Teacher Look ???




අද  කතාව ටීච ලුක් ගැන ( teacher look ) 

ඒ කියන්නේ, ටීච කෙනෙක් වගේ පේනවා කියන මාතෘකාව ගැනයි අද කතාව. අපි යන එන කොට පාරෙදි, බස් වලදි සහ ගොඩාක් අවස්ථාවල අපිට සමහර කාන්තාවන් දුටු පමණින් ඇගේ වෘත්තීය කුමක්දැ'යි කියන්න පුලුවන් වෙන අවස්ථා තියෙනවා...හැබැයි 100% ක්ම එම නිගමන නිවැරැදි නැහැ....මේ කාරණාව පුරුෂ පක්ෂයට අදාල නැහැ. කාන්තාවන් දුටු විට පමණයි මෙය කිව හැකි වන්නේ....

බොහෝ අවස්ථාවන්හි එය එසේ කිව හැක්කේ, ගුරුතුමියක දුටු විටය........කිසි දින හමු නොවූ වෙනත් පාසලක සිටින ගුරුතුමියක් දුටු විට වුවද ඇයව මහමඟ දුටු කෙනෙකුට පවා , "මේ නම් ටීච කෙනෙක්'' යැයි කිව හැක....නමුත් ඇතැම් ටීචර්ලා වෛද්‍යවරියන් බඳු පෙනුමක් සහිතය. ඇතැම් වෛද්‍යවරියන් ද ගුරුවරියන් බඳුය....

කෙසේ වුව, ටීච කෙනෙකු දුටු පමණින්, ඒ ටීච කෙනෙක් කියා අපට උපකල්පනය කළ හැක..එසේ කළ හැක්කේ ඇයි ? 

අපගේ ඒ පූර්ව නිගමනය කෙබඳු වුවද, එය යම් අවස්ථාවල සත්‍යයක් වුවද,ගුරු පෙනුම වනාහී එසේ පිටතට පෙනෙන දෙයක් නොවේ..... 

Teacher look යනු, ගුරුතුමියක දුටු පමණින් ටීච කෙනෙකු ලෙස පෙනීම නොවේ.......ටීච අඳින්නාවූ සාරිය හැඳ, කොණ්ඩය බැඳි පමණින් ඕ ටීච කෙනෙකු වේද ?එසේ නම් මම සාරියකින් සැරසී, මා කොණ්ඩය බැඳි පමණින් මා ටීචර් කෙනෙකු ලෙස පෙනේද ? 

ටීචර් කෙනෙකු හෙවත් ගුරුතුමියක ලෙස ඇය පෙනෙන්නේ,ඒ සැබෑ හදවත ඇයගේ ඇතුළාන්තයේ ඇති විට පමණි.....

එවිට එම ගුරුතුමී සාරියකින් සැරසුණේ ද, කොණ්ඩය බැන්ඳේද යන්න එතරම් ඉස්මතු වී නොපෙනේ.....සාරියකින් සැරසුණු කළ ගුරුතුමී ලස්සන බව මම දනිමි. ඉතා සුන්දර බව දනිමි. නමුත්, සැබැවින්ම හදට දැනෙන ටීචර්ලා ගේ සාරිය නොව ඒ සිනාබර මුහුණ දුටු පමණින්ම ඇය හෘදයාංගම ගුරුතුමියකැ'යි කිව හැක....... සැබැවින්ම teacher look එක පෙනෙන්නේ මුහුණෙනි......ඒ මුහුණුවර තුළ රැඳි අව්‍යාජ බව තුළ හා ආදරණීය බව තුළ ඇය ගුරුතුමියක් බව පෙනෙයි....❄️

ඒ teacher look එක හෙවත් ගුරුතුමියක ලෙස පෙනෙන ස්වරූපය ඉස්මතු වන්නේ, හදවතින් වන අතර එය මුහුණෙන් ප්‍රතිබිම්බ ගත වේ.....❤

ඉස්කෝලේ සිටිනා හොඳම ටීච වන්නේ, ලස්සනටම සාරිය අඳින ටීච නොවන්නේ එහෙයිනි.......සැබෑවටම teacher look යනු බලෙන් ආරෝප කර ගත හැකි දෙයක් හෝ, සාරියකින් පමණක් ඉස්මතු වන දෙයක් නොවේ...

එය හදෙහි පැළවී, මුහුණෙන් සහ ක්‍රියාවෙන් ඉස්මතු වන මල් ඵල සහිත පිරුණු දෙයකි....teacher look යනු සැබැවින්ම පරිපූරණත්වයකි.....

එහි ආදරය , සෙනෙහස, කරුණාව, මෛත්‍රිය සහ තවත් බොහෝ දේ ගැබ්ව ඇත.....❤

 _23/ජූලි/8_


පසුව ලියමි...🌿

මෙය ලියූවේ, මා ආදරය කරන ටීච කෙනෙකු ඊයේ දින ටීචගේ පින්තූරයක් එවා, එය ටීච කෙනෙක් වගේ පේනවා නේද යැයි ඇසූ නිසා ය... මම ඊයේ එයට පිළිතුරු නොදී සිටියෙමි. නමුත් මගේ සිතේ සිනහවක් ඇඳුණි.....මම යටි සිතෙන් පිළිතුරක් දුන්නෙමි....

එය ටීචට ඇසුණේ නැත...

" ටීච කොයි වගේ හිටියත් ඇත්තටම සැබෑම ටීච ටීච කෙනෙක් නිසා, ඒක ටීච ගෙන් පේනවා....ටීච ගේ teacher look එක තමයි ඇත්තම teacher look එක........'' 

ඉතින් එබැවින් සෑම ටීච කෙනෙකුටම ටීච ලුක් එක වැදගත් වන අතර, එය පෙනෙන්නේ, ළමයින්ටය....❤ ගුරුතුමී ගේ ටීච ලුක් එක දැනෙන්නේ අප සිතට වන අතර, එය ටීච කොයි ආකාරයෙන් සිටියද, වයසට ගියද, කොතැනක සිටියද, එලෙසින්ම සෑම දිනම දැනෙයි.....

මන්ද, එවන් ගුරුතුමියක තුළ, teacher look යනු, ස්වභාවයෙන්ම අන්තර්ගත දෙයකි....හරියට මලක පෙති සේය. පෙති නැති මලක්, මලක් ලෙස නොපෙනේ....❤

23/ 07 / 09 🌼

_se.ka_ 



Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !