හරි ලස්සන චරිත !

ළමයින් සුන්දරය. මෙය සුන්දර හදවතක් ඇති පුංචි ගැහැණු ළමයෙකු ලියූ ලිපියකි. මා එය ලද පසු මහදෙහි මලක් පිපුණි....ඉතින් එබැවින් ඔබටත් මෙන්න මේ මල්.....

" මම කවදාවත් හැබැහින් දැකලා නැති, එහෙත් මා හුඟක් හොඳින් හඳුනන ගෞරවනීය විදුහල්පති ගුරු පියානෙණි, ඔබතුමන් ට මෙය ලියන්නට සිතුනේ, අද මා කියවූ ලිපිය නිසයි.Sir busy නැත්නම්, sir ට වෙලාවක් තියෙනවා නම් විතරක් මේ ලිපිය මඳක් කියවන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි.....

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ට හෝ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ට මාගේ කිසිඳු ඍජු හෝ වක්‍ර  සම්බන්ධයක් නෑ sir.මං ඒ පාසල් දෙකට කවදාවත් ගිහින් නැති වුණත් අහලා , දැකල තියෙනවා sir......

පහුගිය ටිකේ, මුලින්ම ගොඩාක් දුක හිතෙන post එකකට කියල මම දැක්කෙ බණ්ඩාරනායකයෙ හිටපු principal sir යනකොට චූටි මල්ලි කෙනෙක් සර්ව බදාගෙන අඬන පින්තූරයක් සහ ලොකු අයිය කෙනෙක් sir එක්කම අඬන එකක්. ඒකෙ ඒ සර්ත් අඬනවා sir. ඒ post එකත් එක්කම ලියවිලා තිබුණා , අඬන්න පුළුවන් හදවතක් තියෙන  පිරිමි ළමයෙක් හදන්න කියල සහ ඒ ආශ්‍රිත විවිධ ලිපි....ඒවා දැක්කාම ඇත්තටම ගොඩාක් දුක හිතුණා අපි හැමෝටම sir.... ඒකත් එක්ක අපි හිතුවෙ ආපහු ඒ ඉස්කෝලේ ට කවුරු එයිද දන්නෙ නෑ කියල sir...........

Principal sir කෙනෙක් ළමයි එක්ක අඬනවා කියන්නෙ ඒක හරි ලස්සන ෆිල්ම් එකක් ලියන්න වුණත් පුළුවන් වෙන විදිහෙ සිදුවීමක් sir........ ඒ එය හරි ආදරණීය ගෞරවනීය මොහොතක් නිසයි sir.. එහෙම ටික දවසක් ඉන්නකොට තමයි, මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හරි අපූරු විදුහල්පති තුමන් ගැන කතාබහ ආවේ sir.............

ඒත් ඊට කලින් මම දැකල තියෙනවා sir ළමයි එක්ක cricket ගහන ඒවා එහෙම vedios දාල තියෙනවා ගොඩාක් කලින් දවස් වල sir. මට ඒ කාලෙ හිතුණා හරි අපූරු සර් කෙනෙක් වෙන්න ඇති කියල....... ඒ ඇරත් මහින්ද රාජපක්ෂෙ ඉන්න මගේ සමහර යාලුවො එහෙම සර් ගැන ගොඩාක් ආදරයකින් ගෞරවනීය විදිහට මාත් එක්ක කතා කරල තියෙනවා sir. සහ එයාලා ඒ අයගෙ status දාන ඒවා එහෙම මම දැකල තියෙනවා sir........ එතකොට ඒ කාලෙ ඉඳලම මම හිතුව ඇත්තටම සර් හොඳ සර් කෙනෙක් වෙන්න ඇති කියල......

ඒත් ඊටපස්සෙ සර් ගැන මම හොඳටම දැනගත්තේ, sir වෙන ඉස්කෝලෙකට යන සිදුවීමත් එක්ක.මගේ contact list එකේ ඉන්න ගොඩාක් යාලුවොන්ගෙන් එයාල ගෙ ඉස්කෝලේ මොකක්ද කියල මට ඇත්තටම එහෙම ලොකුවට මතකයක් නැති අයත් ඉන්නවා  sir..... because නමින් විතරයි එයාලව save කරල තියෙන්නෙ...

ඒත් එදා බාගෙට බාගයක්ම ළමයි status දාලා තිබ්බේ කඳුළු ගොඩාක් sir..... Sir යන නිසා සෑහෙන ළමයි ගොඩාක් දුක හිතෙන posts share කරල තිබ්බා sir..... එතකොටයි මම දන්නෙ SIR  ඒ ළමයි MRC එකේ කියලත්......ඊටපස්සෙ NEWS එහෙමත් SHARE වෙනව මම දැක්කා SIR ගෙ අලුත් smart library එක ගැන sir. 

මම ඒ ඔක්කොම බැලුවා sir...... ඒ හැම news එකක්ම හැම vedio එකක්ම , හැම article එකක්ම මම බැලුවා sir....... අනේ ඒවා බලන කොට මට හිතාගන්නවත් බැරි වුණා මේ තරම් හොඳ පුළුල් චින්තනයක් තියෙන , පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට බෙදා ගෙන නැති, රාමු වුණ මනසක් නැති, හරි නිදහස් අධ්‍යාපන පරිපාලන සේවයේ නියුතු නිලධාරින් ඉන්නවා ද කියලත් මට හිතා ගන්න බැරි වුනා sir.......ඇත්තටම දෙවියන්ට ස්තුති වේවා ! කියල මට හිතුණා එහෙම වටින චරිතයක් sir තුළින් මේ ලෝකයට තෑගි කරල තියෙන එකට sir..... ඇත්තටම මට ගොඩාක් සතුටුයි sir.... ඒ ඔක්කොම බැලුවාම පුදුම සතුටක් දැනුනෙ sir......

මම ලෝකය සහ සමාජය දකින විදිහට අනුව වගේම මම පරිශීලනය කරලා තියෙන විවිධ සාහිත්‍ය  නිර්මාණ , කලා කෘති වලට අනුව ඇත්තටම මේ සමාජයට ඕනෙ කරන්නෙ හරි අපූරු චරිත sir. අර නිර්මාණ වල එහෙම චරිත මම දැකල තිබුණ ට සැබෑ ජීවිතයේ එහෙම චරිත හරි විරලයි sir...හැබැයි මට මගේ ජීවිතේ නම් එහෙම විරල, වටින චරිත හම්බවෙලා තියෙනවා sir..... ඒ අතරෙ Sir ව හම්බවෙලා නැති නමුත් සර් ත් එහෙම සර් කෙනෙක් කියලයි මම දැක්කෙ sir..........

Library එක හදන්න sir donation දීපු එක ගැන මව්බිම පත්තෙරේ article එක මම කියෙව්වා sir.......ඒක කියෙව්වාට පස්සෙ තමා මට සර්ට කතා කරන්න ඕනෙ කියල හිතුණෙ sir.....

මම ඒ article එක කියවල ඉවර වෙලා අම්මයි තාත්තයි එක්කත් ඔක්කොම විස්තර ටික කිව්වා sir ...... sir අර මුල්ම ඉස්කෝලේ පෙරළියක් කරපු හැටි එහෙම මට මැවිලත් පෙනුණා sir.... ඇත්තටම ඒක ලස්සන ෆිල්ම් එකකට හොඳ කතාවක් වගේ sir.... මම මේ දවස් වල ලියන පොතට ගන්නත් ඒක ලස්සන සිදුවීමක් sir..... ඒ නිසයි මට ගොඩාක් ම සතුටු sir.....ඉතින් මව්බිම පත්තෙරේ article එකේ තිබ්බ සර් ගෙ සමස්ත කතාවම හරි ආදර්ශයක් sir.... පුදුම චින්තනයක් ඒ තුළ ගැබ්ව තියෙනවා මම දැක්කා sir.....

මම ඒ සතුට වැඩිකමටම ඒ article එක status damma sir......ඊටපස්සෙ මහින්ද රාජපක්ෂ එකේ ඉන්න මගේ contact list එකේ  යාලුවො ඔක්කොමලා මට පුදුම තරම් replies ගොඩාක් එව්වෙ සර්. 

ඒ හැමෝම සර්ට හරිම ආදරෙ replies එව්වෙ sir.....ඒ බැඳීම හරි ශක්තිමත් . එක ළමයෙක් දාලා තිබ්බා," උද්දිකාරෝ කියා මම ඔබට වඳින්නේ නැත්තේ මන්ද පියානෙණි'' කියලත් sir...... ඒ තරම් ගොඩාක් ඒවා දාල තිබ්බා sir ........

ඉතින් එවන් ගුරු පියෙක් ඇත්තටම ගුරු තරුවක් සර්.....සර් ව ළමයි වට කරගෙන අඬන හැටි, සර්ගෙන් සමරු අත්සන් ගන්න හැටි, වස්සානය අග භාගය ගැන සර්ගෙ කතාව යනාදී ලෙස හරියට හදට දැනෙන ඒව ගොඩාක් මං දැක්කා sir.......ඒ හැමතැනම තිබ්බෙ ස්වභාවික බව සර්.......මේ ordinary , යථාරූපී බව ඒ හැම තැනම පිරිල තිබුණා sir ..... ඒක තමයි වටින්නෙ සර්....

බණ්ඩාරනායකයේ ශිෂ්‍යයෙක් විදියට ඉඳල නැවත එහිම විදුහල්පති වෙන්න පුළුවන් කියන්නේ හරිම වාසනාවක් සර්.....මහින්ද රාජපක්ෂ විද්‍යාලය ට වසන්තය ගෙනාවා වගේම සර් යන හැම පාසලකටම වසන්තය ඒවි sir......ඒ වසන්තයේ පිපෙන මල් හැමදාටම සුවඳ වෙයි sir......

Sir 5s ක්‍රමය ගැන විභාගෙට ලකුණු 20 ක උත්තරය ලියපු හැටි, ඉස්කෝලේ day care දාපු හැටි, අලුත් ටීචර් ට පාරට පේන පන්තියක් දාල දුන්න හැටි, රාහුල දායාද සංකල්පය, විතරක් නෙමෙයි , MRC එකේ SILENT PERIOD එක, ඇල්ෆා  ළමයි ගැන සර් දකින විදිහ, Smart library එක, ඒ donation එක, sir ගෙ ළමා කාලය, පොත් වලට සර්ගෙ තියෙන රුචිය  යනාදී එකී මෙකී හැම දෙයක්ම පුදුම වටිනවා sir.......හරීම ලස්සනම ලස්සනයි ඒ ඔක්කොම sir....... 

සාහිත්‍යාත්මක මිනිසෙකුගේ තියෙන වටිනාකම සහ ළයාර්ද්‍ර බව තමයි ඒ ඔක්කොගෙන්ම පිළිඹිබු වෙන්නෙ සර්.....මම මේ දවස් වල ලියන පොතට ඇත්තටම මම සර් ගැනත් ලියනවා sir....

ලොකු වුණාම ඒ පොතෙන් film එකක් කරන්න පුළුවන් වුණොත් ඇත්තටම මම ඒකෙ චරිතයකට සර්ගෙ චරිතය වෙනුවෙනුත් ඉඩක් තියනවා sir.....සාහිත්‍ය ඇතුළෙ ජීවත් වෙන, එහි වටිනාකම දන්න, ළමයිව දැනෙන, මවා පෑම් නැති, ආදරණීය ගෞරවනීය ගුරු පියෙක්, ජීවිතයට හරි එළියක් සර්.....

ඒ නිසා 

Sir ගෙ students ලා ඔක්කොම හරි වාසනාවන්තයි. අදටත් මට මගේ status එකට  reply කළා සමහර අය " ඒ ඉන්නෙ අපේ principal sir '' කියලා sir.... ඒ තරම් බැඳීමක් හරි පුදුමයි sir........

කොහොම නමුත් මට ගොඩාක් ම සතුටු මගේ පොතට හරි වටින, ඇත්ත  චරිතයක් ලැබුණු එකට sir.....

බණ්ඩාරනායකයේ කලින් සර් යද්දි ළමයි ඇඬුවා වගේ සර් එහෙන් යන දවසකත් ළමයි අඬයි sir......මට ඒ තරම් විශ්වාසයි sir ලොකූ සේවයක් කරයි කියලා..........මහින්ද රාජපක්ෂ විද්‍යාලය ට වස්සානය ගෙනා ඔබ තුමන් සැබැවින්ම හිරු හා සමානයි sir...... 

මගේ ජීවිතේ තියෙන පුරුද්දක් තමයි හොඳ දෙයක් කොතැන හරි දැක්කොත් අගය කරන එක sir......ඕනෙ පුද්ගලයෙකුට මම ඒ දිය යුතු නිසි ඇගයීම හා වටිනාකම දෙන්න ගොඩාක් ආසයි sir.....ඉතින් ඒකයි මම මේක sir ට එවන්නෙ සර්.......අප විසින් ගුණ කථන කළ යුත්තේ මිය ගිය අයට නොව, ජීවත්ව සිටින අයට බව මම පිළිගන්නා මතයයි sir..... ඉතින් එබැවින් හද පුරා ගිය තුටින් ලීවෙමි sir...........

සර්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා sir ..........පුළුල් චින්තනයක් ඇති වටින මානව චරිතයක් වීම වෙනුවෙන් , දහස් වරක් ස්තුති ගුරු පියානෙණි .......

කවදාවත්ම සර්ව දැකලා නැති වුණත් මා මෙය සර්ට එවන්නේ, හොඳ මිනිසුන්ගේ ගුණ සුවඳ උඩු සුළඟේද යන නිසා විය යුතුයි ......

ජයෙන් ජයම වේවා ආදරේ ගෞරවනීය විදුහල්පති  ගුරු පියානෙණි .......

Aristotle once said that, educating the mind without educating the heart is no education at all .....  So Thanks a million for educating the hearts sir.....

මම sir ගෙ ගෝලයෙක් නොවුණට මට මේ තරම් සතුටක් දැනෙන්නේ, sir හදලා තියෙන්නෙ සහ හැදෙන්නට ජීවය දීලා  තියෙන්නෙ අපේ රටේ පරපුරකටමයි නිසයි sir.... අන්තිමට මේ හැම තැනින්ම යන ඔක්කොම ගිහින් එකතු වෙලයි අනාගත සමාජෙ හැදෙන්නෙ සර්......ඉතින් එදාට ත් සර්ව ආදර්ශයට අරන් ලොකු නායකයෙක් බිහි වේවි කොතැනක හෝ.....එහෙම වෙන්නෙ සර් දරුවන්ව දැනෙන කෙනෙක් වුණ නිසයි sir..........

මටත් ලොකු වුණා ම සර් ව ලොකු ආදර්ශයක් වේවි....මෙතෙක් ඔබ කළ මෙහෙය වෙනුවෙන් අප්‍රමාණව ස්තුති sir ......

"ඉතින් තව බොහෝ දුර නුඹ පෙරට යා යුතුය,පරපුරක දූ පුතුන් වෙත සෙනේ දිය යුතුය,නුඹ නමින් තව බොහෝ කවි ගීත ලිය යුතුය ගුණ සුවඳ සදා කල් සිතේ පැවතිය යුතුය......."

ඊයේ දින සවස අම්මා සමඟ දවසේ විස්තර කතා  කිරීමෙන් පසු හා ඒ විස්තර අතරට sir ගැනත් විස්තර එක්වූ නිසා, දිගට ගෙතුණු කතා බහෙන් අනතුරුව ,  මගේ හිතට දැනුණ අව්‍යාජ , ඇත්තම ඇත්ත අදහස් ටික මට සර්ට කියන්න ඕනෙ කියල හිතුණ නිසයි මේක ලිව්වේ sir........ ඉතින් sir ට හැම දෙයක්ම වෙනුවෙන් ගොඩාක් ස්තුති sir ........

කෝපි කෝප්පයක් බොන ගමන් පොතක් කියවීමේ රසය දන්න පුද්ගලයා ගේ මනසේ උසස් බව අනිත් හැමදේටම වඩා කැපිලා පේනවා sir.......අත්තූපනායික ධර්ම පරියායෙන් ලෝකය දකින ඔබතුමන් වගේ සැබෑ චරිත තමයි මේ සමාජයට ඕනෙ sir...

Thank you very much for being a down to Earth person sir....

අධ්‍යාපන පරිපාලන නිලධාරියෙක් සැබෑ මානුෂීය චරිතයක් විය යුතු බව සහ සාමාන්‍ය මෙන්ම ස්වභාවික විය යුතු බවට ආදර්ශයෙන් පෙන්වා දුන් ඔබතුමා ට ගොඩාක් ස්තුති sir ........

හදවතින් ගලා විත් පන්හිඳ අග හිරවුණ මේ අකුරු හැමදාම sir  නමින් ගෞරවනීය ලෙසට , 

" හෙටත් උදෑසනක් වඩී'' පොතේ එක පරිච්ඡේදයක ලියැවී තිබේවි sir......

Thank you very much for reading this sir......


_2023 / July / 23_








Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !