කුමටද නුඹ පළඳින තරු ?

 *අපි සෙල්ලම් බඩුද*? 👀

කෝ අපිට අපි ? 

අපිට අපි අහිමිද...?

**********************

🏴මායිම් ගම් කැති ගෑවී යද්දී, මොන දෙව් මැදුරෙද කළු කොඩි නැගුණේ....?

🏳️තිලකෙන් රතු ලේ ගලා හැලෙද්දී, කොයි  පන්සලකද පැන් ටික වැඩුණේ.... 


ඔව්, ඒ ඉස්සර... 


⚰️හැම දෙමළ ගමකටම මිනී පෙට්ටි ගියා.. හැම සිංහල ගමකටම මිනී පෙට්ටි ආවා... එතකොට කවුද යුද්ධෙ දින්නෙ? 

කවුරු වෙනුවෙන් ද ඒ?  අහිංසක තරුණ කොල්ලො කෙල්ලෝ දහස් ගණන් මැරුණා... මැරුවා....

දෙගොල්ලොම...ඔව් එහෙම වුණා...🤝🏻


🪦88/89 ක් තිබ්බා,  අඳුරෙන් වැහුණ ...

හැටදාහක් වද දීල දීලා මැරුවා. 

පොළොවක් ලෙයින් තෙත් වුණා ...🩸


ඒ විතරක් ද ? 


🗡️පාතාල හැදුවා, හදපු අයවම මරල දැම්මා... හැම දේකදිම අන්තිමට මිනිස්සුන්ව මැරුවා... 

වතුර ඉල්ලන මිනිස්සු පවා මැරුවා...

ආයුධ පෙන්නලා මැරුවා... මරල හැංගුවා... හංගලා මැරුවා ....💥


💣නිරපරාදේ බෝම්බ ගැහුවා...

වැඳ වැඳ ඉන්න අහිංසක  මිනිස්සු මැරුවා.... 🩸

සංහාරයක් කරා...


අන්තිමට, මිනී ගොඩාක් උඩින් ඇවිදගෙන ඇවිත්, 

මහ පාරෙ වෙඩි තියල මනුස්සයෙක්ව මරල දැම්මා, කන්න ඉල්ලපු අහිංසකයෙක්ව...

උණ්ඩයකින් මැරුවා...🔫


*මේ මොකක්ද* ? 

කවුරු වෙනුවෙන් ද මේ ඔක්කොම මරන්නෙ? කවුද මරන්නෙ?  


👤කවුරු කරත්, 


අන්තිමට කවුද දිනන්නෙ ? 


ගිණි දණ්ඩ ඇතුළෙන් පේන්නෙ අපිවම නේද ඔය ඇස් වලට ? 👁️

අපිට අපිව අහිමි වුණා ට කමක් නැද්ද ? 



✒️සේ.කා..

වෙඩි වදිනු පිණිස...





Comments

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !