Posts

Showing posts from July, 2024

මගේ ජීවිතේ හෘද ස්පන්දනය...

Image
වස්සානෙන් පසුව, දෝන කමලාවතී සමඟ, මුළු හදින් මම ඇයට පෙම්කොට, කැන්ඩි මහල් හි, කේමදාස සිංහාවලෝකනයේ ගීතාංජලී රසය විඳ, ප්‍රේමානිශංස ලැබුවෙමි. කමලාදාස් මං කැමතී නිල් අහසට බව දැන දැනම, අපරාධය හා දඬුවම අතර මා අතරමං කර, සන්ධ්‍යා තීර්ථයක මළගිය ඇත්තෝ සමඟ, ගෙත්තම්පාණට යැව්වාය. ඉන් පසු පිං ඇති සරසවි වරමක් ඉල්ලා, කොළපාට ඇස් ඇති තිහාතාට සුබ උදෑසනක් යැයි පවසා, මම මළවුන්ගේ අවුරුදු දා කැළලිකාරයින් අතරට පැන ආවෙමි. හෙට ඉරක් පායයි යන විශ්වාසයෙන් නැවත මම බලා හිඳිමි, චොකර්බාලි ත් මා හමුවීමට එන තුරු හිම කබායක් සමඟ අපරාජිතව............. ✒️2024/06/15 සෙනසුරාදා  Se.Ka. 🌺🌺 #තාත්තා ගෙන්  තෑග්ගක් මට....... #හරිම සතුටුයි හිතට #සරසවි එක හොඳ වෙලාවට ළඟ තිබ්බෙ. නැත්නම් තනියම යන්න දෙන්නෙ නෑ 😅.  #මේ ඔක්කොම අද ගත්ත පොත් list එකෙන් ලිව්ව නිසඳැසක්...😅.. #අද නම් ශෝක් දවස💯 #Im satisfied today. #පොත් හැර වෙන සතුටක් කොහිද මිහිමත....... #A great day ✨❣️ #වෙනදට හැමදාම මාසයක් ගානෙ පොත් ගත්තත් අද වගේ විශේෂයක් දැනිල නෑ.  #අද නම් ශෝක් දවස....💯

අසංගත........!

Image
සංගත රාමුවක් තුළ වැඩ කරන එකත්,  රාමුවක් තුල සංගතව වැඩ කරන එකත් දෙකක්......! මේක හරි ලස්සන කලාවක් මිත්‍රයා......... අසම්මතය අපි විසින් සම්මත කර ගත් දෙයක් වුණාම, එතන ස්වයං විසංවාදයක් ගොඩනැගෙනවා.  අන්න ඒ වගේ , අසංගත බව ඇතුළෙ තියෙන සංගත බව තුළින්ම අසංගත බව පුපුරා යනවා මිත්‍රයා...........💯

පිස්සෙක් ගෙ thinking 😅

Image
  Use this link and read 💗 https://www.facebook.com/share/p/qkv2mdUEezrapGTN/?mibextid=qi2Omg

ගිණි ඇවිලෙන විට....

Image
  ඔබ වෙනුවෙන් මා ගැයුවෙමි. මා සමඟම ඔබ ගයන්න !.....  දිනුවා යැයි අප සිතූවද අප දිනුවේ නැත. පරාජය වූවා යැයි සිතූවද, අප පරාජය වූයේද නැත. මිලේච්ඡත්වය හිණි පෙත්තට නැඟි අවධියක,රුදු මරණයේ ඉරණම්කරු වූයේ අනාගතයයි.අද, ඔබගේ ද, මාගේ ද අනාගතයට ඔවුහු එදා වෙඩි තැබූහ. නීතිය,යුක්තිය, සාධාරණත්වය ගිණිගත් එවන් යුගයක, ඉරිතලා බිඳ වැටෙන ඇතුළු හදෙහි කම්පනය, ගලා යන කාලයේ හා සමාජයීය වෙනස්කම් ප්‍රවාහය තුළ ජීවිතය විදාරණය වන අයුරු අවධාරණය කෙරෙන, වචනාර්ථ ඉක්මවූ අපූර්ව ප්‍රකාශන ගුණයෙන් යුතු නිර්මාණ බිහි විය.  ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෝ තමා ඉපදුණු මොහොතට වඩා යහපත් ලෝකයක් හෙට දවසේදී නිර්මාණය කරන්නට වෙහෙසුණි.ඒ අතර ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් ශ්‍රාවක ප්‍රේක්ෂක ඥාන මණ්ඩලය මෙන්ම භාව මණ්ඩලයද පෝෂණය කරමින් සමාජ යථාර්ථය නිර්භයව සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළේය. ඒ සියල්ලෙහි ආත්මීය රිද්මය ජනගත කිරීමට මාස්ටර් දැරූ උත්සාහයට සිය ජීවිතයම කැප කළ දැවැන්තයන් එකල සිටි බව වත්මනෙහි බොහෝ අය නොදන්නවා විය හැක.නමුදු කලාකරුවා තුළ අත්‍යන්තයෙන්ම ගැබ් විය යුතු නිර්භය බව, මානුෂීයයත්වය, එඩිතර බව ආදී සියල්ල මොනවට පසක් කළ ඔවුන් එදා කළ ඒ ...

ලස්සන පින්තූර සහ ලස්සන දේවල් වල පින්තූර

Image
  කල් තියා දැනෙන මහ වැහි ගැන කොහොම ද දන්නේ ?......මේ හීන් සැරේ මද පවනක් කොහෙන්ද එන්නේ?.... දිය'ඹරේ ගැඹුර කොයි විතරද කොහොම හිතන්නේ?.....මේ මහ පොළොවේ පස ගැන මං මොනවද දන්නේ?............... වැට කඩුළු මතින් ජය ගත් අය ලොවේම ඉන්නේ....ඔවුනගෙ පිහාටු අත්තටු වී කවදද ආවේ?....ජීවිතේ විතර මිහිරක් තව කොහෙද තියෙන්නේ?.....මේ ගහේ වැලේ මල් ගැන මං මොනවද දන්නේ?......... මව් සෙනේ සිරුර යන හැටි මා හද හඳුනන්නේ,පිතු සෙනේ මහිම ළය පතුලේ ලියලයි තිබුණේ,මගෙ හිතේ තියෙන දුක ගැන මං විතරයි දන්නේ,  මේ මහපොළොවේ හැටි ගැන මං මොනවද දන්නේ?....................... ✒️Se.Ka. 2024/June/19 පසුව ලියමි :  # ලෙබනන් මහා කවියකු වන ඛලීල් ජිබ්‍රාන් ගේ " මුනිවරයා'' තුළ දරුවන් හා දෙමව්පියන් යනු කවරේදැයි මනාව පැහැදිලි කර ඇත. එය මා එතෙක් මෙතෙක් දුටු හොඳ ම නිර්වචනය වේ. එමෙන්ම ජිබ්‍රාන් ගේ අන් සියලු අදහස් පවා මහගමසේකරයන්ගේ මෙන් සුන්දර ය.  #මා පේරා යන්නට කැමති ය. මනෝවිද්‍යාව හැදෑරීමට ද කැමතිය.  මන්ද යත් දේවි බාලිකාව නම් වූ සොහොන් පිට්ටනිය තුළ මට අහිමි වූ මා ලබා ගැනීමට මට අවැසිය. මට දැන් අවුරුදු 20 කි. මනුෂ්‍යයාගේ වත්මන්...