වුණොත් රැජිනක් මමත්...
කේතුමතියක් කරමි මේ පුර,
වුණොත් රැජිනක් මතු මෙමා.....
පිළි අරන් අද
දුන් ඔවා මුතු,
ගුරු පියානෙණි ,
ලියමි මා....
දනන් වෙනුවෙන් ,
නැගුණු හිරු ගෙන්,
පිපුණු මල්
රැක ගනිමි මා,
සබුද්ධික සේ
සරා යන්නට,
සැබෑ නිදහස දෙමි මෙමා....
දනන් විපතට,
හෙළා මා වෙත,
ලැබෙන මසවුළු ,
මට එපා....
සීත පොළොවට,
මගෙත් දහදිය,
කඳුළු මුතු,
එක් කරමි මා....
දුක නොදත්
අඳ බිහිරි මන්දිර,
කිරුළු ලූ මට,
නිති එපා .....
සැලෙන දිය නැති
පිරුණු කලයක්,
වෙමින් නැණ ගුණ
හද දරා....
උරුම නොකියම,
කෙරූ රජකම්,
දෙස බලා තුටු සිත් පුරා,
කාලෙ ආවම යන්ට යන්නම්,
තබා හිසළූ
කිරුළ මා......
- සේමිණි කාවින්ද්‍යා
2021/ 10 / 16 - DVP
Comments
Post a Comment
Comments ?