ඔබ මෙන් කෙනෙකි මම...
ශේක්ස්පියර්ටත්, සේකරටයන්ටත්
අප්‍රමාණව ප්‍රේම කරමි......❤
මන්ද,
සංක්‍රාන්ති කලියුගයෙන් හෙල්ලුම්කන සමාජයක ගිලී ඒ යථාර්ථය දකින බැවිනි....
" ලෝකය රඟමඬලකි, අපි එහි නළුවෝ වෙමු, "
ඔව් ඔහු හරි.....
අද ලෝක මානසික සෞඛ්‍ය දිනය. ලෝකෙ වටේ විවිධ උත්සව, සැමරුම්... *සියලු දෙනාගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවයක් බවට පත් කරන්න*” මෙවර තේමාව.
මේ ළඟඳි, ඔක්තෝබර් 01, ජාතික ළමා දිනය.
*සිනහ දකින අපේ ලොවක්* එහිත් තේමාව....
" සිටියෝ විසිත්ත කාමරයෙහි, කලු කබා , මහත ටයි....
සිටියෝ මෝරපු ගැහැණු , බලමින් නෙත් කොනින් ගර්වයෙන්.....
ඔහුත් හරි.....
*පබ්බතට්ඨො'ව භුම්මට්ඨෙ*....
මටත් සිතුණි...
සිනහසෙන්නට අකමැති ලෝකයක,
කුමන සැමරුම් ද....
සියල්ලෝ මිනී මරුවෝය,
ඇසි පියෙන් පවා ඝාතනය කරන....
යන එන හැම තැන...
තවකෙක්ට සතුටක් දෙන්නට නොදනී කිසිවෙක්....
" *සන්තුට්ඨී පරමං ධනං*.... කථික තරඟයෙන් පළමුවැනි ළමයා කියනු ඇසුණි....
සමාජය ට ළමයින් සොයා ගැන්ම පහසුය....
එහෙත්, ළමයින් හට, සමාජයක් සොයා ගන්නේ කෙසේද ?...
බතක් වතක් ගෙයක් දොරක් , ලද පමණින්ම පාසලක්,
සිනහවක් ලැබිය හැකිද .....
සතුටක් විඳිය හැකිද....
විෂමව කැරකෙන ලොව දෙස පසෙකින් බලා සිටිමු...යන එන මඟ තොට.....
" හෙලෝ...."
" අනේ මං වැඩක පුතා, පස්සෙ ගන්නම්...."
" ගුඩ්මෝනින් ටීච "
" මෝනින් මෝනින් අනේ පස්සෙ කතා කරමු හොඳේ ...."
" හායි ඉතින් කොහොමද , "
" අනේ හලෝ මං ෆ්‍රී වෙලාවක ගන්නම් "
" එක්ස්කියුස් මී ටීච "
" ඕ, ඉක්මනින් කියන්න " .....
" හායි ඉතින් ගොඩ කාලෙකින් , "
" ඒකනෙ, ඓ විල් කෝල් යූ සූන් හොඳේ ...."
" අම්මා මේ අහන්නකො, අද මාර වැඩක් වුණා .."
" කාලා ඉවර වෙලා කියන්න , දැන් කන්න" ...
"ගුඩ් මෝනින් සර් ! "
" මෝනින්. අර ෆයිල් එක ගේන්න "
" මැඩම් අද ලස්සනයි නෙ, "
" ආහ් මේක පරණ එකක් ...."
" මේක මම හැදුවෙ ඔයාටම.. කොහොමද බලන්න "
" ආහ් තෑන්ක්ස් , ශේප් වගේ නේ.... "
" කාගෙන් අහලද අයිසේ මෙහෙම ලිව්වෙ ? මම ද බොස් ඔයාද බොස් " ...?
" සොරි වලින් මට වැඩක් නෑ ... මට පරක්කු වෙනව ..."
" හොඳයි ඉතින් අද අපි කතා කරන්නෙ මානසික සෞඛ්‍ය කොහොමද රැකගන්නෙ කියල....
ඔහ්හ්. එක්ස්කියුස් මී.....
" පුතා, මම බිසී . "
" කමක් නෑ මැඩම් ආනසර් කරන්න"
" තැන්කියු හැමෝටම"
" ඔව් පුතා කියන්න , "
" මම ලස්සන කතාවක් ලිව්වා අම්මා.... ඒකෙ අන්තිම කෑල්ල මේක....."
" තව එක මිනිත්තුවක් තිබ්බා නම් , ඒ තුන්දෙනාට ලෝකය මීටත් වඩා ලස්සන තැනක් කරන්න තිබ්බා නේද ....."
කාටද ?
ශේක්ස්පියර්ටත්
සේකරයන්ටත්
ඔබටත් .....
" ඉස්සෙල්ලා ලස්සන මනුස්සයෙක් වෙමු...
ඊටපස්සෙ බැරියෑ සමරන්න ඕනෙ දෙයක්..... "
යසෝදා හිටියානම් කියයි, ප්‍රබුද්ධ ට...
....සේ.කා.
Semini Danthanarayana
22/10/10
World Mental Health Day..... 😂

Wowwwwww......what a truth ❤..... lassanaii haloo... that's really true dear....❤
ReplyDeleteහුස්ම ගන්න එක මිනිත්තුවක්
ReplyDeleteවිතරයි අපට අවශ්‍ය.....
ආදරය කරුණාව යටපත් වූ ලෝකයක
අපි ගන්න හුස්ම කෘතීමයි!
ඇඟෙන් පමණද!
මනසිනුත් බැට කන ලොවකට
මෙවන් උතුම් අදහස් දෙන්නට
ඔබ ගන්නේ ඇත්ත හුස්ම,
විය යුතුයි සහෝදරිය !!!
✒කැපිටල් ලෝකය🔥
H.R.Thushani Upeka
11/10/2022
මුළු සමාජයම රඟ මඬලක්.නම්.අප එහි රඟන නළුවන් වැනි ය.
ReplyDeleteඇත්තේ දෙබස් කීපයක් කටපාඩම් කොට ගිරවා දමා
කුලියට ගත් සතර අභිනය ස්ඵුට කිරීම පමණි.
අතිශ්‍ය කාලෝචිත ප්‍රස්තුතයක් යටතේ නිමවන ලද යථාර්ථයේ තර්කනයකි.
අනර්ඝයි සේ.කා
Rashe✍️