යාය 01 Get link Facebook X Pinterest Email Other Apps - January 14, 2024 මම මා වී,ඔබ ඔබ වූ කලෙක , ලෝකයම එකම යායක් වන්නේ කෙසේද ? ඉතින් එබැවින් මා ඔබ වෙමි.....ඔබ මා වෙනවද ? අපි අප වූ දිනෙක ,ආපසු වරක් ලෝකය එකම යායක්.....එය හරියට අපි ඉන්නා යාය 01 වගේම වෙයි නේද?...... Get link Facebook X Pinterest Email Other Apps Comments
If it's gone !....... - November 04, 2025 සරා ගිය සිත් අහසක පුරා ඇඳි සිතුවම නුඹ දරා ගෙන මං මාව ම සොයමි තවමත් නුඹවම.......... එදා දවසක හමුවුණ පමා වී ආ සෙනෙහස සදා සුසුමක ලියවුණ මෙමා කවියකි මියැදුණ............ අමා සුවයක රසඳුන අමාවක සඳවත නුඹ පතා සසරේ ඔබවම ඉතින් යන්නට අවසර....................... ✒️ Semini Danthanarayana 25/11/4 00:54 # If it's gone, It's also love ! ❣️ Treasure it forever...... Read more
One day ! - July 31, 2025 මං මේ කතා කරන්නෙ කාටවත් නෙමෙ. මම මේ නිකන් ඔහේ ලියන්නෙ.....ඒ නිසා මේකෙ කිසිම ආමන්ත්රණයක් නෑ...... මෙහෙම ලිව්ව ඒව අනන්තයි මගෙ ළඟ..... ඔන්න ඉතින් , පෙරේදා ත් පාඩම් කරල, මගෙ වැඩ කරලා නිදා ගන්න කොට 12 යි. ඊයෙත් පාන්දරම යන්න වුණා. උදේ අපෙ meeting campus එකෙ 7.30. ඒ නිසා ගෙදරින් ගියෙ 6.30. ඊටපස්සෙ දවසෙම lectures . ඊයෙ ගෙදර ආවෙ හවස 5 / 5.10 ට මට මතක හැටියට..... ඊටපස්සෙ හැමදාම මහන්සි යනකල් මම වාඩිවෙලා ඉන්න තැනම ටිකක් වැතිරුණා...... ඊටපස්සෙ SLBC එකෙ වැඩ වගයක් තිබ්බ ඒ ටික කරා. ඊටපස්සෙ අම්මා ආවා...... අම්මට හොදටම උණ. උණ කියන්නෙ සහලෝල උණ.....පණ නෑ ඇබිංදක්වත්...... ඊටපස්සෙ අම්මට කිරි හදල දීලා, මගෙ කිරි එකත් නිවෙන්න තියලා දඩි බිඩියෙ වැඩ පටාන් ගත්තා....... අපි බේත් ගන්න අපෙ rukmalgama ඩොක්ට uncle ඊයෙ නෑ. ගෙදර rapadine ඉවර වෙලා. Ammata උණ හොදටම නිසා Rapadine බොන්න ඕනෙ. පෙනඩෝල් මදි. මම අර මගෙ වැඩෙ ඉවර වෙලා 6. 44 ට ගියා කඩේට. හංදියෙ ෆාමසි. විනාඩි දෙකෙන් ගෙදර ආවා...... එතකොට අම්මා දොයි.... ඔෆිස් එකෙන් එනකොට අම්ම පෙනඩෝල් බීලා. ඒ නිසා ආයෙ බොන්න තිබ්බෙ රෑ 10 ... Read more
ලබ්බක් ! - August 12, 2023 කර්ණිකා කෝශිකා මහ ශිරා ධමනි කිරීටක කපාට ලේ මස් නහර.... මේ ඔක්කොම බොරුද කොහෙද... සද්දයක් ඇහෙනවද මල් පෙත්තකට රිදුණම?........ ලබ් ඩබ් ! නෙමෙයි ලබ්බක් තමයි හදවත... 🫀 හදවතේ හරිම තැන, ලෙයක් කිරි දොවන තැන, වේදනා දැනෙන තැන, හොයාගෙන නැහැ කවුරුවත් තව......! ලබ්ඩබ් ! ලබ් ඩබ් නෙමෙයි, ලබ්බක් තමයි හදවත......🫀 23 / 08 / 13 ... Read more
Comments
Post a Comment
Comments ?