3 Days in life....

 


මෙය මා හට ඓතිහාසික ඡායාරූපයක් තරම් වටින හේතු ත්‍රිත්වයක් ඇත. 

1) මාගේ ජීවන නෞකාව වෙනස් කරන්නාවූ ඒ කපිතාන්වරිය එතුමිය වේ යැයි නොදැන, අහඹු ලෙස මා හට ඒ මහා දැවැන්ත චරිතය හමුවූයේ, මින් සය වසරකට පෙර ගත්, පළමු පින්තූරයේ සඳහන් දිනයේදී ය.

එදින ( 2017/3/9) මාගේ ගුරු දේවෝත්තම වූ ඒ ආදරණීය ගෞරවනීය විසල් ගුරු තරුව සැරසී සිටියේ 2 වන පින්තූරය හා සමාන තනි දම් පැහැති සාරියකිනි.....💜

2) ඉන්පසු, මාගේ පූජා භූමිය වන දම්පල් පියසට සමුදී දේවි බාලිකාව වෙත පියනැඟූ පසු මාස එකොළොසකින් අනතුරුව හැබැහින් නැවත එතුමිය මට පළමු වරට හමුවූ දිනය දෙවන පින්තූරයේ සඳහන් වේ...පළමු දිනයත්, මා දිවියේ යම් යුගයකින් පසු දෙවන දිනයත් දම්පැහැ විය.....(22/10/25) 💜

3) මම දේවි බාලිකාව වෙත යාමට පෙර,2021/12/08 වන දා මම දම්පල් පුණ්‍ය භූමියටත්, ඒ සියලු ඇදුරු මඬුල්ලටත් සමුදුන් දිනයේ එතුමිය සැරසී සිටියේද 3 වන පින්තූරය හා අතිශය සමාන ලා කොළ පැහැ සාරියකිනි....

මම ද, මා තැනූ එතුමිය ද පාසලෙන් නික්ම ගිය ඒ දින දෙකම ලා කොළ පාට වීම අහඹුය......💚

මෙම අවසන් පින්තූරයේ දැක්වෙන්නේ,මාගේ තිඹිරි ගෙය වූ දම්පල් පියසට මා ජනිත කළ, මට මා සොයා දුන්, මාගේ භූමිකාව තැනූ, මාගේ දෙපා ශක්තිමත් කළ, මා හැඳින, නිවැරැදි දිශානතියකට මාගේ ජීවන නෞකාව යාත්‍රා කරවූ, මා හැදූ, මා සුරැකි,ඒ අසමසම ගුරු තරුව, දෘශ්‍යමාන වූ දෙවියන්, දම්පල් මාතාවට සමුදුන් දිනයයි............

අට වසරක දම්පල් සිප් බිමේ අවසාන මතකය රැඳි ඒ අවසන් දිනය, කොල පාට හැළුණු ලා පැහැ මිටියාවතක් තරම් සුන්දර විය.......💚

කෙසේ නමුදු, සරලාර්ථයෙන් ගත් කළ, 

1) පාසලේ දී එතුමිය මට හමුවූ පළමු දිනය, 

2) මා පාසලෙන් නික්ම ගිය පසු යළි එතුමිය මට හමුවූ පළමු දිනය, 

3) එතුමිය පාසල තුළ අවසන් වරට මා හට හමුවූ දිනය, 

යන ත්‍රිත්වයම, ජීවිතයේ එක් පිටුවක් ලෙස මා හට මෙයින් දිස්වේ.....✨

පළමු පින්තූරය ගත් දිනය සැබැවින්ම මාගේ ජීවිතයේ වටිනාම දිනය ලෙස මම සිතමි. එදින හමුවූ මේ මහා දේවෝත්තමාවිය නොවන්නට අද මම නැත...... 

එහෙයින් එය  මා හට ඓතිහාසික ඡායාරූපයකි......✨





පාසලේ හදවත වන සන්නිවේදන ඒකකය තැනූ, ධර්මපාලේ හදවත තැනූ, තිලිණි උත්පලා සේනාරත්න නම් වූ ඒ අසම සම ගුරු තරුව, දම්පල් පියසෙන් බැස ගියද, ගැලු එළිය නොයා නවතියි.....✨✨✨

ශත හා සත අතර වෙනස හඳුනන, නිහතමානී බව දෝරේ ගලා යන, සමසිතින් අප දරා සිටින, සිවි බඹ විහරණයෙන් සුසැදි, දම්පල් පියසේ හදවත තනා එයට පණ දුන් එතුමියට, අපේ ආදරණීය ටීචට ආයුබෝවන් !....🙏🏻❤️

හිතායු:සුඛායු:දීඝායු!!

✒️Se.Ka. ❤🌻

#Semini Danthanarayana 

#Ego Sum Qui Sum

#23/11/12

Comments

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !