ළමා දිනේ ...
උදෑසන අටට ළං වත්ම,
තවත් පුටුවකුත් රැගෙන,
ගියෙමු ඇයත් මාත්,
පිරී ගිය ශාලාවට...
යන විට අතරමගදී ,
දුටුවෙමු ගුරුතුමියක්, ළමා දිනයට යනමුත්,
සිනාසෙන්නට නොමදත්......
අපි සිනාසුනමුත්,
ඇගේ මුව හිස් විය...
ඇය කිසිදු දිනකදි,
මා හා සිනාසෙන්නේද නැත....
හේතුවක් නොදනිමු,
කම් නැත,
ළමා දින සැමරුමට යමු....!
ශාලාව හිස් ගොඩකි,
නැග්ගෙමු බැල්කනියට,
සිහිල් පවනක් හෝ නැති...
එතැනද පිරී ගොස් ය,
අසුනකට ඉඩ නැති මුත්,
උත්සවය ඇරඹුණි...
අපි දෙදෙන,
දුටුවෙමු වහලේ සිවිලිම,
අලංකාර විදුලි බුබුළු,
නිළ ඇඳුම් වල පිටුපස,
පළමු අංගය ලෙස.....
නැග්ගෙමු එකම පුටුවට,
ඇයත් මමත් එකවිට,
දුටුවෙමු දෙවැනි අංගය,
පවන් පොදකින් තොරවම....
වේදිකාවක් මත,
ළමා ගුරුතුමියක්,
සිඟිති දූවරු ටිකක්,
ළං කරන් රැඟුමක්...
එය දුටුව මොහොතෙම, වැටුණා කඳුළු කැටයක්....
නොවූ කිසි කලෙකත් , ඇත්තටම මෙතුවක්,
වේදිකාවෙදි මෙන්,
ළං කරන් නැත කිසිවෙක්...
කොතෙක්
ආදරෙ මුත්,
අපට එය දැනී නැත,
ලොකු දුරස් බවකින්,
සියලු ගුරුවරුන් ඇත...
ළය පුරා රිදුම් දෙන,
අහිංසක දුකක් එය.....
ඒ කෙසේ වූවත්,
වේදිකාව හැඩවිය,
ඇත්ත දිවියෙන් ඵලක් නැත..
සමරුවක් මෙහි ඇත.
සැබෑවට නැති සෙනෙහෙ වේදිකාවක ඇත......
මැඩම් ගෙ කතාවත් ඇත්ත,
ටික දුරක් යද්දි සිත් විය..
එකම එක කෙටි දිනක් සමරලා මොකටද ,
අනෙක් දින ඔක්කොම මැරි මැරී උපදින....
කවදහරි ලස්සන ,
දැයක් තනනට අවැසිය,
දිලෙන ගුරු තරුවක් වෙමි මමත් යම් දින,
මට අහිමි වූ ලොව,
තවකෙක්ට දෙන්නට...
12 ටත් කිට්ටු වී සැමරුමත් නිමාවිය,
තෙහෙට්ටුව රජ වෙමින්,
මල් මුහුණු මිලින විය...
දිගම පෝළිමක ගොස්
පානයක් ගත්තට,
ඇතැම් අය පපරයක් ගසාලා නැටුවට,
තෙරපිලා පොරකකා අයිස් එක කෑවට,
මොකක්දෝ හිස් බවක් රජ කළා හැමතැන.....
පංතියේ එල්ලලා බැලුම් හෙම තිබ්බට,
හරි රහට ගෙනල්ලා කේක් හෙම කැපුවට
ටීචටත් ඔක්කොමලා තෑග්ගක් දුන්නට,
ඇත්තටම සිනහවක් තිබුණදෝ හිත්වල....
පුංචි පොඩි යැයි කියන ඒ ළමා හිත්වලත්,
ආදරය කරුණාව ඇත්තටම තිබ්බාද...
මොකක්දෝ තිමිරකින් නෙත් දෙකත් වැසිලාද....
ගුරුතුමී එක්කලා,
යාලුවෙන් හිටියාම,
ලෝකෙන්ම ලොකු වරද , ඒක යැයි සිතුණාද......
කෙසේ මුත් එක් දිනක් මොකක්දෝ රැල්ලකට,
උළෙලකින් විතරක්ම,
ළමා ලොව සැනසේද......
22/10/05
✍🏼කැපිටල් ලෝකයක කවි.....
S.K. Danthanarayana
That's the real truth.....
ReplyDelete