ගීතයක් සේ ගලා යන ඔබ මිහිර ලොවටම බෙදන්න....
පුංචි හදවත් එකින් එක ගෙන, ආදරේ බව කියන්න... දොවා සඳ දිය සිසිල බෙදුවේ, තරුත් ලස්සන කරන්න...✨
නොතෙත් කතරක ඉරිතැළී ගිය, දහස් සිත් මල් පොඩි ගෙන, ළහිරු රන් කෙඳි සෙමෙන් බෙදුවේ, කැකුළු මල් සරසවන්න...🌸
මේ තරම් තෙත ළයක් නුඹ හට, කොහෙන් ලැබුනිද කියන්න...... පෙරදි දවසක, සුරඟනක් විත්, තෑගි දුන් හදවතක් ද.......
දරන් අහසක් වගේ හිනැහෙන, රහස අපටත් කියන්න...... ගීතයක් සේ ගලා යන ඔබ, මිහිර ලොවටම බෙදන්න.......
පුංචි නෙතඟින් ගලන කඳුලැලි, සිත රිදුම් පිරිමදින්න, හැකිද නැවතත්, එකවරක් අප තුරුලු කර හිස සිඹින්න.....
ස්වර රටා මැද දැනෙන පාළුව, සිතින් දියකර හරින්න, ටීච ළඟ පොඩි ඉඩක් දෙනවද, හිස හොවා මට හඬන්න.....🍃
ආයෙ පඩිපෙළ නඟින විටදී, දැනෙන දුක කවි කරන්න, වචන නම් මදි කොතෙක් ලීවත්, ටීච නැති දුක මකන්න.....
සරා දිවි ඔබ යනෙන හැමතැන, සතුට විතරක් පිපෙන්න....ඒත් ටීචට දුකක් දැනුණොත්, ළඟින් ඉන්නම් හැමදින....
මහන්සිම නම් විඩා නිවනට, ටීච ආයේ එනවද.....උරහිසක් වී දරා ඉන්නම්, ටීච ආදරයෙන් මම....🤍
- Semini Danthanarayana
23/6/25 ( ජුනි 22 නිමිත්තෙනි...)

Aneeeww meka harii lassanai semiiii ❤❤❤
ReplyDeleteThis is a Heartouching poem සේ.කා......❤
ReplyDelete