සිතින් මගේ සිනා මල් මවා...............
සූරියකාන්ත මලක් වගේ ලස්සන ට කොහොමද සිනහ වෙන්නෙ ?.....
මෙච්චර ලස්සන ට ආදරේ හුස්ම පොද පණගන්වන්න?......
එදා ටක් ටික් ටුක් චිත්‍රපටය බලනකොට, විජය සෝනියාගේ ඇස් දිහා බලනකොට මටත් එහෙම හිතුණා.......
හැබැයි ඉතින් අවාරයක ඈත ඉඳන් එන කෙනෙක්ට වුණත් පුළුවන් සමහර වෙලාවට අපේ හිතෙන් සිනා මලක් පුබුදුවන්න........
ඒ විතරක්ම නෙමෙයි ,
ජීවිතේ එකපාරක් හරි එහෙම ලස්සන සිනහවක් හිතෙන් පිපුණම ජීවිත කාලේ පුරා, ඒ සතුට රැඳිල තියෙනවා , කවදාවත් අමතක නොවෙන මතක අතරේ, ඒ අව්‍යාජ බව සුන්දර බව තැන්පත් වෙලා තියෙනවා හදවතේ ඉහළම තැනක.............
ඔබත් සිනා මලක් ව පිපෙන්න , ආදරණීයම තැනක, හරි ලස්සන ට....
ගයන්නේ, H.R. ජෝතිපාල .....
Comments
Post a Comment
Comments ?