උපදිනා හැම භවෙක...

🖇️ලොව ගැනම කියා දුන් මාගේම මව් නුඹය,වැටි වැටී නැගිටින්න සවිය වූ ළය නුඹය, නුඹේ හුස්මෙන් පවා අප නිවන ලොව නුඹය, පැණසරින් මග තැනූ,පිං සාර බිම නුඹය. 💜 

සිනහවෙන් කතාවෙන් ළබැඳි වූ මව් නුඹය, අම්මාට නොදෙවෙනි ව මා තැනූවේ නුඹය...පියතුමන් වාගේම මා රැකූ හද නුඹය,මවුන් පියවරුන් ඇති,මහා කෙම් බිම නුඹය...❤‍🩹

කැකුළු මල් පුබුදුවන,අරුණ රිවි රැස නුඹය,ගිණි කතර දැවෙන විට, මහා වැස්සත් නුඹය.ඝණ අඳුර පිරි අහස,එකළු කළ සඳ නුඹය,ආදරෙන් හද පුරා,සෙනෙහෙ දුන්නේ නුඹය...❤

මෘදු බවින් හෙබි ළයක් තනා දුන්නේ නුඹය, නැණ ගුණය සම සමව බෙදා දුන්නේ නුඹය..නුඹ නමින් ලියවෙනා කවි ගීත මට මදි ය, යම් දිනෙක මල් දමක් පළඳවනු මට හැකිය...💐

ඉතින් තව බොහෝ දුර නුඹ පෙරට යා යුතුය, පරපුරක දූ පුතුන් වෙත සෙනේ දිය යුතුය, නුඹ සුවඳ සදා කල්,සිතේ පැවතිය යුතුය, උපදිනා හැම භවෙක නුඹම මව් විය යුතුය..🙏🏻❤

2023/4/30🖇️




Comments

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !