මෙයට කීකරු නීතිය ...

කියවා බලනු රිසි නම්, දෑස් හැර කියවා බලනු මැන*..... 

📝ලියන්නේ 

ස්වාමීනි , ඔබ වෙත...


පුරා බෝ වස් ඔබෙන් යැපුණද , 

ඔබ රැකුණෙ මේ මා නිසාවෙනි.... 


ඔබම වැනි බෝ ස්වාමි හිමිවරු සෙවණෙ මා කීකරු ව සිටියෙමි .....


⭕⭕⭕⭕


නමුදු, 


*මහවුන්ගෙ මාළිග, බිදී හැළෙනා විට*...

*පොඩි වුන්ද එහි ඇති, ඊට යටවී නැසීයේ*...👀


මතකද ස්වාමීනි, ඒ දෙබස? 

ඒ නිසාවෙන් ලියමි... 

අන්ධ වූ දෙනුවන් විදා, බලනු නොහැකිව ඇත්ත ඇති ලෙස, 

ඉරා දැමුවෙමි ඒ තිමිර පට, දෑස් බැදි ඒ මාගෙ  පිවිතුරු .... 


එයින් පසු දුටුවෙමි...

මා දනන් ගේ හදවත...


*නැතත් හිස මත අං යුවලක්*, 

*ඇත්තේම නැත මොළයක්*, 

*කාරණා කිම්දැයි නොදත් මුත්*, 

*මහා වළකට වැටී ඇති සැටි*... 


එකී මෙකි ඒ ඇතැම්  උන් ගැන දනන් තුඩ තුඩ මෙසේ පැවසෙති...


එපමණක් නොවේ තව, 

ඇත්තේය බෝ තවත් දේ... 

අසනු ඔබ රිසි නම්, 

මා මෙසේ ලියන්නම්...


*දෙදරවා නීතිය*,

*හොඳට නරකට* *දෙවන්නට, නොහැකි* *ඒ* *ඇත්තෝ නීති බින්දෝ*  *හෙමින් හෙමිහිට* .....



*දෙවසක්ම ගත විය*,

*තුන් වසත් ළඟ ම විය*....

*ලබනු වස් යුක්තිය*, 

*සාධාරණය , නීතිය*, 

හිස් අතින් ආ දනෝ තවම ඇත බලාගෙන..... 


*අහෝ ! සැපයි සැපයි දෙඩුවද*, 

*ලැබූ එක දෙයක් නැත*....


දනන් රුහිරු මත විසිර ගිය, අල්තාරයේ කුසුම් මිලිනව,

 හඩා වැළපෙනු ඇසේ තව තව..... 


*උන්ගේය නීතිය*,

*උන්ගේය ධර්මය*,

*වග වලසුන් විසින්* *උනුන් කා ගෙන සිටින යුගයෙක*....


*කරුණු ගොනු කර ඇත*, 

*කෙරූ කිසිවක් නොපෙනෙත*... 

*ඒ සියල් ඇත්තෝ නිහඩ විය දීනව*..... 


*ඇතැම් උන් උන්ගේ*, 

*ඉසුරු බලයට* *ලොල්වී* , *ඉන්නට* *නිදැල්ලේ , මගක් පාදාවිද*?...



*කිළිටි වූ කාකි ඇදුමද* ,

*ඇගේ ළා ගත් හිස් මත* , 

*කුමකින් කුමක් වේ*, *දැයි කියා එකවරම* *ලියැවෙද*??......



*කිසිත් නොම දත්තෝ*,

*වෙත කුමක් වේදෝ*, 

*සියල් දේ කෙරුවෝ*, 

*සිනා කෙළෙමින් සුව විදියිදෝ*..... 



මෙමා ගිය කළ  පුරයට, 

තබා මොට වූ  නැමුණු අසිපත...

දනන් අතරේ පවර පුවතර මෙසේ මෙපුවත බවම සැල විය..... 


ඒ නිසාවෙන් ඔබට පවසමි...... 


ස්වාමීනි නිර්භය, 

උත්තරීතර නීතිය ,

තවත් කල් මර මර 

ඉන්නෙ කිමදැයි කියා පවසනු ? 


නැත්තේ ද යුක්තිය?

නැසුණු ඒ අසරණ දනන් වෙත ?

බර වීද තරාදිය ? 

එසෙත් නොඑනම්

කරුණු කිම වෙද ? 


යුක්තිධර්මය සැමට බෙදනට, 

සමව එක ලෙස නැතිද ඔබ අණ ? 


කදුළු පිරි ඉරුදින... 

අදට ඒ දෙවසකට පෙර,

ස්වාමීනි මා ගරු, 

බලනු ආපසු හැරී ඒ දෙස ...... 



'ස්වාධීන" ලෙස මට, 

නාමයක් ඔබ විසින් දුන්නද , 

ස්වාමීනි අද මම , 

එසේ නැති බව 

දති සියල්ලෝ..... 


තුලාවෙහි වූ ඒ 

බර මලු දමා ඉවතට, 

ලිහුණු සළු ළා ගෙන , 

යනෙනු කලියෙන් මෙසේ  ලීවෙමි....... 


              ⚖️📝

              මෙයට,

           - කීකරු නීතිය-


✒By:

Semini .K. Danthanarayana 

2021/ 08 / 19 


........ 👁️

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !