ළයාර්ද්‍ර ...

 ලස්සන වැහිබර හවසක පුංචි කතාවක් කියන්න ඕනෙ කියල හිතුණා  ......


මේ ලෝකෙ හුඟක් ලස්සනයි , හැබැයි හුඟක් තැන්වල ප්‍රශ්න තියෙනවා ... ඒවා විවිධ විදිහේ ප්‍රශ්න , ගැටලු .....

ඇයි මේවා ඇති වෙන්නෙ, අපි අපිම නිසා..... දවසක් මෙහෙම දෙයක් වුණා ..... 


පුංචි දුවෙක් එයා.. වයසින් ටිකක් වැඩි වුණත් , තාමත් එයා හරි අහිංසක පුංචි ළමයෙක් ..... ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න කියල හිතාගෙන එයා වෙන ඉස්කෝලෙකට ගියා...

අවුරුදු 11 කට පස්සෙ තවත් ලස්සන තැනක් එයාට ලැබුණා ..... හැබැයි ඒ පරිසරය ඇතුළෙ එයාට ලොකූ තනිකමක් දැනුණා.....

ඒක හුඟක් දුරට වැඩුණා......... 

දුක සතුට බෙදා ගන්න එයාට කවුරුත් හිටියෙ නෑ ..... 


ඒත් එයාට එක ටීච කෙනෙක් මුණගැසුනා ..... හුඟක් හොඳ ටීච කෙනෙක්..... හරිම ආදරෙන් කතා කරන, එයාට ඒ අලුත් පරිසරය ඇතුළෙ මුණගැසුණු  එකම එක ටීච තමයි ඒ.... 


ඒ ටීච තුළින් එයා , එයාගෙ පරණ ඉස්කෝලේ විනිවිද දැක්කා...ඒ ලස්සන අතීතය ඇතුළෙ එයා  ජීවත් වුණා .... හරිම සතුටින් කාලය ගෙවිලා ගියා.... 



එක දවසක් එයා ඒ අලුත් ටීච ට ලස්සන තෑග්ගක් හදනවා.ලස්සන පුංචි මල් පෝච්චියක්.. හුඟක් මහන්සි වෙලා ආදරෙන් එයා ඒක හැදුවා , ටීච ට දෙන්න... ඒත් ටීච එයා නොසිතූ විදියට ඒක ඉස්කෝලේ ට ගේන්න එපා කියනවා..... නිවාඩු දෙන දවසට විතරක් ගේන්න කියනවා..... 


ඊටපස්සෙ එයා ඒක හුඟක් දුකින් පරිස්සමින් අරන් තියෙනවා ..... පස්සෙ දවසක එයා ඉස්කෝලේ ට ගෙනියන්න පුළුවන් විදිහේ පුංචි book marks කීපයක් හදනවා....ඒකෙන් ලස්සන ම ටික තෝරලා ටීච ට දෙන්න අරන් යනවා.... ටීච එයාගෙ book marks වලට එච්චර හොඳ විදිහේ ප්‍රතිචාරයක් දෙන්නෙ නැහැ...... සහ ටීච ඒක තේරුම් ගත්තෙ හුඟක් වැරදි විදියට... ටීච හිතපු විදියට හෝ එහෙම හේතුවකට නෙමෙයි එයා ඒක ටීච ට දුන්නෙ, ඒක නිසා එයාට  හුඟක් දුක හිතෙනවා.... එයා හුඟක් අඬනවා තනියම......එයාට කිසිම දෙයක් බෙදා ගන්න කවුරුත් නෑ .... 

එයා හුඟක් තනි වෙනවා....එයාව තේරුම් ගන්න 

කවුරුත් නෑ ... එයාගෙ යාලුවො හැමෝම  වැඩත් එක්ක එයාට මඟ හැරෙනවා...එයා ගැන හොයල බලන්න කවුරුත් නෑ .....


මේ එක්ක, විභාග, ඉස්කෝලේ , සහ ඒ ඒ වැඩත් එක්ක එයාට එක දිගට ඒකාකාරී විදිහේ දවස් ටිකක් ගත කරන්න වෙනවා..... හුඟක් මහන්සි වෙන්න වෙනවා..... කිසිම විදිහකට විනෝද වෙන්න ලැබෙන්නෙ නෑ...... හුඟක් ම හුඟක් එයා මහන්සි වෙනවා ඉගෙන ගන්න....... ඒ අතර එයාට හැමෝවම මඟ හැරෙනවා.....එයා ලොකු දුකක් තනියම දරා ගෙන ඉන්නවා...


ඉස්කෝලේ දි අර ටීච ව දකින වාරයක් ගාණෙ එයාට පරණ ඉස්කෝලේ මතක් වෙලා ඇඬෙනවා .... හුඟක් දුකින් එයා ඉන්නෙ..... ඒ ටීච ත් පස්සෙ පස්සෙ මෙයාව මඟ හරිනවා චුට්ට චුට්ට ..... එදා book marks දීපු එක ඒ ටීච තේරුම් ගත්තෙ වැරදි විදියට...ඒ නිසා තවත් දුකයි.........  


අන්තිමට මෙයා අඬන්නේ ඇයි කියල පංතියේ ටීච අහනවා. එයා පංතිභාර ටීච ට හැමදේම කියනවා.... 

පංතිභාර ටීච , අර ටීච ට කියනවා මෙයාට ආදරෙන් ඉන්න කියලා.......ඒත් ආදරේ කියන්නෙ එහෙම බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නෙ. ඒ නිසා එහෙම කිව්වත් එච්චර ළෙංගතු බවක් ඒ ටීච කෙරෙන් මෙයාට ලැබුණේ නැහැ......නමුත් ඒ ටීච මෙයත් එක්ක කතා බහ කරල සාමාන්‍ය විදියට හොඳින්  හිටියා...... 


කාලය ගෙවිලා යනවා. මෙයා ඒ ඔක්කොම එක්ක හුඟක් මහන්සි වෙලා හොඳ ට පාඩම් කරලා විභාගය ලියලා, මුළු අංශයේම පළවෙනියා වෙනවා..... 


ඒක මෙයාගෙ අනික් යාලුවන්ට සහ ඒ ඉස්කෝලේ හිටපු පරණ ළමයිට දරා ගන්න බැරි වෙනවා.... මෙයාට කවුරුත් සුබ පැතුවෙත් නෑ ඒ නිසා.... 


විභාගය ඉවර වෙලා, අර මෙයා හදපු මල් පෝච්චිය එයා අර ටීච ට දෙනවා...එයාට ඕනෙ වුණේ ඒ මල් පෝච්චිය, ටීච ගෙ මේසෙ උඩ හැමදාම තියෙනවා බලන්න සහ එතකොට ඒක එයාගෙ හිතට ලොකු සහනයක් නිසා සහ , එයාට එතකොට කලින් ඉස්කෝලේ වගේ සමීප බවක් දැනෙන නිසයි එහෙම කරන්න ඕනෙ වුණේ ..... ටීච ට ඒක දුන්නාට , අන්තිමට එයාම ඒ ගැන අහනකල් ටීච ඒක ලස්සනයි කියලවත් ස්තුති කියලවත් එයාට කිව්වෙ නෑ ..... 

ඉතින් අනේ අර පුංචි හිතකට දුකයි නේද ?


ඔන්න ඔහොම ඉතින් අර කලින් ඉඳන් එකතු වුණ දුක් ඔක්කොම එකතු වෙලා වෙලා අන්තිමට , එදා උදේ ඉඳන් හවස් වෙනකල්ම මෙයා පංතියේ මුලු දවස පුරා අඬනවා....... 

එයාට ඔක්කොම දරා ගන්න අමාරු වෙනවා..... ලොකු සාංකාවක් එක්ක ලොකු දුකක් හිතේ පුරවගෙන එයා අඬනවා......


ගෙදර ඇවිත් එයා අම්මත් එක්කයි එයාට හුඟක් උදව් කරන councellor aunt එක්කයි හැමදේම කියනවා...... හුඟක් කතා කරනවා....

නමුත් ඒ වෙද්දි  ඒක ටිකක් දුර ගිහින් ඉවරයි .......... 


හැබැයි අන්තිමට පැය ගාණ එකතු කරලා බලද්දී , පැය 17 - 18 ක් විතර ඒ අය එක්ක මෙයා ඒ ප්‍රශ්නෙ ගැන කතා කරලා කරලා අඬලා හැමදේම කරලා, හුඟක් ම හුඟක් වෙලා අම්මත් එක්කත් කතා කරලා , 

ඔක්කොම දේවල් ටික අතහැරලා එයා සැහැල්ලු වුණා ......එයා ලොකු මානසික පීඩනයක හිටියේ.... ඒ ඔක්කොම අන්තිමට හරි ගස්සගන්න තරම් එයා ශක්තිමත් වුණා ............දැන් එයා කලින් වගේ නෙමෙයි , දැන් එයා සතුටින් ශක්තිමත් ව ඉන්නවා ....... දරා ගෙන හැමදේම......

දැන් එයා කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ , කලින් වගේ සංවේදී ත් නෑ .........දැන් එයා හුඟක් වෙනස්..... හැබැයි ඉස්සර තිබුණ හොඳ ගතිගුණ , හොඳ දේවල් එයා ළඟ තාම තියෙනවා .....

හැමදාටම ....


අන්තිමට ඉතින් ප්‍රශ්නය analyze කරලා බලද්දී , එයාට ඕනෙ වුණේ එක පුංචි දෙයයි........ ඒ තමයි අර අලුත් ටීච එක්ක චුට්ටක් එක දවසක් කතා කරන්න..... එයා ඒ ටීච එක්ක කතා කරන්න ආසයි, ඒත් එයාට ඒක පුංචි අවස්ථාවක්වත් නෑ විවිධ හේතු නිසා..... ටීච ත් දන්නවා එයා ටීච එක්ක කතා කරන්න ආසයි කියල, හැබැයි ටීච ත් ඒක අවස්ථාවක් දීල නැහැ....... කොහොම හරි බොහෝම පුංචි දෙයක් ඒ නිසා හුඟක් දුර ගියා........ එයාට ඕනෙ වුණේ ටීච එක්ක චුට්ටක් ළඟින් ඉඳන් කතා කරන්න විතරයි පුංචි වෙලාවක්...... බලන්න, ඒක කවුරුත් තේරුම්  ගත්තෙ නැති එකෙන් සහ අනික් හැමදේකින්ම එයාට කොච්චර දුකක් විඳින්න වුණා ද ? 

අන්තිමට ඒ පුංචි ළමයට ලොකූ මානසික ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නත් තිබ්බා.....ඒත් එයා හුඟක් ශක්තිමත් නිසා සහ එයාට හොඳ අම්මා කෙනෙක් ඉන්න නිසා ලස්සන අවසානයකින් හැමදේම ඉවර වුණා .... ඒත් ඒ ටීච හොඳ යි, හැමදාටම.....


ඒ නිසා ආදරණීය ගුරු මව්පියවරුනි, අපි  හැමෝම, දුවේ පුතේ,  අපි ඔක්කොම ,  කවදාවත් කිසිම හේතුවක් නිසා කිසිම කෙනෙක්ව ප්‍රතික්ෂේප නොකර ඉමු....... 


ඒ කෙනා කිසිම වරදක් නොකරපු කෙනෙක් නම් ඒ ප්‍රතික්ෂේප වීම කොච්චර අසාධාරණ ද ? වරදක් කළත් නොකළත්, හැමෝටම ආදරෙන් අපි සළකමු .... ළයාදරව ඉමු...... කාවවත් තනි කරන්න එපා...... ජීවිතයේ හැමෝමටම ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන් , ඒත් ඒ ඔක්කොම අපිට පුළුවන් සාමූහික ව විසඳගන්න......ඒකට ඕනේ හදවතේ තෙතමනය විතරයි ..... 


හුඟක් සිද්ධාන්ත වලින් හෝ , පෙර අත්දැකීම් මත පමණක්ම හෝ පොතේ දැනුමින් විතරක්ම හෝ අනෙක් අය ගැන එක එක කෝණ වලින් මනින්නේ නැතුව ඉමු.....


විශේෂයෙන් ම ගුරු භූමිකාවෙ ඉන්නකොට , අපි හදවත් එක්ක ගනුදෙනු කරද්දී හුඟක් පරිස්සමින් ඉමු......  ඒවගේම දුවල පුතාලාත් , දෙමව්පියන් ඇතුළු අපි හැමෝමත් , තව කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් විදියට , තව කෙනෙක්ට ඇහුම්කනදෙන්න පුළුවන් විදියට අපේ දවස ඇතුළෙ පුංචි ඉඩක් හදා ගමු...... 

ඔබ එක්ක මමත් එහෙම කරනවා.....

අපි නොසිතන පුංචි දෙයක් වුණත් තව කෙනෙකුගේ ජීවිතය ට වෙනස්ම විදියට බලපාන්න පුළුවන් ..... 

ඒ නිසා අපි   ලස්සන දවසක් දෙමු , හැමෝටම.....

Little things matter the most .... 


2022/06/12 

⏰8.17pm 


✒️මම, 

ඔබේ සමාජයේ තවත් කෙනෙක්......♥️


අහසෙ විතරක් නෙමෙයි , පොළොවෙත් තරු තියෙනවා ....... 

Comments

  1. හිතට දැනුණා ......

    ReplyDelete
  2. මේක හුඟක් ලස්සන කතාවක්.... ඒ වගේම හැමෝටම හිතන්න හුඟක් දේවල් තියෙනවා .... බොහොම ස්තුති ඔබට , මෙහෙම ලියනවට.....

    ReplyDelete
  3. Well said .....
    Wow that's a good story must read by teachers ....

    ReplyDelete

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !