මුව මුක්තා ලතා...

 ලවන් මත දැනෙන, 

පෙම් මුවරදක පහස ඇති විටෙක, 

අමයුරු විළඳ පැණි මොකටද රාත්‍රිය කෙටි  වූ මොහොතක....



හිරු පායන්න එපා කියල හිත කියන වෙලාවක, 

බඹරිඳු තුඩට ඔබ රොන් දෙන සුයාමය,

මන්මත් නොවෙත් නම් ඒකමයි පුදුම...



සඳ කිණිති නවා, 

කඩුපුල් මත පිණි බිඳු ඉහිරෙද්දී, වළා පට අතරක ඉඳන් සඳ සිනාසෙන එළිය තවත් ලස්සනට පේන්නෙත් එහෙම වෙලාවක... 


නුරාගය තැවරුණු පාට නැති වුණත්, මල් පෙති වල, 

රැය නිවා සනහන, 

සේපාලිකා සුවඳක් මත හිඳ ,

අපි විඳිමු සැනසුමක රස..... 



ගයන්නේ , විශාරද එඩ්වඩ්  ජයකොඩි


Comments

Popular posts from this blog

If it's gone !.......

One day !

ලබ්බක් !