මේ හදේ රාවේ.....
පොඩි වීදි නාට්‍යයක කොටසක් වගේ දැනුණට, මේක සංවේදී කෙනෙක්ට අහන් ඉන්න අමාරුයි, ශෝකී විලාපයක් වගෙයි දැනෙන්නෙ......
ගංගා නම් ගං ඉවුරෙදි හැමදාම ඇහෙන බෙර සද්දෙට හුරු වුණු කන් වලට වත් මේ ගැඹුර ඔරොත්තු දෙන්නෙ නැහැ. කවි ලියනකොට භාවිත වෙන සමුද්‍රඝෝෂ විරිත වගෙ මේ පැටලැවුණු සිතුවිලි ඔක්කොම ඒ හඬ එක්ක, එකපාරටම ඉහල යනව....
මේ සංධ්වනිය ඇතුළෙන් ශෝකී රාග ඇහෙනවා... කැළඹුණු මනසකට එක මොහොතක් විතරක් නෙමෙයි , හැම දවසක්ම මේ වගේ දැනෙන දවස් තමයි.......මේ ගීතයේ පළමු සංගීත ඛණ්ඩයම මහා රළ නැගෙන සයුර වගේ කියල, මගේ කැළඹුණු මනස මටම කියනවා........
සමහර විට එය අහන ඔබටත් එහෙම දවස් මතක් වේවි.........
Comments
Post a Comment
Comments ?