ලස්සන පින්තූර සහ ලස්සන දේවල් වල පින්තූර

 

කල් තියා දැනෙන මහ වැහි ගැන කොහොම ද දන්නේ ?......මේ හීන් සැරේ මද පවනක් කොහෙන්ද එන්නේ?....

දිය'ඹරේ ගැඹුර කොයි විතරද කොහොම හිතන්නේ?.....මේ මහ පොළොවේ පස ගැන මං මොනවද දන්නේ?...............

වැට කඩුළු මතින් ජය ගත් අය ලොවේම ඉන්නේ....ඔවුනගෙ පිහාටු අත්තටු වී කවදද ආවේ?....ජීවිතේ විතර මිහිරක් තව කොහෙද තියෙන්නේ?.....මේ ගහේ වැලේ මල් ගැන මං මොනවද දන්නේ?.........

මව් සෙනේ සිරුර යන හැටි මා හද හඳුනන්නේ,පිතු සෙනේ මහිම ළය පතුලේ ලියලයි තිබුණේ,මගෙ හිතේ තියෙන දුක ගැන මං විතරයි දන්නේ, 

මේ මහපොළොවේ හැටි ගැන මං මොනවද දන්නේ?.......................

✒️Se.Ka.

2024/June/19


පසුව ලියමි : 

# ලෙබනන් මහා කවියකු වන ඛලීල් ජිබ්‍රාන් ගේ " මුනිවරයා''

තුළ දරුවන් හා දෙමව්පියන් යනු කවරේදැයි මනාව පැහැදිලි කර ඇත. එය මා එතෙක් මෙතෙක් දුටු හොඳ ම නිර්වචනය වේ.

එමෙන්ම ජිබ්‍රාන් ගේ අන් සියලු අදහස් පවා මහගමසේකරයන්ගේ මෙන් සුන්දර ය. 


#මා පේරා යන්නට කැමති ය. මනෝවිද්‍යාව හැදෑරීමට ද කැමතිය. 

මන්ද යත් දේවි බාලිකාව නම් වූ සොහොන් පිට්ටනිය තුළ මට අහිමි වූ මා ලබා ගැනීමට මට අවැසිය. මට දැන් අවුරුදු 20 කි. මනුෂ්‍යයාගේ වත්මන් ආයු අපේක්ෂාව අවුරුදු 60 කි. තව 40 ක් මා ජීවත් වුවහොත් ඒ වසර 40 ම අතිශය තරඟකාරී ධාවනකාරී අවධියකි. එය මම දනිමි. එබැවින් පාසල් කාලය තරම් සුන්දර කාලයක් මිහිපිට නැත. 

නමුත් මට මාගේ සුන්දර පාසල් කාලේ සුන්දරම අවසන් වසර 2 අහිමි වුණි. ඒ නිසා මට පාසල කියා මතකයක් ඇත්තේ ධර්මපාලය ගැන පමණි. 

# කෙසේ නමුත් , මට අහිමි වූයේ මම විසින් වසර 11 ක් පුරා ගොඩනගා ගත් මාව ය.

මේ ටික කාලයට SLBC යාම හරහා මම යම් සුවයක් ලබමි. නමුත් එය ලෙහෙසි පහසු නොවේ.  

#මම මට ප්‍රේම කරමි, ඉතින් එබැවින් මට නැවත මා බලාපොරොත්තු වන මා ලබා ගැනීමට ඕනෑවේ. 

#ඒ නිසා මම පේරා යාමට ත් මනෝවිද්‍යාව හැදෑරීමටත් කැමති වෙමි. නැත්නම් මම නිකම් මොකෙද්ද එකෙක් වගේ අවුරුදු 5 ක් ගිහින් සහතිකයක් එක්ක ඔහේ එළියට එයි. 

අන්තිමට වයස 25 /26 ගිහින් ලබා ගත්ත දේකුත් නෑ ලබා නොගත්ත දේකුත් නෑ , ලබා ගත්තෙ මොනාද නොගත්තෙ මොනාද කියල මම දන්නෙත් නෑ වගේ එකක් වෙයිද කියල මම දන්නෙ නෑ . 

#මට මේවා තේරෙන්නෙ නෑ...... අනික් අයට කොහොම ද තේරෙන්නෙ කියල මම දන්නෙත් නෑ .

#තාත්තට KDU ඕනෙ උනාට Kdu ගිහින් අච්චු රොබෝ කෙනෙක් වෙන්න මට ඕනෙ නෑ . 

#පේරා නැතුව ගෙදර ඉඳල කොළඹ අවට කැම්පස් එකකට යන්න පුළුවන්. 

ඒත් මම අන්තිමට ලෝකෙ ගැන මොනාද දන්නෙ ?

#කවදහරි අම්මල තාත්තල නැති දාක මට අඬන්න වෙන්නෙ මැරුණ දුකට නෙමෙයි , ජීවත් වෙන්න දන්නෙ නැති නිසා. 

#මට ඕනේ දැන්වත් ජීවිතේ ගැන ඉගෙන ගන්න. 

මන්ද, 

මහපොළවේ රිද්මය හඳුනන්නේ නැති මොළයක් පොළවට පස් වුණාට පොහොර වෙන්නෙ නැති බැවිනි..........................

#ජිබ්‍රාන් ගේ පොත් කියවා නැති අය කියවා බලන්න.

ආසා හිතෙයි. හරිම ලස්සනයී ..............

" අර හීන් හඬට දිය වෑහෙන පහළ වක්කඩේ " ගීතය අසන විට පහළ වූ කවි සංකල්පනා ඇසුරිනි...................💗

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !