මී විත... අමර සර

 සඳ හොරෙන් හොරෙන්.....



ඉපිද මැරෙන යළි ඉපදෙන ලෝකයක

 ඉන්න අපව , ඔහු 

පටු අදහස් පවුරෙන් මුදා ගත්තා....


මහලු නොවූ කොලොම්තොටක ඉඳලා , ඔහු,  මධුවන්තී ඔබ වෙත ගෙන ආවා....



මේ ලොව, යම්කිසිවෙකු පමණක් නෙවෙයි, මුලු ලොවක් ඔහුට පෙම් කළා..... 


ඒත් , අන්තිමට සන්නාලියන් වියපු සීත සලුව ගත දරාගෙන, අමයුරු අමරසර නිහඬ වුණා .... 


හැබැයි ,

සසර වසන තුරුම හෙළ රන් දෙරණෙහි ඒ අමරසය , අමරණීයයි... 


අදත්, හෙටත්, 

ඈත කඳුකරයේ හිමව් අරණක ඉඳලා,  එන සුළං රැල්ලේ පාව එන්නේ, 

ජන්ම භූමිය රත්න දීපයැකැයි කියූ,  ඔහුගේම නාමය නොවෙද.......


අතීතයේ ගිලිහී ගිය සුවඳ යළි රැගෙන වඩින්නට, 


ගයන්නේ, පද්ම ශ්‍රී පණ්ඩිත් , ආචාර්‍ය W.D අමරදේව සූරීන්....




Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !