බිත්තියෙ ඉරක්...

නිදිවැරූ  ඝණඳුරක,

සඳ එළිය නැති රැයෙක, 

මදුරු අම්මෙක්,

ලේ උරා බොන්නට,

කියා දී තිබුණා දුවට... 


ඒ අතර, අත්තම්මා,

මට කියාදී තිබුණා,

අත්පොඩි ගසන අයුරු....


අමතක හින්දම එය මට, 


එදා ඒ රැයෙම, 

උගෙ තැබෑරුම මා වුණිද.... 


නැගිට මා බලන කළ,

ඇඳී තිබුණා,

බිත්තියේ රතු ඉරක්,

මදුරු තටුවක් සමඟ..


ඒ ඉර, 

මගෙ ලෙයද ? 

උගෙ ලෙයද.... 


S.kavindya ... 

2022/01/29


🩸( මතුපිටින් බැලිය හැක... 

ව්‍යංග්‍යයෙන් විඳිය හැක....)




Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !