මුහුණක හිනාවක්...


කම්මුලේ ඇඟිලි පහ හිටල තිබුණ දවසක, 


දකින්නත් අකමැතිම බිත්තිය ළඟින් යද්දී,


මතක් වුණා,


ඇණ ගසා 

මිටියකින් 

රිදවලා බිත්තියට... 


දෑත් පටලා එකට, හිනාවෙන රූපයක් 

බිත්තියේ එල්ලුවට...


හදවතේ හිනා මලක්, කවමදාකවත් ජීවිතේ නොපිපුණ බව.....


මුහුණේ සිනාවක් යන්තමින් වත් ඇඳෙන්නට ඇත්තේ,


බිත්තියට රිදවන්න 

කලින් විය යුතුය .....



S.kavindya 

22/01/29



Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !