සිම්පල් සයිමන් ❤
අද, මා මට අහිමි වූ මම යළි සොයා ගත්තා.....එනිසා මෙසේ ලියමි.....
රෑන පිට රෑන තුඩ රෑන ඇසෙන ඒ සිහින් ස්වරයන්ට මා පෙර කළ ප්‍රේම කළා....
නමුත්, නැවතීමක් නැතිව වැයෙන ඒ මහා බෙර හඬ තුළත්, ඇසෙන ඒ මහා නළා හඬ තුළත්, ඝෝසාවකට එහා ගිය අමුර්තයක් බඳු ඔසුවක් ඇතැයි අද මට වැටහුණා...
මනුෂ්‍යත්වය, ප්‍රේමය, කරුණාව, සෙනෙහස ඈ මෙතෙක් දේ උපදින හෘද අභ්‍යන්තරයෙහි වැයෙන ලබ් ඩබ් සංගීතයේ සිට මේ ලෝකයම මිහිරි ගීයක් නේදැ'යි අද මා හඳුනාගත්තා....
සන්තානගත භාව වේගයන්ගෙන් මිදෙමින් තාවකාලිකව රසාලිප්ත මොහොතක අතරමංවූ මා, නැවතීමේ තිත දුන් ලිවීමටත්, පන්හිඳටත් යළි ප්‍රාණය ලබාදුන්නා....
වාරාණාසිය ගැන මා උගත් දෙයට වඩා බොහෝ ගැඹුරක් ඇති බව අද මා සාක්ෂාත් කර ගත්තා...
පාවෙන සමාජ ධාරාවේ, ජීවන අරගලය සමඟ ආලෝලිත අර්බුදයන්ට මුහුණ දෙමින් ඉක්ම යා නොහැකි , මැඩලිය නොහැකි අභියෝග හමුවේ, බිඳ වැටෙන සිහින සාක්ෂාත් කරගැනීම ට ව්‍යර්ථ ප්‍රයත්නයක යෙදෙන අප තවමත් සිටින්නේ, බලය වෙනුවෙන් තිරශ්චීන ලෙස හැසිරෙන දනන් බල දරන දූපතක බව යළි යළි හද පතුළට කා වැදුණා....
යාළ්පානම් පොත් ගුල ඒ මහා ස්වර්ගය ගිණිබත් වූ තැන සිහි කරන විට නැඟුණු කඳුළු අතරම, පාස්කුවේ ලේ ඉරිදාවත් රැඳී තිබෙන බව සිතට දැනී ගියා...... ඒ සිදුවීම් දෙකම එකක්ම බඳු නොවැදැයි, මා මාගෙන්ම විමසුවා...
ගුරු පාදෝත්තමයන් උදෙසා ප්‍රක්ෂේපිත ගෞරවය නිසා නැඟි කඳුළු අතර, උන් වහන්සේ කිසි දින නොදුටු මාගේ දෙනෙත් හි උපන් කඳුළු ද ඉතිරිව තිබුණා .....
සංගීතමය පසුබිමක් සහිත වස්තු සංකල්පය විසින් අභිප්‍රේත රිද්මය සංයමශීලී ලෙස රැඳවූ ඒ මොහොත තුළ , මින් පෙර ඒ පොත නොකියවූ මට, මැවුණු චිත්ත රූ අතර, ඒ පොත ඇසී නොඇසී යන තරමටම දැනී ගියා....
දෘශ්‍ය සීමා රසගැන්වූ
ශ්‍රවණ මනෝහර වූ,
ක්ෂණ භංගූර තත්පර තුළ මා ඉඳුකිළණක් සේ ධ්‍යාන ගතව සිටියා....
සංගීතය හා ධ්‍යානය ගැබ්ගත් මනසක යළිත් ඒ කළලය, ප්‍රාණයක් ලැබුවා සේ හැඟී ගියා....
අධ්‍යාත්මය අමතක කළ මා යළි ඒ උතුම් මිහිරියාවේ රසය සෙවීමට එකඟ වූවා.....
මේ සා විසල් පරිවර්තනයක් මා තුළ සිදු වූයේ අද....
ඒ වෙනුවෙන් ඔබට අනේක වරක් ස්තුතියි !!!...........🫴
තුති මල් පළමුකොට, ගුරු ජි ස්වාමිපාදෝත්තමයන් වහන්සේ ට, මෙවන් ගෝල රත්නයක් දායාද කළාට......
තුති මල් , "විෂ්ණු වාස්" නම් වූ ඒ කරුණාබර,
සෞන්දර්යාත්මක හෘදයේ අයිතිකරු, ගෞරවනීය මහතාට.....
තුති මල්, මේ සා රසයක් ජනනය කරන්නට, සියල් රස එකට ඇමිණූ අදියුරු යෙනුක දසනායක සොයුරන්ට....
තුති මල්, ප්‍රස්තුත වස්තු විෂයේ පරිපූර්ණ සන්දර්භය විදාරණය කිරීමේදී, එහි ජීවය කලාත්මකව ප්‍රතිනිර්මාණය කරන ඒ පියභාසිනිය, පාරමී සොයුරියට......
අප්‍රමාණව ප්‍රේම කරමි ඔබ සැමට!....
චිත්‍රයක සුදුපාට පේන්නේ කලු පාට නිසාලු.....
ඒක ඇත්තක්!.....🩶
#B00k_M@®K 📖🔖
ඒක හරි රහ වැඩක්..❤...
#වාස් ඇඳුරිඳු තුමනි,
ඒ මතක සංචිතය නුදුරේදීම මා අතට පත් වේවි,
එවිට එය මා ලද ජීවන අත්පොතක් ම වේවි......
මේ පුංචි ලෝකයේ අපි ඉක්මනින් ම හමු වේවා යැයි පතමි....
සිම්පල් සයිමන්,
කෙටි කරපු දිග කතා හරි බරයි....
ඒ බර හරි සැහැල්ලුවක් ගෙනෙන බරක්...!
එදා ඒ සංගීතාචාර්‍යවරයා විසින් කඳුළු පිරි දෙනෙතින් යුක්තව,
කැපීමට සිත් නොහී,
වයලීනය තුරුලුකර ගත්තා සේ, 🎻
මම ද යම් දිනෙක,
ගිණිගෙන දැවෙන ලක් දූපත තුරුලුකර මාතෘත්වයේ දෑතින්, සිලිලාරේ හොවා නළවමි.........
එතෙක් ඔබට දීඝායු වේවා යැයි පතමි....
එමෙන්ම , එවිට මේ කාන්තාරය උත්තරීතර භාරත දේශ් මෙන් සංස්කෘතික පාරාදීසයක් වනු ඇත.... උත්තරීතර memetropolitan cities මෙන් ස්වර්ගාරූප වනු ඇත.........
එවන් වන යම් දිනෙක, කොහේ හෝ සිට, මා හඬ ගා පවසමි, සර්ව ලාංකික සැමට,
අපි චිත්‍රපටයක් බලන්නට යමු මිත්‍රවරුනි..............
එවන් වූ දිනෙක,
හඬ නගා කියමි,
කෝපි කෝප්පයක් සමඟ, එන්න, අපි රඟහලට යමු සහෝදරවරුනි.........
කේතුමතී පුරයක් නොවුණත් ඔබ පතනා අන්දමේ භූමියක් තැනීමට මට හැකි වේවා යැයි,
මම පතමි........
ඔබට බොහෝ පිං විෂ්ණු මහතාණෙනි............
මේ සෑම වචනයක් අතරම ඇති හිඩැස් පිරී ඇත්තේ ඔබ කෙරෙහි මා දක්වන කෘතවේදීත්වයෙනි...................
හිතායු:සුඛායු:දීඝායු:......🩶📖🍃🔖🖇️🎵
ඔබට ජය!
මම මැණිකක්...
✒️සේමිණි දන්තනාරයන 💎
2023/4/20
🖇️_The poem like gem_[ Semini Kavindya ] 🤍
❤❤❤❤ සාහිත්‍යය වනාහී යථාර්ථයත් ප්‍රබන්ධයත් අතර හිඩැස පුරවන අවකාශය වේ. "
_මහැඳුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්_
එකී සාහිත්‍යයට සංගීතයද එක්වූ කළ, ගලායන කාලය පවා නැවතී බලා හිඳියි....එවිට එය සන්තානගත භාවයන් ගේ පතුළෙහි එය තැන්පත් වේ......




❤❤❤❤❤❤❤
ReplyDelete