මෙහෙව් රටේ රංචාගොඩ

 මෙහෙව් රටේ ගීතය.... 



"මෙහෙව් රටේ, 

රංචාගොඩ ඉපදීලා, 

රුහුණු රටට මා දීලා උලව්වේ, කහට පොතු කකා කට, හම යන්නාය...

හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ...."


ආලේ නැති වුණත් ඉතින් , 

දෙවියන් ගෙන්, වාහේ රැක දෙන්ට කියලා ඉල්ලන්නේ, රංචාගොඩ ළමයා විතරක් ම නෙමෙයි .... 


ඔබටත් හිතෙනවා ඇති, ආලෙ නම් කිම වෙද, වාහෙ මහ මෙරක් නිසා කියලා..... 


කොහොම නමුත් අප්‍රදාන මානව චර්‍යා ප්‍රවාහයකට ගැතිවූ ගති සොබාවන් ඉරිතලා බිඳ වැටෙන , ඇතුළු හදෙහි කම්පනය ,

ගලා යන කාලය තුළ විදාරණය කරන්නට ත් ඉතින්, 

අහිමි වූ ආලයත් හේතු වෙනවා ඇති..... 


සමහර වෙලාවට,

කදුළැල් එක්කම , 

මිනිස්සු කියනවා, සී පද,.... 

ඒවා දුකට කියන කවි සීපද .... 

එතකොට නම් , ඉතින්, දුර ඈතක පෙනෙන නොපෙනෙන දේත්, කවියට එකතු වෙනව..... 

හදේ දුකටත් එක්කම....

හැබැයි ඒ කවි සුවඳයි...... 


ලියන කවියයි , හිතන කවියයි, දෙකක්...නමුත් ,

ඔබත් මමත් හිතන්නේ, 

කලු වැහි කලුව ඇරිලා, කල හොඳ වී, රන් සඳ , නිල් අහසෙ හෙට පායයි කියලා....

කොහොම නමුත් අපිත් බලා ඉන්නෙ, අලුත් හෙටක් එනතුරු.....


ඔබටත් රස දැනෙනවා ඇති, ඒ සුවඳ කැවුණු වචන වල........



ගයන්නේ, නිරෝෂා විරාජිනී, ස්ටැන්ලි පීරිස් සංගීතයට.....




Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !