කැපිටල් හදවතක් ළඟ
තරු මල් යායම ....🥺😔🥺....
පාලු වෙච්චි හදවතකට, 'හෙට' කියලා දවසක් තියෙනවා ද.....
අහස පුරා, වළා ඉරී ගිය හුඟක් තැන් වල, තරු මුමුණන රහස් ඇහෙද්දී, සඳට වුණත් හිතෙනවා ඇති අමාවක දවසක් ළඟට ගිහින් කාටවත්ම නොකියා, හඬන්න....ළය පුරා දැනෙන දුක්, හඳක් වුණත් කොහොම උහුලනවා ඇත්ද....
දිවට රස අහරක, රසක් දැනෙන්නෙ නැති, ඇහැට ප්‍රිය දසුනක , ලස්සන පේන්නෙ නැති, සවන් ප්‍රිය මිහිරක, සුවය ඇහෙන්නෙ නැති, මහා පාළු අඳුරු නිල් අහසක් යට තනියම ඉන්නවා වගේ හැඟීමක්, ඔබට දැනෙන්නෙ, හද පතුලෙන්ම දුන්න ආදර මල, ඔබේ හද ළඟම වැටිලා, මිලින වෙච්චි දවසට විතරයි ......
ඒ, ඔබේ ආදරේ එතරම්ම පිවිතුරු නිසා....
ඇය ඉතිරි කළ තනිකමට වුණත් , හාදුවක් දෙන්න තරම්ම, ඔබේ හදවත, කොච්චර සොදුරු ඇත්ද....
හුඟක් කඳුළු සාගරයේ දියකරලා,
හිස් අහසක් යට, ඔබත් තනිව ඇති....
ඒත්, එහෙම වෙලාවටත් ඇය ව මතක් වෙන එක තමයි , හිතේ තියෙන ඇත්තම ආදරය .....
ගයන්නේ විශාරද ගුණදාස කපුගේ......
True
ReplyDelete