කුමටද නුඹ පළඳින තරු ?
*අපි සෙල්ලම් බඩුද*? 👀
කෝ අපිට අපි ?
අපිට අපි අහිමිද...?
**********************
🏴මායිම් ගම් කැති ගෑවී යද්දී, මොන දෙව් මැදුරෙද කළු කොඩි නැගුණේ....?
🏳️තිලකෙන් රතු ලේ ගලා හැලෙද්දී, කොයි පන්සලකද පැන් ටික වැඩුණේ....
ඔව්, ඒ ඉස්සර...
⚰️හැම දෙමළ ගමකටම මිනී පෙට්ටි ගියා.. හැම සිංහල ගමකටම මිනී පෙට්ටි ආවා... එතකොට කවුද යුද්ධෙ දින්නෙ?
කවුරු වෙනුවෙන් ද ඒ? අහිංසක තරුණ කොල්ලො කෙල්ලෝ දහස් ගණන් මැරුණා... මැරුවා....
දෙගොල්ලොම...ඔව් එහෙම වුණා...🤝🏻
🪦88/89 ක් තිබ්බා, අඳුරෙන් වැහුණ ...
හැටදාහක් වද දීල දීලා මැරුවා.
පොළොවක් ලෙයින් තෙත් වුණා ...🩸
ඒ විතරක් ද ?
🗡️පාතාල හැදුවා, හදපු අයවම මරල දැම්මා... හැම දේකදිම අන්තිමට මිනිස්සුන්ව මැරුවා...
වතුර ඉල්ලන මිනිස්සු පවා මැරුවා...
ආයුධ පෙන්නලා මැරුවා... මරල හැංගුවා... හංගලා මැරුවා ....💥
💣නිරපරාදේ බෝම්බ ගැහුවා...
වැඳ වැඳ ඉන්න අහිංසක මිනිස්සු මැරුවා.... 🩸
සංහාරයක් කරා...
අන්තිමට, මිනී ගොඩාක් උඩින් ඇවිදගෙන ඇවිත්,
මහ පාරෙ වෙඩි තියල මනුස්සයෙක්ව මරල දැම්මා, කන්න ඉල්ලපු අහිංසකයෙක්ව...
උණ්ඩයකින් මැරුවා...🔫
*මේ මොකක්ද* ?
කවුරු වෙනුවෙන් ද මේ ඔක්කොම මරන්නෙ? කවුද මරන්නෙ?
👤කවුරු කරත්,
අන්තිමට කවුද දිනන්නෙ ?
ගිණි දණ්ඩ ඇතුළෙන් පේන්නෙ අපිවම නේද ඔය ඇස් වලට ? 👁️
අපිට අපිව අහිමි වුණා ට කමක් නැද්ද ?
✒️සේ.කා..
වෙඩි වදිනු පිණිස...

🇱🇰❤️🔥
ReplyDelete🔥❤️
ReplyDelete