❤සොඳුරු රාජ්‍ය නිලධාරින්
ඊයේ උදෑසන සුන්දර බදාදා දිනයකි.....
මා ඇසූ විදුහල්පති ආමන්ත්‍රණ අතරින්, වඩාත් සිත්ගත් තවත් එක් ආමන්ත්‍රණයක් ඊයේ අසා සිටියෙමි. එය අරුත් බර දේශනයකි. ඇසීමට ප්‍රියය.....වඩා හොඳින් සාවධානව අසා සිටින කල්හි, එක් වැකියක් සවන් වැකුණි...
" ඔබේ ගුරුවරු කියන්නෙ,මේ අපි ඔක්කොම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් වලට පත් කරල එවන නිලධාරින් විතරයි....ඒත් මේ පාසල හැමදාම ඔබේ....''
ඊයේ දින මා ඇසූ විදුහල්පති කතාවේ මා ප්‍රිය කරන කොටස් දෙකක් ඇත. ඉන් පළමු වැන්න, ඉහත සඳහන් කළ කොටසය. මා ඒ මොහොතේ පටන් ඒ වාක්‍යයේ ගැඹුර කල්පනා කළෙමි.....
එම කියමන සත්‍යයකි. ඔවුහු රාජ්‍ය නිලධාරීහු වෙති. නමුත් ඔවුන් මෙලොව සිටිනා සුන්දරම රාජ්‍ය නිලධාරිහු නොවන්නේද.......?
අමාත්‍යාංශ මඟින් පත් කරනු ලබන තනතුරු අතරින් වඩාත් සුන්දරම තනතුරු හොබවන්නේ ඔවුන් යැයි මම සිතමි.....මන්ද, ගුරුවරයාගේ කාර්‍ය භාරය 1.30 ට නිමා නොවෙයි.....වෙනත් පාසලකට ගිය විට, ඒ සබඳතාව නිමා නොවෙයි.....අදාල වසර 13 නිමා වූ පසු හෝ අදාල ශ්‍රේණියට සමුදුන් පමණින්, බැංකු ගනුදෙනුවක් නිමා වන්නා සේ එම බැඳීම නිමා නොවෙයි.....
ගුරු මාරුවක් ලද පමණින්, සිසුවා හා ගුරුතුමා, ගුරුතුමී අතර බැඳීම දුරස් නොවෙයි....නිමා නොවෙයි. එය එතරම්ම සවිමත් ය. ගුරුතුමාට සිසුන් ආදරය කරන්නේ, පෙරළා කිසිත් බලාපොරොත්තුවෙන් නොවේ. එමෙන්ම ගුරුවරයා සිසුන්ට එක සමානව ආදරය කරන්න්නේද, හද පුරා දෝරේ ගලන සෙනෙහසිනි....එය ගනුදෙනුවක් නොවන්නේ එහෙයිනි. ❤ එය ආදරණීය ය.
ගුරුතුමා විශ්‍රාම ගෙන ඉසිඹු ලූ අවධියේ පටන් හා ඉන් පසුත් , " මේ මගේ ගෝලයො'' යැයි ආදරණීයව අතීතය සිහිපත් කරන ගුරුතුමාගේ හදේ පටන්, ඊයේ දින තම පළමු පත්වීම ලද ගුරුතුමා හෝ ගුරුතුමිය දක්වාම, මේ ධර්මතාව අදාලය....මන්ද එය, ඇට මස් සිඳ බැස යන නිමා නොවන බැඳීමක් නිසා ය....... වෙනත් පාසලකට ගිය ගුරුතුමා තම සිසුන් දුටු විට, "අනේ මේ අපේ පරණ ළමයි ටික නේද මේ?... '' ලෙස අසන්නේ ඉතා ආදරයෙනි, සෙනෙහසිනි.....
වෙනත් පාසලකට ගිය ටීච , පාසල නිමවී ගෙදර එනතුරු, ඇයට ඇමතුමක් ගන්නට බලා සිටින සිසුහු වෙති. ටීච ගේ උපන්දිනය එනතුරු කාඩ් පතක් දෙන්නට බලා සිටින සිසුහු වෙති.....මේසය මතින් තබන්නට කුඩා මල් බඳුනක්, පොතක් තුළ දමන්නට කුඩා බුක් මාර්ක් එකක් ආදිය සාදා, එය ආදරයෙන් ටීචට දීමට බලා සිටින සිසුහු වෙති....තමන් ආදරය කරන ගුරුතුමී වෙනත් පාසලකට ගිය කළ, හදවතින්ම දුක් වෙන, හඬන සිසුහු වෙති......ඇතැම් විට, ඒ දුකම ඔවුන් නිර්මාණශීලී කවියෙකු කිරීමට පවා සමත් වෙන තරමටම, ඒ දුක ගැඹුරු වන අවස්ථා ද ඇත.....
මේ ලොව සිටිනා සුන්දරම සහ සොඳුරුතම රාජ්‍ය නිලධාරින් වන්නේ ආදරණීය ගුරුවරුය. ඒවා අමාත්‍යාංශ පත්වීම් බව සැබැයි, නමුත් එය රැකියාවකට එහා ගිය සේවයකි. දරුවන් ගෙදර ආ කළ, ගුරුවරු ඔවුන් ගැන සොයා බලන්නේ ද, නිවාඩු කාලයට පමණක් නොව, අසනීපයක් වූ විට, මුහුණේ දුකක් දුටු විට, චර්‍යාත්මක වෙනසකදී පවා, ළමයින් ගැන වෙහෙසෙන්නේ, අම්මා තාත්තා ළඟට ඒ ආදරණීය රාජ්‍ය නිලධාරින් ය....
අම්මාට තාත්තා ට තරමටම සහ ඊටත් වඩා තම ගුරුවරයාට ආදරය කරන ළමයි මෙ ලොව තුළ බොහෝ වෙති......එය පරම සුන්දර බැඳීමකි.......
ටීච අම්මලා සිටින සිසුන් බොහෝ වෙති. එනම්, අම්මාට තරමටම ඔවුන් ටීච ට ආදරය කරති. එය හදවතේ ගැඹුරුම තැනින් එන ආදරයකි....ගුරුතුමී රාජ්‍ය නිලධාරියෙකු බව කුඩා දරුවෝ නොදනිති... ඔවුන් දන්නේ, මේ මගේ ටීච , මේ මගේ සර් යන්නට පමණි. ඒ ආදරණීය බවට ඔවුහු පෙරළා ගුරුතුමී ට ආදරය කරති......
පාසල ගුරුවරුන්ගේ නොවේ. පාසල ළමුන්ගේ ය. එය සත්‍යයකි. නමුත්, ගුරුවරු ළමුන්ගේ ය. ගුරුවරු පාසලට හෝ අමාත්‍යාංශයට අයත් නැත. ගුරුවරු අයිති ළමුන්ට ය... අපිට ය. සැබැවින්ම ඔවුන්ගේ අයිතිය අපට ය.❤ ඉතින් එබැවින් ගෞරවනීය ම රාජ්‍ය සේවය වන්නේ , ගුරු සේවයයි. එය ගරු සේවයකි....
එ හෙයින් මෙලොව සිටින සුන්දර ම රාජ්‍ය නිලධාරින් වන්නේද , ඒ තරම් ආදරයක් ලැබීමට තරම් කුසල් කළ ගුරුවරුම ය.....තමාගේ නොවන දරුවන්ට, තමාගේ දරුවන් තරමටම ආදරය කළ හැක්කේ වෙන කා හටද ?ඒ තරම් පරාර්ථකාමී හදවතක්, ළයක් දරන්නට හැක්කේ වෙන කා හටද ? මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන මේ සියල්ල ඇත්තේ අම්මාට තාත්තා ට හැරුණු කොට වෙන කා හටද, ගුරුවරුන්ට හැර....? ඒ සියල්ල මව්පියන් ළඟට සැබැවින්ම ඇත්තේ, ගුරු හදවත් තුළ පමණි........එය මේ සමාජයේ වෙන කා හට වත් සමාන නැත...සමාජයේ එලෙස තමාගේ නොවන අයට පරාර්ථය උදා කරනා වෙන අයද නැත....
තම සිසුන් , තමන්ගේ නොවන දරුවන්ගේ ජයක් දැක හදවතින්ම සතුටු වන්නේද, ඔවුන්ගේ දුකේදී, ඔවුන් සමග හදවතින්ම වැළපෙන්නේද, ගුරුවරු මිස අන් කවරහුද.....? අපිව දැනෙන එකම ජීවී කොට්ඨාසය ඔවුන් පමණක් නොවෙද, මව්පියන් හැරුණු විට....
අම්මාට තාත්තා ට තරම්ම, සිසුන් තුළ ඕනෑම ගුරුතුමකු හෝ ගුරුතුමියක ගැන ලියැවී ඇති ආදරයක් ඇත....එය අහිංසක සහ සැබෑ ආදරයකි........අම්මාටත් වඩා ටීච ට ආදරය කරන දරුවන් සමාජය තුළ මම දුටුවෙමි....එවන් ගුරුතුමියක වන්නට ලැබීම සැබෑම පිනකි....
මෙලොව අන් කිසිම රාජ්‍ය නිලධාරියකු එවන් ආදරයක් කාගෙන් හෝ ලැබීමට වරම් ලබා නැත......නමුත්, අසීමිත ආදරයක් ලැබීමට කුසල් ඇති, එකම රාජ්‍ය නිලධාරි කොට්ඨාසය වන්නේ, ගුරුවරුය........සහ ඔවුහු, මෙලොව ඇති සුන්දර ම ළය දරන්නෝය.......එය අධි බරැති ළයකි. හදවත් පනහක් වසරකට දරා සිටීමට පන්තිභාර ගුරුතුමාට සිදුවේ....එලෙස වසර ගණනක් ගිය විට, ඒ ළය කොතෙක් බරැති ද.....❤
ඉතින් එබැවින්, ගුරුවරයා යනු අරුම පුදුම රාජ්‍ය නිලධාරියෙකි....එම පත්වීම ලබා දෙන්නේ, අමාත්‍යාංශය විසින් නොව දෙවියන් විසින් යැයි, ඇතැම් ගුරු තරු දුටු විට සිතෙයි....ඔවුන් දෙවියන් ගෙ තෑග්ගක් සේ ය.
ඔවුන් අතර සිටිනා ළතෙත් ගුණෙන් හෙබි, ඒ ගුරු තරු,වලට, "ගුරු සඳ " යැයි ආමන්ත්‍රණය ද උචිත යැයි මට සිතේ........
අවසන, ඊයේ කතාවේ, මා ප්‍රිය දෙවන කොටස මම උපුටා ගනිමි....
" ගසක් වනු මැන දුවේ,
ගසක් වුණොත් නුඹ,
පොළව යටට මුල් ඇදෙයි,මල් පිපෙයි,වැල් එතෙයි,ගෙඩි හැදෙයි....නමුත් නුඹ නොසැලෙයි.....''
බෙහෙවින්ම ස්තුති මැතිණියනි !
ඒ ආදරණීය ආමන්ත්‍රණයට....❤
" මගේ ආදරණීය, ගෞරවනීය දියණිවරුනි, අතුල දස්සනාරාමයේ ස්වාමීන් වහන්සේ හැමදාම කියනව වගේ, වාසනාවන්ත දියණිවරුනි.........." රැස්වීම තුළ එලෙස ගලා ගිය එතුමිය ගේ ඒ කතාව පුරා , ආදරය ද, ගෞරවනීය බවද, ගැඹුරු හරයක් ද, පාසල් සංස්කෘතිය කෙරෙහි ඇති අසීමිත බැඳීමද, ප්‍රමුඛව තව බොහෝ දේ දුටුවෙමි..... අද සැබැවින්ම ආදර්ශමත් දිනයක් සේ මට දැනෙයි..... එය ඖචිත්‍ය වූ ළයාර්ද්‍ර ආමන්ත්‍රණයකි....... ගුරුවරු රාජ්‍ය සේවකයින් බව මට දැනුණේ අද ය. එතෙක් මේ වසර 13 පුරා මා සිතා සිටියේ, ඔවුන් අපේම ජීවිත වල කොටසක් පමණි කියාය ඒ නිසා සමහර බොහෝ තැන්වල මම අසීමිත ලෙස දුක් වූ අවස්ථා තිබුණි. සහ තිබෙයි...........එය වචන වලින් කිව නොහැකි තරමේ ගැඹුරු දුක් සහිත අවස්ථා වේ.......මන්ද මා, ඒ ආදරණීය ගුරු තරු මාගේ ජීවිතය හා බද්ධ කොට සැලකූ හෙයිනි. ඇතැම් අවස්ථා වල මා දියකොට දැමිය හැකි පරිදී මා දුක් වූ දින ද ඇත්තේ එහෙයිනි.
නමුත් රාජ්‍ය සේවය තුළ ඔවුන්ට අයිතියක් ඇති බවත්, අප එදිනෙදා කටයුතු කරන අනෙකුත් ආයතන වල සිටිනා පුද්ගලයන් සේම, ගුරුවරු යනුද නිලධාරින් පිරිසක් බවත්, අද පළමු වරට මා උගත්තෙමි. එය කියා දුන් මැතිණියනි, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි........ මා හට විවිධ අවස්ථාවල අසීමිත ලෙස දුක සිතෙනා මොහොතක වුවද, එම කාරණය සිහි කර දුක අමතක කළ හැකි බව අද මට වැටහුණි.....බැඳීම් වැඩි වන තරමට දුක වැඩිය......එහෙත් අද දවස අවසානයේ තවත් දෙයක් වැටහුණි, ඒ බැඳීම අත් හළ නොහැක. එය අසීමාන්තික ශක්තියකි..........ගුරුවරුන් රාජ්‍ය සේවකයන් දැ'යි තවමත් මට නොවැටහේ.......එය එසේ වන්නේ නම් අප අසීමාන්තික ලෙස ඔවුන්ට ආදරය කරනුයේ මන්ද ? ඔවුහු රාජ්‍ය සේවකයින් විය හැක. නමුත් මෙලොව සිටිනා සුන්දරම රාජ්‍ය සේවකයන් ඔවුන් බව තුන් කල් පවතින සත්‍යයකි................ මන්ද, මම තවමත් , තවත් එක සොඳුරුතම රාජ්‍ය නිලධාරිනියක වන මාගේ ගුරුතුමී ඇගේ නිවසට පාසල නිමවී පැමිණෙන තුරු බලා සිටිමි............නමුත් ටීචට මහන්සි නිසා කතා කිරීමට සිතෙන කවදාවත් මම ටීචට කතා කර නැත......
ඔවුන් සොඳුරුතම රාජ්‍ය නිලධාරින් වන්නේ අපට ළයක් දුන් නිසා යැයි එනිසා මට සිතෙයි.............❤
❤පාසල අපේ ය.
ගුරුවරු පාසලේ ය.
ගුරුවරු අපේය....
එබැවින් අප ගුරුවරුන්ගේ ය............
✒️2023/ July / 5
_Main Assembly_
ඔවුන් ආදරණීය සහ සොඳුරුතම රාජ්‍ය නිලධාරින් වන්නේය........❤ ( සොඳුරුතම යන විශේෂණ පදය ඊට එක්විය යුතුය ).....❤


❤❤❤❤❤❤woww....nice....!
ReplyDelete