙක් මගෙන් අහන්නෙත් නැතුව පරාටයි බිත්තර රොටියී ත් ඕඩර් කරලා......

හයියෝ..........අම්මා ඒව කන්නෙත් නෑ...............

මම එයාට කිව්ව අම්මට සනීප නෑ, මම වැඩ ගොඩක අද චුට්ටක් හිරවෙලා, ඒ නිසා දැන් මම කඩේට ගිහින් එන්නම් කියල. 

ඒ ඩිංගට මූ ඕඩර් කරලාත් ඉවරයි.......

ඒ delivery man එන්නෙ 

8.05 ට වෙලාව තිබ්බෙ. 

අයියෝ මට wash දාන්නත් නෑ, වැඩක් කරන්නත් නෑ....... 

මම ඊටපස්සෙ කෑම පෙට්ටි හෝදලා , හට්ටි මුට්ටි , කුකර් හෝද ලා සියල්ල අස් කරලා, පිහදාලා කුස්සිය අස් කරා.......ඊටපස්සෙ උණු වතුරත් අම්මට දාලා තිබ්බා නිවෙන්න....

ඊටපස්සෙ දැන් මම ඕඩර් කරපු ඉඳි ආප්ප ටික ලැබුණා..... 

අරයා ඕඩර් කරපු ටික මග එන ගමන්........

හයියෝ යාලුවො වැඩි වුණාමත් හරිම කරදරයක්. එක්කො මගෙන් ඇහුව නම් මම කියනව ඕනෙ මොනාද කියල. අම්ම ඔය රොටි පරාටා ජරාව කන්නෙ නෑ....... මම හිටියෙ අම්මට සුප් එකක් ඕඩර් කරන්න රෑට. සුප් ගෙනාවෙ නෑ, කෑම නාස්ති වෙන නිසා......

ඊටපස්සෙ දැන් ඉන්නව ඉන්නව ඉන්නව delivery man නෑ.......යාන්තම් 8.30 ට ඔහු ආවා.....

අයියෝ ඒ පාර්සල් එකෙ චිකන් හොදි නෑ. මාලු හොදිත් නෑ. මිරිස් හොදිත් නෑ......පරීප්පු විතරයී තිබ්බෙ. පරිප්පු එක්ක අපිට පරාටා , බිත්තර රොටි කන්න බෑ. මට නම් කොහොමත් බෑ.....රහ නෑ නෙ. ඒ මදිවට ඉඳි ආප්ප එකෙත් පරිප්පු හොදි තිබ්බෙ. 

ඊටපස්සෙ කෑම නාස්ති වෙන නිසා ඉඳි ආප්ප පාර්සල් එක යි පරාටා යි එහෙමම fridge එකට දැම්ම. බිත්තර රොටි බාගෙ බාගෙ අම්මයි මායි කෑව. අම්මට කන්න බෑ ලු. මට නම් බඩගිනී , නමුත් ඒ වෙලාවෙ මම හිටපු තත්වෙ එක්ක ආසාවක් නැතිව මටත් කන්න බෑ වගෙ....... 

ඊටපස්සෙ කොහොමහරි ටිකක් කාලා, අම්මට පෙනඩෝල් දීලා අම්මව නිදි කෙරෙව්වා.......

මාර විදිහට උණ ! 

මෙට්ටෙත් ගිනි ගන්න තරම් රස්නෙයී.....

ඊටපස්සෙ මම wash දාලා, ආයෙම කුස්සියෙ ඔක්කෝම අස් කරල, 

මගෙ මේසෙ, බෑග් අස් කරලා, කාමරෙ රෙඩි කරලා, පහුවදා හෙට SLBC & lecture යන්න බෑග් එකට බඩු ලෑස්ති කරලා, රෙදි හේදෙන්න දාලා, උදේ හේදුණ ඒව වනලා, අම්මගෙ රෙදි වේලිලා තිබ්බ ඒව ගෙනල්ලා, ඔක්කෝම වැඩ ටික කරලා , 

මගෙ calls and message වලට පණිවිඩ ටික දීලා, 

අද දිනට අදාල, schedule ලියලා, accounts ලියල 

ඔක්කොම කරල, 

අම්මෝ යාන්තම් කුස්සිය ට ආවා.......

රෑ schedule එක මගෙ සම්පූර්ණයෙන් වෙනස් වුණා. ආටිකල් ලියන්න, uni works, assignment , mage paper එක etc.......

ඔක්කොම schedule cancel වුණා....................

අම්මට හොදටම අමාරුයි....පව්.....

උදේට ඔක්කොම උයලා,ලෑස්ති වෙලා මට යන්න වෙලා මදි. අම්මට වගෙ මට තාම එහෙම පුරුදු නෑ නෙ. 

ඒ නිසා රෑට ලෑස්ති කරන්න ඕනෙ.....අම්ම කිව්ව අම්ම මොනාහරි ගෙන්ව ගන්නම් කියල. 

මට කැන්ටින් එකෙන් කන්න, වෑන් එකෙ යන්න උදෙ කියල. නමුත් මං කොහොමද අච්චර අමාරුවෙන් ඉන්න අම්මට ඕනෙ එකක් කන්න කියල එහෙම අහක බලාගෙන යන්නෙ අනේ.....පව් ! 

අනික අපෙ අම්ම එහෙම ඕඩර් කරන්න දන්නෙ නෑ. මම නෙ ඒව ඔක්කොම කරන්නෙ. 

ඩිලිවර් කරන ඒව අම්ම දන්නෙ නෑ ඉතින්....

ඉතින් ඔන්න මම,

රෑ අර ලස්සනට අස් කරපු කුස්සිය හැඩි නොවන ලෙස, ලස්සනට මාරම රහට මාලු මිරිසට හැදුව. තලපත් ද කොහෙද. මම වර්ග දන්නෙ නෑ. කෑලි ලොකු කටු නැති ඩෙවල් මාලු කියන්න විතරයී මං දන්නෙ. ඒ හොද්ද මාර රහයි. ඒක එක්ක උණු රෝස් පාන් එකක් තිබ්බ නම් මරු. ඒ තරම් ගාණට නියමෙට තිබ්බ මාලු කරි එක. 

ඊටපස්සෙ පොල් ගාලා, 

ළූනු හෝදල, බෝංචි කපල, සහ අනෙක් අමුද්‍රව්‍ය කපලා කරල ඔක්කොම fridge එකෙන් දැම්ම. එතකොට ලේසි. 

භාජනත් ඔක්කොම ලෑස්ති කරල කූඩෙන් වහලා තිබ්බ. ස්ටීමර් එක ලෑස්ති කරා....

මම අපෙ ගෙදර බඩු තියෙන සමහර තැන් දන්නෙ නෑ නෙ. ඒකයි මට උයන්න වෙලා යන්නෙ. ඒ නිසා මට උයන්න ඕනෙ කරන ඔක්කෝම හොයලා හොයල වහල කරල තිබ්බ මේසෙන්. 

ආයෙ අස් කරල, 

වතුර බෝතල් පවා අම්මට ඕනෙ ඒව වෙනම තියලා, සියල්ල කරා.......

අම්ම හැම Serviate එකකින් ම අත පිහදැම්මාම මටත් බෝවෙනව. ඒ නිසා අම්මගෙ serviate එක වෙනම තියලා, tissue තියලා, පෙනඩෝල් බොන්න ඕනෙ වෙලාවල් ලියලා, අම්මට කෑම බීම් විස්තර කරලා note තියලා, 

නැවත ඇඟ හෝදල නිදා ගන්න යනකොට 1. 15 - 1.20 වගෙ පාන්දර. මගෙ අත් වෙවුලන තරම් ඔලුවට අමාරුයි. මොකද හැම තැනින්ම එක එක දේවල් overload වෙලා තිබ්බෙ..... 3 . 30 එලාම් තියල ඇස් පියා ගත්ත. 

සනීපෙට නින්ද ගියා......

අම්මා හීනෙන් වගෙ චූටි දුව , කියන සද්දෙට

" අම්මටසිරි" කියාගෙන ඇඳෙන් spring එක වගෙ 

නැගිටල වෙලාව බැලුව ෆෝන් එකෙ 5. 48 . 

අම්මෝ ! දැන් කොහොමද උයල වෑන් එකෙ යන්නෙ ?...... සිතිවිලි කැරකෙනව. 

අම්ම ඒ අස්සෙ බැරි මර ගාතෙ නැගිටල ගාට ගාට කුස්සිය ට එනව...

අම්මට පාන් කියා ගන්න බෑ. අපෙ අම්ම චූටියි නෙ. පව් මගෙ මැණික.... අම්ම කියනව අම්ම මොනාහරි හදන්නම් ලු, මට වෑන් එකෙ යන්නලු. Beam එකට පරක්කු වෙයිලු. 

ඒත් අනේ මම කොහොමද අර සේරම දාලා, අම්මට කෑම නැතුව යන්නෙ. වෙලාව 6 යි. මං හොඳට අධිෂ්ඨාන කර ගත්ත, මං plan කරපු සියල්ල උයල, විනාඩි පහෙන් ලෑස්ති වෙලා, ගාණට වෙලාවටම, slbc ත් යනව කියලා......

අද මගෙ 125 වෙනි දවස SLBC - SCS. 73 

මෙච්චර කාලෙකට පරක්කු නොවුණ මම, අද පරක්කු වුණොත් මගෙන් වැඩක් නෑ......

මම අද 9 - 12 Shift එක. 

8-9 සාර ප්‍රභාගිරට ඉන්නෙ boss . ඒ නිසා මම කෝල් කරා කරා සර් උදේ answer කරෙත් නෑ. ඊටපස්සෙ මං හිතුව කරන්න දෙයක් නෑ, ටක් ටාක් ගාලා වැඩ කරල කෝම හරි 7.30 වෙද්දි යනව කියල..... ඉවුව නෙමෙයි ඉවයුනා . ඊයෙ සර් කියල තිබ්බෙ 9 - 10 pro මියැසි මතක නෑ, ඒ වෙනුවට sir ගෙ discussion pro එකක් යන්නෙ, මම් 9.45 ආවොත් ඇති ය කියල. නමුත් මගෙ shift එක 

9 - 12 නෙ. මම අත්සන් කරන්න එපැයි before 9.

ඊටපස්සෙ SIR answer කරා. කමක් නෑ 9.45 එන්න කිව්ව. නමුත් එහෙම වුණාම මට guilty නෙ. Beam එකෙ හිටියා නැතා මගෙ shift 

9 නම් 9 ම තමා ආයෙ...

මං law point කෙනෙක් ගෙ දුවෙක් නෙ, අර STF commander කිව්ව වගෙ. 

හරි ඉතින්, මම හිතේ හයියෙන් දුවල යන්න හිතාගෙන 

කහ බත්, ( පාට විතරයි කහ ) මම ආසයි ඒකයි. 

මාලු ( රෑ හදල තිබ්බ ) 

බෝංචි කිරට සුදට උයල, සෝයා තෙල් දාලා, ගොටුකොළ සලාද, පරිප්පු, ( ඊයෙ රෑ ඉඳි ආප්ප, පරාට නැවත ස්ටීමර් එකෙ ස්ටීම් කරල, අම්මට හොට් චොකලට් මිල්ක් හදලා , උණු වතුර බෝතලේට දාලා, notice අලවලා, භාජන හෝදලා, බඩු අස් කරල, 

බේත් තියලා, කිරි හදලා බොන්න දීලා, මගෙ කිරි එකත් එක හුස්මට බීලා, අම්මෝ සියල්ල කරා........උයල ලස්සනට අස් කරල සියල්ල.........අඩුම තරමෙ වතුර බිංදුවක් වත් හැලෙන්නෙ නැතුව clean කරා...... 

ඊටපස්සෙ වොශ් දාලා, 

ඇඳගෙන ලෑස්ති වුණා...

ඒ සේරම කරලා, 7. 22 ට වගෙ ගෙදරින් එළියට ආවා....... ( 5. 48 - 7.22 )

මගෙ body එකම වැනෙනව වගෙ. රහට උයපු එකෙන් බත් 

ඇටය ක් වත් කන්න වුණෙ නෑ. පරක්කු වෙන නිසා. ගිහින් කන්නත් no time නිසා බෙදා ගත්තෙත් නෑ. බඩගිනී හොදටෝම ඉන්න බෑ....

පන නෑ මට. නින්දක් නෑ, සඳුදා ඉඳලාම අධික

වෙහෙස, වැඩ ලෝඩ්, මහන්සිය, ඊයෙ සිදුවීම්,

අද උදේ වැඩ, ඊයෙ මහන්සිය, සියල්ල එක්ක කන්න වත් නැතිව, කිරි එක විතරක් මක් කරන්න ද ? මං හිතුව මාව වැටෙයි කියල......  

මොනා කරන්න ද ?

බෑග් එකෙ ටොෆි එකක් තිබ්බා, කොට්ටාවට යනකල් ඒක සූප්පු කරාම බඩගිනි චුට්ටක් ශේප් වුණා. අර chemical balance වෙන නිසා. 

7.22 ට හංදියට ආවම 

7.26 ට බස් එක ආව. 

සීට් නම් නෑ.... 

ඊටපස්සෙ කිරුළපනටම හිටගෙන ගියෙ. ඊටපස්සෙ යාන්තම් සීට් එකක් ලැබුණා. තුම්මුල්ලෙන් බැහැල හැමදාම වගේ ත්‍රිවිල් එකෙ ගියා. මග හිටපු අක්ක කෙනෙක්වත් දාගෙන ගියා. 8.43 වෙනකොට මම SLBC එකෙ.   

හිතන්න කො මගෙ ටයිමින් කොහොමද කියල. වැඩ නම් වැඩ. 

ඒක මගෙ විදිහ. තිතට රූලට !..... 

Slept - 1.20 am 

Got up - 5.48

Left home - 7.22 

Bus - 7.26

SLBC - 8.43 

ඊටපස්සෙ time තියල slbc ආවම තමා ඇගට ලේ ටිකක් ඉනුවෙ. 

Washroom ගිහින් ආපහු දාඩිය නිසා මූණ හෝදගෙන, කොණ්ඩෙත් පීරලා, කොලොන් දාගෙන, 

බෑග් එක තියලා, 

කන්න ගියා. 

අයියෝ කෑම නෑ.....

මම 8.43 ට නෙ ආවෙ, 

වෙලාව තියෙන නිසා 

Boss ගෙ pro ඉවර වෙන්නෙ 9.45 ට නිසා, time ok. මට ඕනෙ කන්න නෙමෙ, නිවී සැනසිල්ලෙ පොඩ්ඩක් හුස්මක් ගන්න වාඩි වෙලා.... මහන්සිය හොදටම !.......

ආපහු rupavahini canteen එකට ගියා. වේගෙන් එහෙම කකා ඉන්න මට වෙලාව මදි. නමුත් රෑට ත් හරියට කාලා නැතිව, මට උදේටත් නෑ, අද දවල්ට ත් නෑ නෙ. ඒ නිසා ඉවසගන්න බැරිම තැන, තෝසෙ එකක් ගත්ත. ඒක රහයි. හැබැයි චූටියි. වෙලා නෑ දෙකක් කන්න. 

ඊටපස්සෙ කිරි පැකට් එකක් ගත්ත. 

ඊටපස්සෙ 9.25 වෙනකොට, beam ගියා. 

ගිහින් වාඩි වෙලා හිටිය. අම්මෝ මාර වෙහෙසයි දුවලා. කකුල් දෙකට මීටරයක් හයි කරා නම් සෑහෙන ගාණක්....හම්මෝ !.....

ඒත් මාර බඩගිනී .....

ඊටපස්සෙ 10 - 12 beam කරා. ලස්සනයි. සතුටුයි....

බඩගිනී.....

ඊටපස්සෙ next shift දීලා, දිව්වා බස් හෝල්ට් එකට. කොහොමහරි 

1 ට නෙ lecture . 

විජේරාමෙ හංදියෙන් බැහැලා හෝල් එක ළගටම ත්‍රිවිල් එකෙ ආවෙ. අව්වෙ මට එන්න පණක් නෑ....මාර බඩගිනී.... 

යාලුවො පුටුවක් තියලා තිබ්බා..... ( අවී ) 

12.53 ට ආව. හෝල් එකට. හම්මෝ, බෑග් තියලා ආයෙම දුවලා වොශ් රූම් ගිහින්, මූණත් හෝදගෙන, fresh වෙලා, කන්න වෙලා නැති නිසා ආයෙ දිව්ව කැන්ටින් එකට.

කිරි පැකට් එකක් ගත්ත. මගෙ දිවා භෝජනය එපමණයි !

ඒක බීලා ඉවර වෙනකොටම සර් ආව. 

1.05 ට. 

ඊටපස්සෙ 1 - 3 lecture 

ආපහු 3 - 5 lecture 

3.02 ට අනික් lecture ආව. 

ඒක 5 ට ඉවර වෙලා යනකොට කන්න බොන්නෙ ඉන්නෙ නැතුව කෙලින්ම ගෙදර යන්න පිටත් වුණා. බස් එක මිස් වුණොත් ගෙදර යන්න වෙන්නෙ 6 බස් එකෙ නැඟලා රෑ 7.30 වෙලා.....

ඒ නිසා 5. 15 වෙනකොට බස් එකට නැග්ගා. 

6 . 10 ට වගෙ අද ගෙදර ආවෙ මම..............

බඩගිනී සහ මහන්සිය එමටයී.......

ඉස්සරහම දොර අයිනෙ සීට් එක හම්බුනෙ වාඩි වෙන්න මහරගමින් වගෙ. මාව වැහෙන තරම් බෑග් ගොඩක් ඒත් මම උකුලෙ තියා ගත්තා. ඒ අයට උදව්වක් ලෙස. හැමදාම මම එහෙමයී......

 අම්මෝ ගෙදර ඇවිත් මම උයපු රහ බත් එකක් උණු වෙන් රත් කරලා බෙදා ගත්තා....

අම්මො රස !.........................

මාලු මිරිසට

බෝංචි සුදට කිරට

ගොටුකොළ සලාද 

සෝයා තෙල් දාලා 

කහ බත්....

Dessert 

කෙසෙල් 

රඹුටන් 

අම්මෝ.........ඊටපස්සෙ තමා පණක් ආවෙ.......

කෑම රහයි නියමයි.....

මං නිසා කියනව නෙමෙ , නමුත් කෑම මාර රහයි.......

හවස 6.45 විතර තමා කෑවෙ අන්තිමට.....

ඊයෙ රෑ සිටම කෑමක් නෑ නෙ නැත්න්ම්ම් .

Yesterday dinner = 1/2 egg roti 

Today breakfast = කිරි පැකට් 1 

Today lunch = කිරි පැකට් 1 

ඉතින් මට සතුටුයී 💗


අම්මට දැන් අඩුයි.....

මගෙ සත්කාර සහ රස කෑම නිසා......හොට් චොකලට් drink එකත් රසයි කියල අම්ම කිව්ව.......අම්මට ගොඩක් සතුටුයී .......

ඒ නිසා මට ත් සතුටුයී 💗 💗 💗 💗 

හැබැයි වැඩ කෝටියයි...

ඒ නිසා කෝටි සීයක් විතර මට මහන්සි.....

Assignment , සහ අනෙක් වැඩ ගොඩයි නෙ......

හෙටත් වැඩ, campus, මගෙ class, මහන්න දුන්න ගවුම ගන්න යන එක, etc.........හෙටත් වැඩ ගොඩයි........................

නිවනක් නම් ඇත්තෙම නෑ..... කොයි වෙලාවක හරි මාව හැප්පිලා මැරෙන්නෙ මං දන්නව.

ඒ තරම් වේගෙන් මම ඇවිදින්නෙ.........මාව දිය වෙලා වගෙ මහන්සී...... මගෙ වැඩ ඔක්කොම ගොඩ ගැහිලා.................


ඒත් කරන්න දෙයක් නෑ ඉතින්.....

කැම්පස් එකෙ වැඩ තොගයක් තියෙනව කරන්න. ඒවයි මගෙ වැඩයි එක්ක මට දවස මදි !..........

මොනවා කරන්නද ළමයෝ ?....... 

කියල මම හිත හදා ගත්තා.......

අදත් සියල්ල කරලා නිදා ගන්න වෙන්නෙ පාන්දරට......

මහන්සි !..........

Exhausted ........ 


# 1/365 

2025/ 07/ 17 Thurs

Semini - 💗 











Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......